Author: accioAdmin

ජාතික මැතිවරණයේදී බ්‍රිතාන්‍ය කොන්සෙවටිව් පක්ෂය ලැබූ පරාජයේ වගකීම තමා භාරගන්නා බව හිටපු අගමැති රිෂි සුනක් පවසනවා. මැතිවරණයේ මෙතෙක් නිකුත්කර ඇති ප්‍රතිඵල විශ්ලේෂණය කළ විචාරකයින් පවසන්නේ කම්කරු පක්ෂය ආසන 170ක පමණ බහුතරයකින් ජයගැනීමට ඉඩ ඇති බවයි. ඒ අනුව කියර් ස්ටාමර් බ්‍රිතාන්‍ය අගමැති ධුරය සඳහා පත්වීමට නියමිත අතර එරට කම්කරු පක්ෂය බලය ලබාගෙන ඇත්තේ වසර 14කට පසුව වීම විශේෂත්වයක්. මේ අතර ලන්ඩනයේ සිට සිය පාක්ෂිකයින් අමතමින් ස්ටාමර් සඳහන් කර ඇත්තේ “වෙනස දැන් ඇරඹෙනවා” යනුවෙනුයි. තවත් ආසන 150ක පමණ ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිතය.

තව කියවන්​න

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තමන් ඉදිරිපත් නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ තම පක්ෂයේ අපේක්ෂකයා කවුරුන්ද යන්න පිලිබඳ මෙතෙක් නිසි එකඟතාවකට පැමිණ නොමැති බවයි. මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පල කලා.

තව කියවන්​න

නීති විරෝධීව ලබා දී ඇති පත්වීම් වහා අවලංගු කරන්නැයි මැතිවරණ කොමිසම සියලු පළාත් ආණ්ඩුකාරවරුන්ට ලිඛිතව දැනුම් දී තිබෙනවා. කොමිසම පවසන්නේ , පළාත් පාලන මැතිවරණය කල් දමා ඇතත් පළාත් පාලන මැතිවරණ නීතිය මේ වනවිටත් බලාත්මක බවයි මැතිවරණ කොමිසම අවධාරණය කරන්නේ එම නීතිය බලපවත්වන කාලය තුළ කිසිදු දේශපාලන පක්ෂයක් , අපේක්ෂකයින් මෙන්ම කණ්ඩායමක් ප්‍රවර්ධනය නොවන සේ කටයුතු කළ යුතු බවයි. එසේ තිබියදී ඇතැම් පළාත් ආණ්ඩුකාරවරුන් විසින් පලාත් පාලන ආයතනවල සංවර්ධන කටයුතු අධීක්ෂණයට හිටපු පළාත් පාලන නියෝජිතයින් සහ පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාර දී ඇති අපේක්ෂකයින්ට පත්වීම ප්‍රදානය කර ඇති බවට පැමිණිලි ලැබී තිබෙනවා. ඒ අනුව එසේ දී ඇති පත්වීම් අවලංගු කරන ලෙසත්…

තව කියවන්​න

යුක්තිය දෙවන් අදියර යටතේ ගතවු පැය 24 තුළ දිවයින පුරා සිදුකරන ලද මෙහෙයුම් වලින් අපරාධකරුවන් 1426 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ සැකකරුවන් සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 86ක් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් භාරයට ගෙන ඇති බවයි. මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 1403 දෙනා අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 213 ක් සිටින බව සඳහන්. පාතාලය මැඩලීමේ යුක්තිය මෙහෙයුම යටතේ ඊයේ දිනය තුළ පාතාල අපරාධකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, මේ දක්වා ලේඛනගත පාතාල අපරාධකරුවන් 795 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තව කියවන්​න

බන්ධනාගාර ගතව සිටින හිටපු සවුක්ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සහ ඔහුගේ පවුලේ සමිපතමයින්ගේ රුපියල් මිලියන 97කට අධික වටිනාකමකින් යුත් ස්ථාවර තැන්පතු ගිණුම් 16ක් සහ ජීවිත රක්ෂණ ඔප්පු 3ක් මාස 3කට අත්හිටුවමින් තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කොළඹ මහාධිකරණය විසිනුයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ. ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉකුත් පෙබරවාරි 02 වනදා අත්අඩංගුවට ගෙන අධිකරනය හමුවට ඉදිරිපත් කර තිබුනා. ඒ අනුව මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය මගින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කරනු ලැබුවේ.

තව කියවන්​න

විදුලි බල සැපයීම සම්බන්ධ සියලු සේවා සහ ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවා බවට පත් කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ නියෝගය පරිදි ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී.ඒකනායක මහතා විසින් ඊයේ නිකුත් කෙරුනා. ඒ, අනුව මෙම ගැසට් නිවේදනය මගින් ඕනෑම රාජ්‍ය සංස්ථාවකින්,දෙපාර්තමේන්තුවකින්,පළාත් පාලන ආයතනයකින්,සමුපකාර සමිතියකින් හෝ ඒවායේ ශාඛාවකින් සපයනු ලබන මෙම සේවාවන් සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාමට අත්‍යාවශ්‍ය සේවා බවට පත්කර තිබෙනවා.

තව කියවන්​න

වතු කම්කරු වැටුප් වැඩි කරමින් කම්කරු අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු නියෝගයක් නිකුත් කර තිබෙනවා. අදාළ වැටුප් වැඩි කිරීමට එරෙහිව ආගරපතන වැවිලි සමාගම ඇතුළු වැවිලි සමාගම් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

තව කියවන්​න

2023 වර්ෂයට අදාළ ව විශ්ව විද්‍යාල සඳහා සිසුන් ඇතුළත් කරගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන් වන්නේ 2023 වසරේ උසස් පෙළ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශයට අන්තර්ජාලය මගින් අයදුම් කිරීමට ලබා දී තිබු කාලය හෙටින් අවසන් වන බවයි. මෙතෙක් එම කටයුතු අවසන් නොකළ සිසුන් අදාළ අයදුම්පත විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය වන UGC වෙබ් අඩවියට පිවිසීමෙන් යොමු කරන ලෙසටයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සිහි කැඳවීමක් කර ඇත්තේ.

තව කියවන්​න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ භූතානය සඳහා ඊශ්‍රායල තානාපති නාඔර් ගිලොන් අතර හමුවක් සිදුව තිබෙනවා. ජනාධිපති කාර්යාලයේදී අද එම හමුව සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලේ. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ඊශ්‍රායලයේ කොන්සල් දිනේෂ් රුද්‍රිගු යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වී තිබෙනවා.

තව කියවන්​න

කවුරුන් කුමන ආකාරයේ ප්‍රකාශ කලද ආණ්ඩුව තුල කිසිඳු ගැටුමක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුනෙන් හෝ පොදු අපේක්ෂකයා ලෙස හෝ කවුරුන් ඉදිරිපත් වුවද නිවැරදිම පුද්ගලයාට සහාය පල කරන බවයි.

තව කියවන්​න