- ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව
- පොලිස් වෙස් ගත් සැකකරුකේ අත්අඩංගුවට
- පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට පස්වරු 2න් පසු වැසි
- කාසල්රී ජලාශ රක්ෂිතයේ ගින්නක්
- ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්
- බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි
- ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි
Author: accioAdmin
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලේ සුළු අඩු වීමක් සිදුව තිබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 79.62ක් ලෙසයි සටහන්ව ඇත්තේ. එය 0.31%ක අඩු වීමක් බව සඳහන්. එමෙන්ම ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල ඩොලර් 75.53ක් ලෙස සටහන් වූ අතර එහි අඩුවීම දැක්වුණේ 0.3%ක් ලෙසයි.
දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇති විය හැකි බවයි කාර්ය නියුතු කාලගුණ විද්‍යාඥය මලිත් ප්‍රනාන්දු මහතා සඳහන් කලේ. එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි.
මෙරට ත්‍රිවිධ හමුදා රාජකාරියේ නියුතු මුස්ලිම් සාමාජිකයින්ට හජ් වන්දනාව සඳහා නොමිලේ අවස්ථාව සලසා දීමට සෞදි අරාබි රජය පියවර ගෙන තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ විශේෂ ඉල්ලීමකට අනුව මෙරට සෞදි අරාබි තානාපති, කලිඩ් හමඩ් අල්කතානි මහතාගේ මැදිහත්වීමෙන් මෙම අවස්ථාව හිමිව ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ, රාජ්‍ය අමාත්‍යවරයා කළ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් සෞදි අරාබි තානාපතිවරයා එරට රජයේ අනුග්‍රහය ඇතිව වාර්ෂික හජ් වන්දනාව සඳහා විශේෂ අවස්ථා පහක් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබෙනවා. මේ අතර, හජ්ජි උත්සවය 17 වැනි සඳුදා සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කලා.
කොළඹ, ගම්පහ, කලුතර, මහනුවර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ මෙම මස ගත වූ දින 5 තුළ පමණක් අදාළ දිස්ත්‍රික්ක තුළින් රෝගීන් 497 දෙනෙකු වාර්තා වී ඇති බවයි . එමෙන්ම ජනවාරි මාසයේ සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 25,417 දෙනෙකු වාර්තා වී ඇති අතර සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 9 ක්. මේ අනුව පවතින තත්ත්වය සළකා බලා දුමායන කටයුතු සහ පිරිසිදු කිරීමේ කටයුතු අඛණ්ඩව සිදු කරන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය තුන්වැනි ධුර කාලය සඳහා දිවුරුම් දීම ජුනි 9 වනදා පැවැත්වීමට නියමිතයි. ඒ අනුව අගමැති මෝදිගේ දිවුරුම් දීමේ උත්සවය රාෂ්ට්‍රපති භවන්හිදී ජූනි 9 වැනිදා සවස 6.00ට පැවැත් වීමට නියමිත බවයි එරට මාධ්‍ය පවසන්නේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය තුන්වැනි ධුර කාලය සඳහා දිවුරුම් දීම 8 වනදා සිදු කිරීමට නියමිතව තිබුනද පසුව එය 9 වනදා දක්වා කල් දමා තිබෙනවා.
නාවලපිටිය කුරුදුවත්ත ගල්පාය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික තේ කර්මාන්ත ශාලාවක් ගින්නක් හටගෙන තිබෙනවා. තේ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු සිදු කරමින් සිටින අවස්තාවේ අදාල ගින්න හටගෙන ඇති බව සඳහන්. පහල මහලින් ගින්න හටගෙන තුන්වන මහල දක්වාම පැතිර ගොස් ඇති අතර තේ කර්මාන්ත ශාලාව සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇති බවයි පොලිසිය සඳහන් කලේ. ගින්න හටගත් අවස්තාවේ තේ කර්මාන්ත ශාලාව තුල කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙකු සහ කම්කරු පිරිසක් සේවය කරමින් සිට ඇති අතර , ගින්නෙන් කිසිවෙකුට අනතුරක් සිදු වි නොමැති බවයි පොලිසිය ප්‍රකාශ කලේ.
වී නිෂ්පාදනය ප්‍රමුඛ කර ගනිමින් තරගකාරී අපනයන වෙළෙඳපොළ ජය ගත හැකි නිෂ්පාදන කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව 2030 වන විට නවීන තාක්ෂණය භාවිතා කරමින් තරගකාරී කෘෂිකර්මාන්තය කරා ගමන් කළ යුතු බවයි. ජනාධිපති කාර්යාලයේදී ඊයේ පස්වරුවේ පැවති කෘෂිකර්ම නවීකරණ වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙම අදහස් පල කලා. එසේ නොවුනහොත් අනාගතය ජයගත නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අපනයන වෙළඳපොල තුළ තරගකාරීත්වයට මුහුණ දිය නොහැකි නිෂ්පාදන අත්හැරීම වඩාත් සුදුසු බවයි සඳහන් කර සිටියේ.
කොළඹ මහනුවර මාර්ගය පහළ කඩුගන්නාවෙන් හෙට උදෑසන 10 සිට සවස 7 දක්වා විටින් විට වසා තැබීමට පියවර ගෙන තිබෙනවා. කෑගල්ල දිස්ත්‍රික් ලේකම් චන්දන ජයසිංහ මහතා සඳහන් කලේ මාර්ගයේ ඇති අනාරක්ෂිත ගස් සහ කලුගල් ඉවත් කිරීමේ කටයුතු සිදු කෙරෙන බැවින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි. මේ හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගන්නා සියලු රියදුරන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි දැනුම් දෙනු ලබන්නේ
මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂක වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වුවහොත් ඔහුට සහාය දැක්වීම පිළිබඳව පක්ෂය තුළ කිසිදු විරෝධයක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා පවසනවා. කෙසේ වෙතත් ඉදිරි ජනාධිපතිවරණයේදී කරන්නේ කුමක්දැයි පිළිබඳව පක්ෂය තවමත් අවසාන තීරණයකට පැමිණ නොමැති බවයි ඒ මහතා සඳහන් කලේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ ඊයේ පැවතී මාධ්‍ය හමුවකට එක වෙමින් එම පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා මේ බව සඳහන් කළා. එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට සියලුම ප්‍රශ්න අවසන් කරගෙන ඇති බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කාර ධුරයට එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පත් කර තිබෙනවා. .ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව හා දේශපාලන මණ්ඩලය අද පෙරවරුවේ රැස්වූ අවස්තාවෙදියි මෙම තීරණය ගෙන ඇත්තේ. එම හමුව පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම පාරේ පිහිටි නිල නිවසේ දී යි පැවැත්වුනේ. මින් පෙර එම පක්ෂයේ පරිපාලන ධූරාවලිය තුළ ‘ජාතික කැඳවුම්කරු’ යනුවෙන් තනතුරක් ප්‍රකාශයට පත්ව තිබුනේ නැහැ .
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222














