- බ්‍රසීලයේදී කුඩා ගුවන් යානයක් කඩා වැටෙයි
- නුවරඑළියට මල්තුහීන
- රොටුඹ උපාලිගෙන් ප්‍රශ්න කිරීමට දින 7ක රැඳවුම් නියෝග ගනී
- වැසි රහිත කාලගුණ තත්ත්වයක්
- පොලිසියේ ඉහළ තනතුරු කිහිපයකට ස්ථාන මාරු
- පළාත් පාලන කාර්ය මණ්ඩල සමාලෝචන වාර්තාව 31 වැනිදා
- USAID කාර්ය මණ්ඩලයට නිවාඩු ලබා දීමේ ට්‍රම්ප්ගේ තීරණයට තහනමක්
- දස දෙනෙකු සමග ඇලෙස්කාවේ ගුවන් යානයක් අතුරුදන්
Author: accioAdmin
පොල්පිතිගම අලුත් වැවේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කිරිබමුණේගම පොල්පිතිගම ප්‍රදේශයේ පදිංචිව සිටි 37 හැවිරිදි පුද්ගලයෙක්. පොලීස් විමර්ශනවලදී හෙළි වී ඇත්තේ මෙම පුද්ගලයා වැව අසල තිබූ කුඹුක් ගසකට නැඟ එහි අත්තක් මත සිට වැවට පැනීමේ දී මෙලෙස දියේ ගිලී ඇති බවයි. පොල්පිතිගම පොලීසිය සිද්දිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.
ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් යළිත් අවසර ලබා දී තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කලේ මාස 06ත් අවුරුදු 03ත් අතර වයස්වල දරුවන් වෙනුවෙන් යළි ත්‍රිපෝෂ නිෂ්පාදනයට කොන්දේසි සහිතව අවසර දෙන බවයි. ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසද හමුවේදී අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කලා. ත්‍රිපෝෂවල නියමිත ප්‍රමාණය ඉක්මවා ඇෆ්ලටෝක්සින් ප්‍රමාණය අධික වීම හේතුවෙන් වයස මාස 06 ත් අවුරුදු 3ත් අතර දරුවන්ට ලබා දෙන ත්‍රිපෝෂ නිෂ්පාදනය තාවකාලිකව නවතා දැමීමටයි කටයුතු කර තිබුනේ. ඒ එම වයස් කාණ්ඩයේ දරුවන්ට ලබා දෙන ත්‍රිපෝෂ වල ඇෆ්ලටෝක්සින් අගය 1කට වඩා අඩුවිය යුතු වුවත් එම අගය ඉක්මවා ගොස් තිබීම හේතුවෙන් එම…
දිස්ත්‍රික්ක 07කට පනවා තිබූ නායයෑම් අනතුරු ඇඟවීම් තව දුරටත් දීර්ඝ කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ ඉදිරි පැය 24 දක්වා එය බලාත්මක බවයි. ඒ අනුව කොළඹ, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා මෙම අනතුරු ඇඟවීම් බලපැවැත්වෙනු ඇති.
මෙරට ගම්මිරිස් අස්වැන්න මෙට්‍රික් ටොන් 30,000 සීමාව ඉක්මවා ගොස් ඇතැයි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. 2019න් පසු මෙරට ගම්මිරිස් වගාවේ ඉහළම අස්වැන්න වාර්තා වී ඇත්තේ 2023 වර්ෂයේදීයි . ගම්මිරිස් වගාව සඳහා නව තාක්ෂණය හඳුන්වාදීම, සහනාධාර ලබාදීම මෙන්ම පසුගිය වර්ෂයේ පැවැති වියළි කාලගුණික තත්ත්වයෙන් පසුව ඇති වූ දීර්ඝ වැසි සහිත කාලගුණික තත්ත්වය මෙලෙස අස්වැන්න ඉහල යාමට බලපා ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කලේ. දල වශයෙන් මෙරට වාර්ෂික ගම්මිරිස් අස්වැන්න මෙට්‍රික් ටොන් 23,000ක් වනවා.
තේ වතු නිසි පරිදි නඩත්තු කිරීමට පියවර නොගන්නා වැවිලි සමාගම්වල ගිවිසුම් කාලය අවසන් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ශ්‍රී ලංකා තේ මණ්ඩලයට උපදෙස් ලබා දී තිබෙනවා. රජයට අයත් තේ වතු කළමනාකරණය පුද්ගලික අංශයේ වැවිලි සමාගම්වලට බදු පදනම යටතේ පවරා දී තිබෙනවා. නමුත් බොහෝ වැවිලි සමාගම් තමන් විසින් බාර ගත් තේ වතු නිසි පරිදි නඩත්තු නොකරන බවයි වාර්තා වී ඇත්තේ. විශේෂයෙන් රජය විසින් තේ වගාවන් සඳහා තේ පොහොර යෙදීම අනිවාර්ය කර ඇති අතර ඒ සඳහා සහනාධාර පදනම යටතේ තේ පොහොර ලබා දීමට ද පියවර ගෙන තිබෙනවා. එමෙන්ම තේ වතුවල ඇති පැළ පුරප්පාඩු සිටුවීමට ද පියවර ගන්නා ලෙස දැනුම් දී…
රුසියානු – යුක්‍රේන යුද්ධයට සම්බන්ධ වී සිටින විශ්‍රාමික ශ්‍රී ලාංකික හමුදා සෙබළුන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙරට නියෝජිතයින් පිරිසක් රුසියාවේ සංචාරය නිරත වීමට නියමිතයි. විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය මහතා සඳහන් කලේ එම ධුත පිරිස ජුනි මස පළමු සතියේදී එම සංචාරයේ නිරත වන බවයි. රුසියානු – යුක්‍රේන යුද්ධයට සම්බන්ධ වී සිටින විශ්‍රාමික ශ්‍රී ලාංකික හමුදා සෙබළු සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට ආරක්ෂක අමාත්‍යංශය විසින් පසුගියදා විශේෂ දුරකථන අංකයක් ද හඳුන්වා දෙනු ලැබුවා. අමත්‍යවරයා සඳහන් කලේ එම අංකයට මේ දක්වා පැමිණිලි 455ක් ලැබී ඇති බවයි. මේ දක්වා ලැබී ඇති තොරතුරු අනුව ශ්‍රී ලාංකිකයින් 16 දෙනෙක් අතුරුදන්වී ඇති බවත් ශ්‍රී ලාංකිකයින් 26…
ජනාධිපතිවරණය නියමිත දිනට පවත්වන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය පවත්වන බවට මැතිවරණ කොමිෂන් සභාවද ප්‍රකාශ කර ඇති බවයි. එබැවින් කිසිඳු බාධාවකින් තොරව සැප්තැම්බර් සහ ඔක්තෝබර් යන මාස දෙක අතර මැතිවරණය පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කලේ.
ජනාධිපතිවරණය කල් දැමීමට උත්සහ කළහොත් ඊට විරුද්ධව ජනතාව පෙළගස්වා, අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසනවා. පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් කැමැත්ත ප්‍රකාශ කලද ජනාධිපතිවරණය කල් දැමීම කිසිවෙකුට කළ නොහැකි බවයි ඒ මහතා සඳහන් කලේ. මහජන පරමාධිපත්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඍජුව ආරක්ෂා කර ඇති බවත් එය විනාශ කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බවයි ඒ මහතා සඳහන් කලේ.
ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ නිෂ්පාදිත පළමු කඩදාසි තොගය බංගලාදේශයට අපනයනය කර තිබෙනවා. මෙට්‍රික් ටොන් පනහකින් යුතු මෙම කඩදාසි තොගය කාර්මික කඩදාසි වලින් යුතු බව සඳහන්. . අපනයනය කළ කඩදාසි තොගයේ වටිනාකම ඩොලර් 20000ක් පමණ බවයි ‘අනුනයින්’ සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්‍ෂ නලින් ඇන්තනී මහතා පැවසුවේ. දශක දෙකකට වැඩි කාලයක් වසා දමා තිබු ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ නිෂ්පාදන කටයුතු පසුගිය අප්‍රේල් 18දා ආරම්භ කරනු ලැබුවා.
කොළඹ වරායේ නැංගුරම්ලා තිබිය දී ඉන්ධන කාන්දුවක් සිදුවූ නෞකාව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය යටතට ගෙන ඇතැයි වාර්තාවනවා. අදාළ නෞකාවෙන් සිදුවූ ඉන්ධන කාන්දුව සම්බන්ධයෙන් එම නෞකාව අයත් සමාගමට සහ රක්ෂණ සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවද සඳහන්. එමෙන්ම සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරි පනත යටතේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් වන්දි මුදලක් ලබාගැනීමට කටයුතු කරමින් සිටින බවයි එම අධිකාරියේ ප්‍රකාශකයකු සඳහන් කලේ. අලුත්වැඩියා කටයුත්තක් සඳහා පසුගියදා කොළඹ වරායට පැමිණි ඉන්දීය සමාගමකට අයත් අදාල නෞකාව මගින් ඉන්ධන කාන්දුවක් සිදුවන බවට තොරුතුරු වාර්තා වී තිබුනා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222