- නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
- ඩීසල් ලීටර් 3532ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
- ඉන්ධන පිරවුම්හල්වලට පොලිසියට අමතරව යුද හමුදා ආරක්ෂාව
- නීති විරෝධී යතුරු පැදි එන්ජින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- කිඹුලෙක් වැවේ නාමින් සිටි දැරියක් ඩැහැගෙන යයි
- පළාත් 3කට දිස්ත්‍රික්ක 5කට විශේෂ නිවේදනයක්
- හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ
Author: accioAdmin
අභාවප්‍රාප්ත, දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්දන්ගේ දේහය පිළිබද අවසන් කටයුතු අද සිදු නියමිතයි. ඒ අනුව ඒ මහතාගේ දේහය පිලිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ ත්‍රිකුණාමලය පොදු සුසාන භූමියේදී සිදු කෙරෙනු ඇති. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී 91 හැවිරිදි ඒ මහතා පසුගිය ඉරිදා ජිවිතක්ෂයට පත්වුනා.
පතරොම් තුවක්කු නිකුත් කිරීමේ සීමාව අක්කර 05 සිට අක්කර 02 දක්වා අඩු කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවදානය යොමුව ඇති බව සඳහන්. වනසතුන්ගෙන් සිදුවන වගා හානි වළක්වා ගැනීම සඳහා ගොවීන් කළ ඉල්ලීම් සලකා බලමිනුයි එම තීරණය ගෙන ඇත්තේ. මේ පිළිබඳ කැබිනට් අනුමැතිය ලබා ගැනීම සදහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකසන්නැයි, අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා.
දකුණු පළාත් සුහුරු පන්ති කාමර ව්‍යාපෘතිය යටතේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත සුහුරු පංති කාමර 200ක් හා ටැබ් පරිගණක 2000ක් ලබාදීම අද සිදු කෙරුනා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. දකුණු පළාත් සුහුරු පන්ති කාමර ව්‍යාපෘතියට වැය කර ඇති මුදල රුපියල් මිලියන 300කි. කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ඉල්ලීම මත ඉන්දීය සහයෝගිතාව ඇතිව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙනවා.
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසල පෙරහැර මංගල්‍යය හේතුවෙන් කතරගම පුදබිම අවට පාසල් 05ක් වසා දැමීමට තීරණය කර තිබෙනවා. කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසන්නේ පෙරහැර මංගල්‍යය සඳහා සහභාගි වන ආරක්ෂක අංශයේ නිලධාරීන්ගේ සහ අනෙකුත් කණ්ඩායම් වල නවාතැන් පහසුකම් සදහා මෙම පාසල් වසා දැමීම සිදුකරන බවයි. ඒ අනුව දෙටගමුව කනිෂ්ඨ විද්‍යාලය,කතරගම ජාතික පාසල,සෙල්ල කතරගම මහා විද්‍යාලය,සශීන්ද්‍ර කුමාර ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය සහ ගෝතමී ගම කනිෂ්ඨ විද්‍යාලය එලෙස වසා තැබෙන බව සඳහන්. අදින් ඇරඹෙන කතරගම පෙරහැර මංගල්‍ය අද සිට දින 16ක් පුරාවට පෙරහැර පැවැත්වීමට නියමිත අතර, ලබන 22 වනදා අලුයම මැණික් ගඟේ දිය කැපීමෙන් පසු නිමාවට පත්වීමට නියමිතයි.
යුක්තිය මෙහෙයුමේ දෙවන අදියර යටතේ ඊයේ දිනයේ සිදු කල වැටලීම් 778 කට අදාලව සැකකරුවන් 766ක් සහ සැකකාරියන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් සැකකරුවන් 52 දෙනෙක් වැඩිදුර විමර්ශනය සඳහා රඳවා තබා ගැනීමේ නියෝග ලබා ගැනීමට නියමිතයි. තවත් සැකකරුවන් 9 දෙනෙකුගේ වත්කම් විමර්ශනය කිරීමට නියමිත අතර සැකකරුවන් 71 දෙනෙකු පුනුරුත්තාපනය සඳහා යොමු කිරීමට කටයුතු කර තිබෙනවා.
ගිනිගත්හේන මිල්ලගහමුල ප්‍රදේශයේ ඉදි කරමින් තිබු තෙමහල් ගොඩනැගිල්ලක් අද අලුයම නායගොස් තිබෙනවා. ගිනිගත්හේන ප්‍රදේශයට ඊයේ සිට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට මායිම්ව ඉදි කරමින් පැවති එම තෙමහල් ගොඩනැගිල්ල අඩි 200ක් ප්‍රපාතයට නායගොස් ඇති බව සඳහන්. ගොඩනැගිල්ල නාය යන අවස්තාවේ එහි කිසිවෙකු සිට නොමැති බවයි වාර්තාවන්නේ. නිසි ප්‍රමිතියකින් තොරව එම ගොඩනැගිල්ල ඉදි කරමින් පැවතිම හේතුවෙන් ගොඩනැගිල්ල නායගොස් ඇති බවට සැක මතුව තිබෙනවා.
අල්ලස් ලබා ගැනීමට තැත්කළ පොලිස් පරීක්ෂකවරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් පුද්ගලයකු අධිකරණයට ඉදිරිපත් නොකර සිටීම සඳහා සැකකාර නිලධාරින් දෙදෙනා මෙලෙස අල්ලස් ඉල්ලා තිබෙන අතර එහි පළමු කොටස ලෙස රුපියල් ලක්ෂ 3ක මුදලක් ලබාගෙන ඇති බව සඳහන්. එහි දෙවන කොටස ලෙස රුපියල් එක්ලක්ෂ පනස් හතරදහස් දෙසීයක මුදලක් කොළඹ අපරාධ කොට්ඨාසයේ විමර්ශන ඒකකය තුළදී ලබා ගැනීමේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් විසින් ඔවුන් අත්අඩංගුවට ගැනුනා.
රුහුණු කතරගම දේවලයේ වාර්ෂික ඇසළ උත්සවය නිමිත්තෙන්, කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ සියළුම මත්පැන් අලෙවිසැල් දින 17ක් වසා තැබීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව අද සිට ලබන 22වනදා දක්වා සියළු මත්පැන් අලෙවිසැල් වසා තැබෙනු ඇති බවයි සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කලේ. ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ 2024 වාර්ෂික ඇසළ මංගල්‍යය අදින් ඇරඹුනා.
බැද්දේවෙල සිට බණ්ඩාරවෙල බලා ධාවනය වෙමින් තිබූ ශ්‍රී ලංගම බස් රථයක් අනතුරට ලක්වීම හේතුවෙන් පුද්ගලයින් පස් දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. බස් රථය හල්පේ ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක් තුලට කඩා ගෙන යාමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුල මගීන් 18 දෙනෙකු පමණ සිට තිබෙනවා. ඉන් පස් දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා දෙමෝදර රෝහලට ඇතුලත් කර ඇති බව මෙම අනතුර හේතුවෙන් පස්දෙනකු තුවාල ලබා දෙමෝදර රෝහලට ඇතුළත් කළ බවයි ඇල්ල පොලිසිය පැවසුවේ.
මින් ඉදිරියට යලිත් වරක් තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයාගේ තනතුර හොබවන බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා එම ධුරයේ වැඩ භාරගෙන තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කලේ පක්ෂ මුලස්ථානය ඉදිරිපිටදී මන්ත්‍රීවරයා සිය ධුරයේ වැඩ භාරගත් බවයි. පොලීසිය විසින් මන්ත්‍රීවරයාට පක්ෂ මුලස්ථානය තුලට ඇතුළුවීමට අවසර නොදීම හේතුවෙනුයි ඔහු මෙලෙස පක්ෂ මුලස්ථානය ඉදිරිපිටදී වැඩ භාරගෙන ඇත්තේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222














