- හෙට දවසේ කාලගුණ තත්ත්වය
- ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි අලෙවි කළ සැකකරුවෙක් අත්අඩංගුවට
- නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
- ඩීසල් ලීටර් 3532ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
- ඉන්ධන පිරවුම්හල්වලට පොලිසියට අමතරව යුද හමුදා ආරක්ෂාව
- නීති විරෝධී යතුරු පැදි එන්ජින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- කිඹුලෙක් වැවේ නාමින් සිටි දැරියක් ඩැහැගෙන යයි
Author: accioAdmin
මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයට අදාළ නීතිරීති සංශෝධනය කිරීම සඳහා ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබනෙවා. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කලේ එම ක්ෂේත්‍රය සඳහා සහන ලබාදීම හා බදු පැනවීම සම්බන්ධයෙන් යළි අවධානය යොමු කිරීමට ජනාධිපතිවරයා සූදානම් බවයි. රත්නපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන ප්‍රථම වරට පැවති ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයට එක්වෙමින් අග්රාමත්යවරයා මේ බව සඳහන් කලා.
කොවිඩ් – 19 වෛරසයේ නව ප්‍රභේදයක් අමෙරිකාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තාවනවා. අමෙරිකානු රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසන්නේ නව ප්‍රභේදය ප්‍රාන්ත 39ක පැතිර යමින් පවතින බවයි. වෛරසයේ සක්‍රීයතාව සාපේක්ෂව තවමත් අඩු අගයකයි පවතින්නේ. කෙසේවෙතත් රෝහල්ගත කිරීම් සහ මරණ ඉහළ යමින් පවතින බවයි විදෙස් වාර්තා පවසන්නේ.
එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත්‍රයා රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කරුවලගස්වැව 07 කණුව මී ඔය ආසන්නයේ අලිමංකඩ ප්‍රදේශයේදී අද අලුයම ඔහු ගමන්ගත් මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ත්‍රීවිල් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. අනතුරෙන් බරපතල තුවෙආල ලැබූ ත්‍රීවිල් රථ රියදුරු ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන් . කරුවලගස්වැව පොලීසිය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබනවා.
අම්බලන්ගොඩ වේනමුල්ල ප්‍රදේශයේ දී මත්ද්‍රව්‍ය සමග පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සමන් කොල්ලා යන අයගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවූ ප්‍රධාන ගෝලයෙකු බවයි අනාවරණ වී ඇත්තේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 880ක් , ජංගම දුරකතනයක් හා බැංකු කාඩ්පතක් ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.
නුවරඑළිය පොදු වැසිකිළිය තුළදී මියගිය පුද්ගලයන් දෙදෙනා ගේ මරණයට හේතුව හෘද රෝග තත්ත්වයක් බව අනාවරණ වී තිබෙනවා. පසුගිය දා 26 වනදා සවස් කාලයේ දී සහ 27 වනදා පෙරවරුවේදී අදාළ වැසිකිළිය තුළදී පුද්ගලයන් දෙදෙනෙකු අවස්ථා දෙකකදී මිය ගොස් සිටියා. ඒ පිලිබඳ නුවරඑළිය පොලිසිය විමර්ශන ආරම්භ කළ අතර, මෘත දේහයන් පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව දේහයන් ඔවුන්ගේ ඥාතීන්වෙත මුදාහරිනු ලැබුවා. කෙසේ වෙතත් නුවරඑළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේද සහාය ඇතිව විමර්ශනයක් සිදු කරන තෙක් එම වැසිකිළිය මුද්‍රා තැබීමට පියවර ගෙන තිබෙනවා
අම්පාර බංගලාවාඩි ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැනීම හේතුවෙන් අනතුරක් සිදුව තිබෙනවා. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් . අප වාර්තාකරු සඳහන් කළේ මෙම අනතුර හේතුවෙන් කිසිවෙකුටත් හානියක් සිදු වී නොමැති බවයි.
රන් ආභරණ කොල්ලකෑ කල්ලියකට සම්බන්ධ බව කියන රන් ආබරණ වෙළඳසල් හිමියකු, කාන්තාවක ඇතුළු සිව් දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් සතුව තිබී කොල්ලකෑ රන් ආභරණ කිහිපයක්, කඩුදෙකක් හා අත්බෝම්බයක් ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්. සැකකරුවන විසින් දීර්ඝ කාලයක් පුරා මරදගහමුල දූනගහ අවට ගම්මානවල මෙලෙස රන් ආභරණ කොල්ල කෑමේ නිරතව සිට තිබෙනවා. ඒ අනුව පල්ලියපිටිය ප්‍රදේශයේදී රන් දම්වැල් දෙකක් කඩාගෙන පලා යමින් සිටි යතුරුපැදියක් ලුහුබැඳ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට දිවුලපිටිය පොලිසිය සමත් වුනා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් චීන ජාතිකයින් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අන්තර්ජාලය හරහා මූල්‍ය වංචා සිදුකිරීමේ චෝදනා මත මීගමුව ප්‍රදේශයේ හෝටලයක රැඳී සිටියදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කලේ. මේ අතර අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කිරීමේ චෝදනාව යටතේ ඉන්දීය ජාතිකයින් 137 දෙනෙකු ද පසුගිය කාලය තුල අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් භාරයේ තිබී ලැප්ටොප් පරිගණක සහ ජංගම දුරකථන රැසක් ද පොලිස් භාරයට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස්පති නිහාල් තල්දූව මහතා සඳහන් කලේ.
මන්නාරම මඩු තච්චනාමරදමඩු ප්‍රදේශයේ පාසල් දරුවන් අට දෙනකු අසාද්මිකතාවකයක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා. මන්නාරම රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි. අදාළ දරුවන් දරුවන් කිසියම් ඇට වර්ගයක් ආහාරයට ගෙන ඇති අතර ඉන් අනතුරුව මෙම තත්වය මතුවන්නට ඇති බවයි වෛද්‍යවරු සැක පළ කරන්නේ.. රෝගී වූ දරුවන් ගෙන් හත් දෙනකුම දරියන් වන බව සඳහන්.
විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ ලෝටස් පාර වාහන ගමනාගමනය සඳහා වසා දමා තිබෙනවා. ලංකා බැංකු සේවක සංගමය විසින් මෙම විරෝධතාව පවත්වනු ලබනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222













