Author: accioAdmin

මැතිවරණ කොමිසම ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විවිධ පාර්ශව විසින් සිදුකරන සමීක්ෂණ හා එමගින් ඉදිරිපත් කරනු ලබන වාර්තා පිලිබඳ නොමග නොයන ලෙසයි. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කර සිටියේ සමීක්ෂණ මත පදනම්ව කිසිඳු ජන්දදායකයකු තමන්ගේ මතය වෙනස් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

තව කියවන්​න

ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩක ශිකර් ධවාන් දේශීය සහ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා. තම ජීවිත කාලය තුළ වැඩි කලක් ක්‍රීඩා කර ඇති බවත්, තමන් විවේක ගැනීමට අවශ්‍ය අවධියකට පැමිණ ඇති බව තමන්ට හැඟෙන බවයි සිය සමුගැනීම නිවේදනය කරමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ. වසර 14ක කාලයක් පුරාවට ජාත්‍යන්තර ශතක 14 කට හිමිකම් කියන ඔහු, ඉන්දීය 20-20 කණ්ඩායමේ නායකත්වයද දරනු ලැබුවා. 40ට වැඩි සාමාන්‍යයක් සහ 90 වැඩි පිතිකරණ වේගයක් සහිත ක්‍රීඩකයකුවන ඔහු, එක්දින ලකුණු 5000ට වැඩියෙන් ලබාගත් ඉන්දියානු ක්‍රීඩකයින් අතරට එක් වූ ක්‍රීඩකයින් 8 දෙනාගෙන් එක් අයෙක්ද වෙනවා.

තව කියවන්​න

මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කරමින් අනවසරයෙන් මසුන් ඇල්ලු දකුණු ඉන්දීය ධීවරයින් 11 දෙනෙකු නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් ධීවරයින් නාවික හමුදා නිළධාරීන් විසින් කන්කසන්තුරය ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමෙන් අනතුරුව අදාළ ධීවරයින් ඉදිරි අධිකරණ කටයුතු වෙනුවෙන් පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. 2024 වසර තුළ අනවසරයෙන් මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කරමින් මසුන් ඇල්ලු ඉන්දීය ධීවර යාත්‍රා 45 ක් සමඟ ධීවරයින් 333 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි නාවික හමුදාව සඳහන් කලේ.

තව කියවන්​න

අගෝස්තු මාසය තුල පමණක් ඩෙංගු රෝගීන් 2400කට අධික පිරිසක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් හා මහනුවර දිස්ත්‍රික්කයෙන් බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය අනෝමා දීප්ති මහත්මිය සඳහන් කලේ.

තව කියවන්​න

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ මහතා තවදුරටත් කටයුතු නොකළ යුතු බව තමන යලිත් අවධාරණය කරන බව එරට ක්‍රිකට් ආයතනයේ නව සභාපති එෆ්. අහමඩ් පවසනවා. සභාපති දුරය භාරගැනීමට පෙරද ඔහු මේ බව සඳහන් කර තිබුනා. චන්දික හතුරුසිංහගේ කොන්ත්‍රාත්තුව තමා මෙතෙක් අධ්‍යනය කර නොමැති නමුත්, තමා ඔහු සම්බන්ධයෙන් මීට පෙර දැරූ මතය වෙනස් නොවන බවයි ඩකා හී දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ. එමෙන්ම වඩා හොද පුහුණුකරුවෙකු සොයා ගැනීමට හැකිදැයි තම අවධානය යොමු කරන බවද ඔහු එහිදී ප්‍රකාශ කර තිබෙනවා. කෙසේවෙතත් චන්දික හතුරුසිංහගේ කොන්ත්‍රාත් ගිවිසුම 2025 වසරේ පෙබරවාරි මාසය දක්වා වලංගු බව සඳහන්.

තව කියවන්​න

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්චා කිරීම සඳහා මැතිවරණ කොමිසම රැස්වීමට නියමිත බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා. ශ්‍රේෂ්ඨාධිකරණය, මැතිවරණ කොමිසමට ඊයේ නියෝග කළේ, මෙම ඡන්ද විමසීම හැකි ඉක්මනින් පැවැත්වීමට පියවර ගන්නා ලෙසයි. ඉකුත් වසරේ මාර්තු මස 09 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීමෙන් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ එවක මැතිවරණ කොමිසමේ සාමාජිකයින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ තීන්දු කළා. පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීමෙන් මූලික මිනිස් අයිතිවාසිකම් කඩවූ බවට තීන්දුවක් ඉල්ලා සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ පැෆරල් සංවිධානය…

තව කියවන්​න

බෙල්ලන්විල ඇසළ මහ පෙරහර වීථි සංචාරය කිරීම හේතුවෙන් අද සහ හෙට බොරලැස්ගමුව අවට විශේෂ රථවාහන සැළැස්මක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා. ඒ අනුව, අද රාත්‍රි අටේ සිට හෙට අලුයම එක දක්වා බොරලැස්ගමුව – බෙල්ලන්තොට මාර්ගය භාවිත කරන ජනතාව සහ රියදුරන් විකල්ප මාර්ග භාවිත කළ යුතුයි. එමෙන්ම රන්දෝලි මහ පෙරහර වීථි සංචාරය කිරීම හේතුවෙන් හෙට රාත්‍රී අටේ සිට අනිද්දා අලුයම 3 දක්වා බොරලැස්ගමුව – නැදිමාල හන්දිය මාර්ගය, රත්මලාන, බෙල්ලන්තොට – අත්තිඩිය මාර්ගය හා පැපිලියාන මංසන්ධියේ සිට දෙහිවල මාර්ගය භාවිත කරන ජනතාව විකල්ප මාර්ග භාවිත කළ යුතු බවයි පොලිසිය දැනුම් දෙන්නේ.

තව කියවන්​න

2024 ජනාධිපතිවරණයට ස්වාධින අපේක්ෂකයකු ලෙස ඉදිර්පත්ව සිටියදී අභාවප්‍රාප්ත වූ මොහොමඩ් ඉල්ලෙයාස් මහතාගේ නම චන්ද පත්‍රිකාවෙන් ඉවත් නොකරාන් බව මැතිවරණ කොමිසම පවසනවා. මේ වන විට ඡන්ද පත්‍රිකා මුද්‍රණය ආරම්භ කර ඇති අතර ඉදිරිපත්ව සිටින ජනාධිපති අපේක්ෂකයින් සියළු දෙනාගේ නම් එහි ඇතුලත් කර ඇති බව සඳහන්. එබැවින් ජනාධිපති අපේක්ෂක මොහොමඩ් ඉල්ලෙයාස්ගේ නම ඡන්ද පත්‍රිකාවේ සඳහන් වන අතර ඔහු වෙනුවෙන් අදේශකයෙකු ඉදිරිපත් කිරීමට එම නියෝජිතයින් ඉල්ලුම් කලහොත් හැකියාව පවතින බවයි කොමිසම පවසන්නේ.

තව කියවන්​න

2024 ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 771ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මේ අතරින් පැමිණිලි 747ක් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් වන අතර, එක් පැමිණිල්ලක් ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් වන බවයි වාර්තාවන්නේ, මේ අතර පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ මැතිවරණයට අදාළව පැමිණිලි 228ක් තම සංවිධානයට ලැබී ඇති බවයි. මේ අතර ඉදිරි ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා රටවල් 12 ක නියෝජිතයින්ට ආරාධනා කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කලා. එහි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කළේ ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය, පාකිස්ථානය සහ මාලදිවයින වැනි රටවල් ඊට සහභාගී වන බවට තහවුරු කර ඇති බවයි.

තව කියවන්​න

ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහත දමා තිබෙනවා. ඒ අනුව, ආනයනික ග්‍රෑම් 425ක මාළු ටින් එකක මිල රුපියල් 75කින් පහත දැමීමටයි කටයුතු කර ඇත්තේ. එමෙන්ම, දේශීය ග්‍රෑම් 425 මාළු ටින් එකක මිලද රුපියල් 450ක් දක්වාත් ග්‍රෑම් 155ක මාළු ටින් එකක මිල රුපියල් 270ක් දක්වාත් අඩුකර තිබෙනවා. තවද, මුං ඇට කිලෝවක මිල රුපියල් 890ක් දක්වා අඩු කර ඇති අතර , ආනයනික රතු ළුෑණු කිලෝවක මිල රුපියල් 470ක් දක්වා පහත දැමීමටයි කටයුතු කර ඇත්තේ. සුදු සීනි සහ වියළි මිරිස් කිලෝවක මිලද රුපියල් 5කින් මිල පහත දමා ඇති බව සඳහන්. එමෙන්ම, හාල් මැස්සන් කිලෝවක මිල රුපියල් 15කින් අඩුකර තිබෙනවා. දේශීය…

තව කියවන්​න