- මනුශ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
- එක්ස්ප්‍රස් පර්ල් පෙත්සම් විභාගය ලබන සිකුරාදා දක්වා කල්යයි
- ශ්‍රී ලංකාවේ ගැටලු විසඳීමට එක්සත් ජාතින්ගේ සංවිධානයේ සහාය
- කොටස් වෙළදපොලේ අද දැවැන්ත කොටස් පහළ යාමක්
- ඉමාමි වාර්තා පිළි නොගන්නා බව සිරිල් ගාමිණී පියතුමන් කියයි
- ජනවාරි මාසයේදී සංචාරකයින්ගේ පැමිණීම ඉතිහාසගත වෙයි
- අමෙරිකානු තානාපති කාර්යාලය විසින් වීසා ඉල්ලුම් කරන අපේක්ෂකයින් සදහා විශේෂ දැනුම් දීමක්
- සුජීවට රු. මිලියන 250ක වන්දියක් ගෙවන්නැයි සී.බී ට නියෝගයක්
Author: accioAdmin
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඇතුළු ප්‍රතිදේහ එන්නත් මෙරට රෝහල් පද්ධතිය තුළ බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කළ නඩුව ඊයේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබුවා. එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ හිටපු සවුඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල මහතා ඇතුළු සැකකරුවන් සිව් දෙනා එළඹෙන 29 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කර න ලෙසයි. කෙසේවෙතත් විත්තියේ නීතිඥවරුන් අධිකරණයට දැනුම් දුන්නේ සිය සේවාදායකයින් දරුණු මානසික රෝග, හෘද රෝග, පිළිකා රෝග, සහ කායික රෝග තත්ත්වයන්ගෙන් පසුවන බවයි. එබැවින් ඊට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර හැකි ඉක්මනින් ලබා දිය යුතු බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ. ඒ අනුව ඊට අදාළ ඉල්ලිම් මෝසමක් හරහා දැනුම් දෙන ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කර…
එළැඹෙන ජනාධිපතිවරණයේදී දෙමළ පොදු අපේක්ෂක පි.අරියනේන්දිරන් මහතා වෙත සහයෝගය ලබාදීමට තමන් තීරණය කළ බව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රීධරන් මහතා ප.වසනවා, ශ්‍රීධරන් මහතා පැවසූවේ යාපනයේදී අරියනේන්දිරන් මහතා හමුවි සිය සහයෝගය ලබාදෙන බව ඒ මහතාට දැන්වු බවයි. ඉලංගෙය තමිල් අරසු කච්චි පක්ෂයේ මධ්‍යම කාරක සභාව එළැඹෙන ජනාධිපතිවරණයේදී සහයෝගය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති අවස්ථාවක,ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නියෝජිත ශ්‍රීධරන් මහතා ගෙන ඇති මෙම තීරණය ගැටළු සහගත තත්වයක් වනු ඇති බවයි පක්ෂ නියෝජිතයින් පවසන්නේ.
ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ ඖෂධ නිෂ්පාදන කම්හලක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 16 දෙනෙකු මිය ගොස් 30 දෙනෙක් තුවාල ලබා තිබෙනවා. එම කම්හලේ දිවා ආහාර විවේකයේදී මෙම පිපිරීම සිදු ව ඇති බවයි බවයි විදෙස මාධ්‍ය වාර්තා කරන්නේ. ගලවා ගැනීමේ මෙහෙයුම් මේ වනවිටත් සිදුවෙමින් පවතින අතර, කම්හලෙන් පිටවන අධික දුමාරය හේතුවෙන් කඩිනම් මෙහෙයුම් සිදු කිරීමට දුෂ්කර වී ඇති බව සඳහන්. පිපිරීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම කල් දැමීමට එරෙහිව ගොනු කළ තිබූ පෙත්සම්වල තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මළල්ගොඩ, ගාමිණි අමරසේකර, මුර්දු ප්‍රනාන්දු සහ යසන්ත කෝදාගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙහි තීන්දුව ප්‍රකාශ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. 2023 වර්ෂයේ මාර්තු 09 වන දින පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීමට එරෙහිව සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ගොනු කර තිබූ පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයන් ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.
සෞඛ්‍ය අංශ වෘත්තීය සමිති සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් අද පැවැත්වීමට නියමිත විරෝධතාවක් සම්බන්ධයෙන් මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා. මරදාන පොලීසියේ ස්ථානාධිපතිවරයා කළ ඉල්ලීමක් අනුව එම නියෝගය නිකුත් කර ඇති බව සඳහන්. අද පෙරවරු 10.00 සිට රාත්‍රී 09.00 දක්වා ජනතාව අපහසුතාවට පත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇතුළුවීම සහ විරෝධතා පාගමන් පැවැත්වීම වළක්වමින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කලේ.
මේ මාසයේ පළමු දින 14 තුළ සිදුවූ මාරක රිය අනතුරු වලින් පුද්ගලයන් 71 දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. එම කාලය තුල මාරක රිය අනතුරු 65ක් සිදුව ඇති බවයි පොලිසිය ප්‍රකාශ කලේ. වසරේ ගෙවුණු කාලය තුළ රිය අනතුරු දහතුන්දහස් පන්සිය හැත්තෑ දෙකක් සිදු ඇති අතර ඉන් එක්දහස් තුන්සිය දාසයක් මාර්ග රිය අනතුරු බව සඳහන්.
ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීම සඳහා සමගි ජන බලවේගයේ තවත් පිරිසක් එක් ව තිබෙනවා.. යාපන දිස්ත්‍රික් සංවිධායක වික්ටර් ස්ටැන්ලි, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ප්‍රචාරක ලේකම් යූ. එල්. එම්. එන්. මුබීන් සහ ටෙලෝ සංවිධානයේ නායක පරරාජසිංහම් උදයරාසා යන මහත්වරුයි මෙලෙස ජනාධිපතිවරයාට සහය දැක්වීම සඳහා එක්ව ඇත්තේ. මේ අතර ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් අතරින් මෙරට අනාගතය බාර ගැනීමට සුදුසුම අපේක්ෂකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව හිටපු අමාත්‍ය එස්. බී නාවින්න මහතා පවසනවා. ඒ අනුව තමන්ද වත්මන් ජනාධිපතිවරයාට සහාය දක්වන බවයි ඒ මහතා සඳහන් කලේ.
තණමල්විල ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන පාසල් සිසුවියක් සමූහ දූෂණය කිරිමේ සිද්ධියට සම්බන්ධ සැකකාර පාසල් සිසුන් 17 දෙනා සහ අධාර අනුබල දුන් කාන්තාව යලිත් වරක් අද වැල්ලවාය මහේස්ත්‍රාත් අදිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. එම නඩු කටයුත්ත විභාග වන අද දින වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට දැරියට සාධාරණයක් ඉල්ලා නිහඬ විරෝධතාවයක් ද පැවැත් වීමට නියමිත බවයි වාර්තාවන්නේ. එම නිහඬ විරෝධය ප්‍රදේශයේ කාන්තා සංවිධාන රැසක් එක්ව සංවිධානය කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කලේ.
මීළඟ පාර්ලිමේන්තුවේ පළමු වසර තුළදීම විධායක ජනපති ක්‍රමය අහෝසි කරන බවට ස්ථිර ලෙසම හා විවෘතව පොරොන්දු වන ලෙසට සියලු අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටින බව ප්‍රකට නීතිවේදීන්, විද්වතුන් හා වෘත්තිකයන් විසින් ලිඛිත ආයාචනයක් සිදුකර තිබෙනවා. එම ප්‍රකාශයේ දක්වා ඇත්තේ මෙම විධායක ජනපති ක්‍රමය ඒකාධිපති ක්‍රමයක් කරා ගමන් කරමින් තිබෙන බව මෑතකාලීන අත්දැකීම් මගින් පැහැදිලි වන බවයි. ජනාධිපති නීතිඥ ජෙෆ්රි අලගරත්නම්, ආචාර්ය රාධිකා කුමාරස්වාමි, ආචාර්ය තාරා ද මෙල්, ආචාර්ය ඒ.එම්. නවරත්න බණ්ඩාර, බිෂොප් දුලිප් ද චිකේරා යන මහත්ම මහත්මීන් ඇතුළු 82 දෙනෙකු ඊට අත්සන් තබා තිබෙනවා. ප්‍රකට සංවිධාන සමූහයක් ද ඊට දායක වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
තායිවානයේ , තායිපේ නුවර පැවැත්වීමට නියමිත 14 වන ” සිටි කප් “ ජාත්‍යන්තර යොවුන් බොක්සිං තරඟාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා යොවුන් බොක්සිං කණ්ඩායම දිවයිනෙන් පිටව ගියා.. ලෝකයේ ආරාධිත රටවල් 08 ක සහභාගීත්වයෙන් පවත්වන මෙම ජාත්‍යන්තර බොක්සිං තරඟාවලිය අද සිට 26 දින දක්වා තායිවානයේ තායිපේ නුවර පැවැත්වීමටයි නියමිතව ඇත්තේ . ෙශ්‍රී ලංකා යොවුන් බොක්සිං කණ්ඩායම නියෝජනය කරමින් මෙරට බොක්සිං ක්‍රීඩාවේ නිරත පාසැල් 06 කින් තෝරා ගත් ක්‍රීඩකයින් 06 දෙනෙකු මෙම තරඟාවලිය සඳහා සහභාගී වීමට නියමිතයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222