- නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
- ඩීසල් ලීටර් 3532ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
- ඉන්ධන පිරවුම්හල්වලට පොලිසියට අමතරව යුද හමුදා ආරක්ෂාව
- නීති විරෝධී යතුරු පැදි එන්ජින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- කිඹුලෙක් වැවේ නාමින් සිටි දැරියක් ඩැහැගෙන යයි
- පළාත් 3කට දිස්ත්‍රික්ක 5කට විශේෂ නිවේදනයක්
- හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ
Author: accioAdmin
කවුරුන් කුමන ආකාරයේ ප්‍රකාශ කලද ආණ්ඩුව තුල කිසිඳු ගැටුමක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුනෙන් හෝ පොදු අපේක්ෂකයා ලෙස හෝ කවුරුන් ඉදිරිපත් වුවද නිවැරදිම පුද්ගලයාට සහාය පල කරන බවයි.
ආර්ථික අර්බුද සමයේ ඇනහිට තිබූ බලශක්ති ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපෘති යළි ක්‍රියාත්මක කිරීමට හැකි වන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා. අමත්‍යවරයා සඳහන් කරන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු සාර්ථක කර ගැනීම ඊට හේතුව බවයි. මේ වන විට ද්වීපාර්ශ්වික ණයහිමි රටවල් සමඟ අවබෝධතාවයට පැමිණ, ණය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් ගිවිසුම් අත්සන් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කලේ. එබැවින් විදෙස් රටවල ණය ආධාර මත ආරම්භ කළ නමුත් පසුව අතරමඟ නවතා දැමුණු එම ව්‍යාපෘති යළි ආරම්භ කිරීමට අවශ්‍ය නීතිමය තත්ත්වය සම්පූර්ණ වී තිබෙනවා. ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් රාජ්‍ය අමත්‍ය ඉන්දික…
ශ්‍රී ලංකා රේගු අධිකාරිය විසින් අද සහ හෙට යන දෙදින ක්‍රියාත්මක කර තිබූ වෘත්තීය වැඩ වර්ජනය අත් හැර දැමීමට තීරණය කර තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සමග අද පස්වරුවේ පැවතී සාකච්ඡාවකින් අනතුරුවයි ඔවුන් එම තීරණය ගෙන ඇත්තේ. ඒ අනුව රේගු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව එක් ව එකම ආයතනයකට බලය පැවරීමට එරෙහි ව දියත් කළ වර්ජනය අවසන් කට තිබෙනවා. මේ අතර අද දිනයේ ක්‍රියාත්මක වූ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් බහාලුම් 5000ක් පමණ කොළඹ වරායේ සිර වී ඇති බවටයි බහාලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය චෝදනා කලේ.
අස්වැසුම දෙවැනි අදියරේ සමීක්ෂණ කටයුතු ලබන 15 වනදා ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර අද පැවති විශේෂ සාකච්ඡාවකදීයි මේ තීරණය ගෙන ඇත්තේ. අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම්පත් යොමු කිරීමට නොහැකි වූ පිරිසට ඉදිරි සතියක කාලය තුළ ඒ සඳහා අවස්තාව ලබා දීමටද එහිදී තීරණය වී තිබෙනවා. දෙවන අදියර සඳහා මේ වන විට අයදුම්පත් හාර ලක්ෂ හැත්ත පන්දහසක් ලැබී ඇති අතර ඉන් අයදුම්පත් හාර ලක්ෂ පනස්දහසක් තොරතුරු පද්ධතියට ඇතුළත් කර ඇති බව සඳහන්.
ලංකා සතොස අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහත හෙලා තිබෙනවා . ඒ, අනුව චිනයෙක් ආනයනය කරන ලද අර්තාපල් , රතු පරිප්පු සහ සුදු සීනි මිල මෙලෙස අඩු කිරීමටයි කටයුතු කර ඇත්තේ. ඒ අනුව අර්තාපල් කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 15කින්ද , රතු පරිප්පු කිලෝ ග්‍රෑමයක රුපියල් 14කින්ද , සුදු සිනි කිලෝ ග්‍රෑමයක රුපියල් 6 කින්ද පහල දමා ඇති බව සඳහන්.
වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරු 6දෙනෙකු ඇතුළු උසස් පොලිස් නිලධාරීන් 15දෙනෙක් සදහා ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ තීරණය පරිදි මෙම ස්ථාන මාරුවීම් හා නව තනතුරුවල පත්කිරීම සිදුකර ඇති බවයි.
අස්වැසුම යෝජනා ක්‍රමයේ දෙවන අදියරේ සංගණන කටයුතු ජුලි මස දෙවන සතිය වන විට ආරම්භ කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. එහි සභාපති ජයන්ත විජේරත්න මහතා පැවසුවේ එහි තොරතුරු පරිගණක ගතකිරීම බොහෝ දුරට අවසන් කර ඇති බවයි. මේ වන විට අස්වැසුම යෝජනා ක්‍රමයේ දෙවන අදියර සඳහා මේ වන විට අයදුම්පත් හාරලක්ෂ හැත්තෑපන්දහසක් ලැබී තිබෙනවා.
කොළඹ ඉසිපතන විද්‍යාලයීය ක්‍රීඩා කටයුතු සඳහා හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගනය පවරා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. කොළඹ මහ නගර සභාව සතු හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගනය ඉසිපතන විද්‍යාලයීය ක්‍රීඩා කටයුතු සඳහා යොදා ගැනීමට 2016 වර්ෂයේදී දෙපාර්ශ්වය අතර ගිවිසුමකට එළඹ තිබුනා. අදාළ ගිවිසුමේ කාලසීමාව 2017 වර්ෂයේදී අවසන් වී තිබෙනවා. ඒ අනුව හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගනයේ නාමය එලෙසම පවත්වාගෙන් යමින් එකී ක්‍රීඩාංගනය ඉසිපතන විද්‍යාලය වෙත පවරා දීම පිණිස ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.
ඉදිරියේ දී කිසිදු ජනාධිපතිවරණයකට හෝ මහ මැතිවරණයකට තමා තරග නොකරන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. කෙසේවෙතත් සිය පුත් දහම් සිරිසේන එළඹෙන මැතිවරණය සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරගවදින බවයි ඒ ඒ මහතා පවසන්නේ. එමෙන්ම තමා ඉදිරියටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන කටයුතු සිදුකරන බවයි ඒ මහතා අවධාරණය කලේ.
අභාවප්‍රාප්ත ආර්.සම්පන්දන් මහතාගේ දේහය හෙට පස්වරු 1ට පාර්ලිමේන්තුව වෙත රැගෙන ඒමට නියමිතයි. ඒ අනුව පස්වරු 2 සිට 4 දක්වා දේහය පාර්ලිමේන්තුවේ තැන්පත් කර තැබෙන බවයි අවමංගල්‍ය සංවිධායකයින් ප්‍රකාශ කරන්නේ. බ්‍රහස්පතින්දා දිනයේදී දේහය ත්‍රිකුණාමලය බලා රැගෙන යාමට නියමිතව තිබෙනවා. ලබන ඉරිදා ත්‍රිකුණාමලයේදී දේහය පිළිබද අවසන්කටයුතු සිදු කිරීමට නියමිත බවයි පාර්ලිමේන්තු මන්ත්‍රි එම් ඒ සුමන්දිරන් මහතා ප්‍රකාශ කළේ. දේහය මේ වන විට බොරැල්ල රේමන්ඩ් මල්ශාලාවේ තැන්පත් කර තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222














