- ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව
- පොලිස් වෙස් ගත් සැකකරුකේ අත්අඩංගුවට
- පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට පස්වරු 2න් පසු වැසි
- කාසල්රී ජලාශ රක්ෂිතයේ ගින්නක්
- ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්
- බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි
- ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි
Author: accioAdmin
වාහන ආනයනය සඳහා පනවා ඇති සීමා ලිහිල් කිරීමේදී විදුලි හා දෙමුහුන් වාහන ගෙන්වීම සඳහා ප්‍රමුඛතාවය හිමිවුණු ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා. ඒ පිළිබඳව දැනටමත් සාකච්ඡා සිදුවෙමින් ඇති බවත් නිල වශයෙන් රජය මේ පිළිබඳව නිවේදනය කරනු ඇති බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරන්නේ. දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පැවති උත්සවයකට අවස්ථාවකට සහභාගි වෙමින් ඒ මහතා මේ බව සඳහන් කලා.
පළාත් පාලන ආයතනවල ස්ථිර නොකළ සියලු සේවකයින් ඉක්මණින් රජයේ ස්ථිර සේවකයින් බවට පත්කරන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා. පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදු කරමින් ඒ මහතා මේ බව සඳහන් කලා. එහිදී අමාත්‍යවරයා සඳහන් කලේ ලබන 15 වනදාට පෙර ඒ පිලිබඳ අවශ්‍ය ලේකන සකස් කර අවසන් කරන ලෙස පළාත් පාලන කොමසාරිස්වරුන්ට දැනුම් දී ඇති බවයි.
කොළඹ සහ තවත් ප්‍රදේශ රැසක ජල සැපයුමට බාධා එල්ල වී තිබෙනවා. ඒ කලටුවාව ජල පවිත්‍රාගාරයේ සිට දිවෙන ප්‍රධාන ජල නල සැපයුම් මාර්ගයක කොටසක් ගංවතුර තත්වය මත ගැල වී යාම හේතුවෙන්. මේ අතර ඇතැම් ප්‍රදේශ වල ජනතාව චෝදනා කළේ, නල මාර්ග ඔස්සේ අපිරිසිදු ජලය ලැබෙන බවයි. ජල සම්පදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ ගලගෙදර, පාදුක්ක, ගොඩගම, හෝමාගම, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තෙගොඩ, මහරගම, බොරලැස්ගමුව සහ පැපිලියාන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය ලැබෙනු ඇති බවයි.
සියලුම පළාත්වල මෝටර් රථවල ආදායම් බලපත්‍ර දකුණු පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සහ එම පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ලබා ගැනීමේ අවස්තාව සලසා දී තිබෙනවා. කුණු පළාත් ලේකම් සුමිත් අලහකෝන් මහතා සඳහන් කලේ බස්නාහිර පළාතේ ලියාපදිංචි මෝටර් රථ වල ආදායම් බලපත්‍ර දකුණු පලාතෙන් ලබා ගත නොහැකි බවයි. ඒ අනුව සෙසු පළාත් 8හි අදායම් බලපත්‍ර නිකුත් කිරීම ඊයේ සිට ක්‍රියාත්මකයි. කෙසේවෙතත් වෙනත් පළාතක ආදායම් බලපත්‍රයක් දකුණු පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සහ එම පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ලබා ගැනීමේ දී ඒ වෙනුවෙන් රුපියල් 100 ක අමතර මුදලක් අයකරන බවයි අලහකෝන් මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
යාපනය චාවකච්චේරි ප්‍රෙද්ශයේ වයස අවුරුදු 06 ක කුඩා දරුවෙකු ගෙවත්තේ වූ ළිඳට ඇදවැටී මියගොස් තිබෙනවා. චාවකච්චේරි පොලිසිය සදහන් කරන්නේ දරුවාගේ මවුපියන් නිවසේ නොමැති අවස්ථාවේ ළිදෙන් ජලය ඇදීමට උත්සහ කිරීමේදී දරුවා මෙම අනතුරට මුහුණ පා ඇති බවයි. අනතුර සම්බන්ධයෙන් චාවකච්චේරි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.
ගංවතුරේ විනෝද වීමට ගිය පිරිසක් ගමන් ගත් බෝට්ටුවක් අධි බලැති විදුලි රැහැනක ගැටී 20 දෙනකුට විදුලි සැර වැදී ඇති අතර ඉන් එක් අයකු මියගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ බුලත්සිංහල දිවලකඩ ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙක්. ඔහු තවත් මිතුරන් පිරිසක් සමග ඊයේ පස්වරුවේ ගංවතුර සිරි නැරඹීමට බෝට්ටුවකින් ගමන් කර ඇති අතර එහිදී මෙම අනතුරට මුහුණ පා තිබෙනවා. කණ්ඩායම ගමන් කළ බෝට්ටුව මියගිය තරුණයා විසින් පදවා ඇති අතර ඔහු රැගෙන ගිය ආධාරක කෝටුවක් ඉහළට ඔසවාගෙන ගමන් කිරීමේදී ඉහළින් තිබූ අධිසැර විදුලි කම්බියක ගැටීමෙන් එම තරුණයා ගංවතුරට ඇද වැටි ඇති බවයි පොලිසිය සඳහන් කලේ., බෝට්ටුව තුළ සිටි පිරිසටද විදුලි සැර වැදී බෝට්ටුව තුළම වැටී…
පානදුර ප්‍රධාන බස් නැවතුම ආසන්නයේ සිදුවූ බස් රථ අනතුරක් හේතුවෙන් එක පුද්ගලයෙක් මියගොස් තවත් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පෞද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් අද උදැසන මෙම අනතුර සිදුව ඇති බව සඳහන්. මියගිය පුද්ගලයා ලංගම බස් රථයේ ගමන් ගත් පුද්ගලයෙක් වන අතර, ඔහු පානදුර ඩිපෝවට අනියුක්තව සේවය කරන බස් කොන්දොස්තරවරක් බවයි වාර්තා වුණේ. මියගිය පුද්ගලයා අක්කරපත්තුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35ක පුද්ගලයෙක්. අනතුරින් පසු පෞද්ගලික බස් රථයේ රියැදුරු එම ස්ථානයෙන් පළාගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පානදුර දකුණ පොලිසිය විමර්ශන ආරම්භකර තිබෙනවා
යාපනය, කයිට්ස්, සින්නමඩම ප්‍රදේශයේ අනාරක්ෂිත වතුර වළක තිබී එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 11ක සහ අවුරුදු 05ක දැරියන දෙදෙනෙකු බවයි කයිට්ස් පොලිසිය සඳහන් කලේ. අදාළ දැරියන් දෙදෙනා ඊයේ පස්වරුවේ පා පැදියක නැඟී අසළ පිහිටි වෙළඳසැලකට ගොස් තිබෙනවා. කෙසේවෙතත් ඔවුන් යලි නිවසර නොපැමිණීම හේතුවෙන් සිදුකළ සොයා බැලීමේ දී මෙම මළ සිරුරු වතුර වළේ තිබී සොයාගෙන ඇති බව සඳහන්.
අස්වැසුම සඳහා මෙතෙක් ඉල්ලුම් කිරීමට නොහැකි වු අයට ඒ වෙනුවෙන් තවමත් අවස්ථාව පවතින බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. එප්පාවල පොස්පේට් සමාගමේ නිරීක්ෂණ චාරිකාවට එක්වෙමින් අමාත්‍යවරය මෙම අදහස් පල කළා. පොස්පේට් ආයතනයේ නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳවද මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයාගේ අවධානයට ලක්වුනා. එමෙන්ම අලෙවිය හා ආයතනයේ වත්මන් තත්ත්වය පිළිබඳව ද අමාත්‍යවරයා නිලධාරීන් සමඟ සාකච්ඡා කර තිබෙනවා.
සිව් දින නිල සංචාරයක් සඳහා මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය මූසා සමීර් මෙරටට පැමිණීමට නියමිතයි. විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කලේ ලබන 03 වනදා සිට 06 වනදා දක්වා එම සංචාරය සිදුවනු ඇති බවයි. මෙම සංචාරයේදී මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍යවරයා, ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















