- කොළඹ දිස්ත්‍රික්කයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මෙම මස 09 වැනිදා
- ශ්‍රී පාද වන්දනාවේ පැමිණි බැතිමතෙකු මියයයි
- දුම්රිය කිහිපයක ආසන වෙන් කිරීමේ පහසුකම ඉවතට
- වෛද්‍යවරුන් රට හැර යාමේ අවධානමක්
- මහින්ද රාජපක්ශ සහ ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්
- ජනාධිපති සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයින් අතර හමුවක්
- මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අත්අඩංගුවට
- කොළඹ ලෝටස් පාර වැසෙයි
Author: accioAdmin
මෙරට සංචාරක ක්ෂේත්‍රය මෙම වසරේ පළමු මාස හය තුළ අමෙරිකානු ඩොලර් බිලියන 1.56ක ආදායමක් උපයාගෙන තිබෙනවා. ඒ පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 77ක වර්ධනයක් . ජූනි මාසය තුල සංචාරකයින්ගේ පැමිණීමත් සමග , වසරේ මුල් මාස කොඉහිපය තුල සංචාරකයින්ගේ පැමිණීම මිලියනය ඉක්මවනු ලැබුවා. ශ්‍රී ලංකාව වසර අවසන් වන විට මිලියන 2.4ක පමණ සංචාරක පැමිණීම් අපේක්ෂා කරන අතර, සමස්ත ඉපැයීම්වලින් අමෙරිකානු ඩොලර් බිලියන 3.5ත් 4.0ත් අතර ප්‍රමාණයක් අපේක්ෂිතයි.
‘අස්වැසුම’ වැඩසටහනට අදාල සියලුම රාජකාරිවලින් අද සිට ඉවත් වන බව ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය පවසනවා. ඔවුන් ඒ පිලිබඳ දන්වමින් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයාට ලිපියක් යොමුකර තිබෙනවා. ‘අස්වැසුම’ සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයේ දෙවැනි අදියරේ අයදුම්පත්වලට අදාළව නිවාස තොරතුරු සංගණනය කිරීම හා ප්‍රතිලාභීන් තෝරා ගැනීම සම්බන්ධයෙන් නිලධාරීන්ට ගෙවීම් කිරීම ඇතුළු ගැටලු රැසක් හේතුවෙන් ඔවුන් එම වෘත්තීය ක්‍රියාමාර්ගයට යොමුව ඇති බව සඳහන්.
\දිය වැලකට හසුවී ගසාගෙන යමින් සිටි පුද්ගලයින් 6 දෙනෙකු බේරා ගැනීමට ත්‍රිකුණාමලය පොලිස් ජීවිතාරක්ෂක ඒ්කකයේ හා වෙරළ ආරක්ෂක නිලධාරීන් පිරිසක් සමත් වී තිබෙනවා. නිලාවේලි මුහුදේ දිය නාමින් සිටි පිරිසකුයි මෙලෙස දිය වැලකට හසුව ගසාගෙන ගොස් ඇත්තේ. ඉන් එක් පුද්ගලයෙකු මූලික ප්‍රතිකාර සඳහා නිලාවේලි රෝහල ට ඇතුළු කර තිබෙනවා.
හෙට සහ අනිද්දා යන දෙදින පැය 48ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා. එහි සමකැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පවසන්නේ අද පස්වරු 4 සිට මධ්‍යම තැපැල් හුවමාරුවේ එම සංකේත වර්ජනය ආරම්භ කිරීමට තීරණය කළ බවයි. එමෙන්ම අනෙකුත් සියලුම තැපැල් කාර්යාලවල අද මධ්‍යම රාත්‍රියේ සිට මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අරම්භ කිරීමට නියමිතයි. ඉල්ලීම් තුනක් මුල්කරගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවයි තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කලේ,
දුර්ලභ ඝනයේ වාලම්පුරියක් අලෙවි කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු මාරවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාරවිලදී විශේෂ කාර්ය බළකාය සිදුකළ වැටලීමකදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. අදාළ වාලම්පුරිය බරින් කිලෝ 01යි ග්‍රෑම් 105ක් වූ අතර අත්අඩංගුවට ගත් සැකකරු මාරවිල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයකු බව සඳහන්.. වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු කරුවලගස්වැව වනජීවී කාර්යාලය වෙත භාර දී තිබෙනවා.
මැණික් ගඟේ දිය නාමින් සිටි පුද්ගලයෙකු කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් තිබෙනවා. එම පුද්ගලයා මැණික් ගඟේ 02වන පාලම ආසන්නයේ දිය නාමින් සිටින අවස්ථාවේ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ. ඊයේ උදැසන මෙම අනතුර සිදුව ඇති අතර පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන්ගේ සහ වනජීවී නිලධාරීන්ගේ සහය ඇතිව මෘත දේහය සොයාගෙන තිබෙනවා. මේ තත්වයත් සමග මැණික් ගඟේ දියනමේදී ප්‍රවේසම්කාරී වන ලෙසයි පොලිසිය බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින්නේ.
හෙට සහ අනිද්දා යන දෙදින ක්‍රියාත්මක කිරීමට නියමිත රාජ්‍ය සේවක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා තමන් සහභාගී නොවන බව සමස්ත ලංකා හෙද සංගමය පවසනවා. එහි ප්‍රධාන ලේකම් එස්. බී. මැදිවත්ත මහතා පවසන්නේ වැඩවර්ජන කිරීම හරහා රෝගීන් මෙන්ම ජනතාවද අපහසුතාවට පත්වන බවයි. සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල ප්‍රශ්න හා ගැටළු තිබුනද මෙය වැඩවර්ජන සඳහා අවස්ථාවක් නොවන බවයි ඒ මහතා පවසන්නේ. කෙසේවෙතත් ආණ්ඩුව පළවා හැරීමට ලැබෙන ප්‍රථම අවස්ථාවේම ජනතාව සමඟ එය සිදුකරන බවයි ඒ මහතා අවධාරණය කලේ.
බිත්තර මිල ඉදිරියේදී තවත් ඉහල යනු ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් එච්.එම්.ඩී.ආර්.අලහකෝන් මහතා සඳහන් කලේ ලබන වසරේ ජනවාරි මස සිට බිත්තර සඳහා 15%ක වැට් බද්දක් එකතු කිරීමට නියමිත බවයි. පාරිභෝගික අධිකාරිය විසින් බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කළද, එම නියම කරන ලද මිල ප්‍රමාණයන් අනුව බිත්තර අලෙවි කළ නොහැකි බවයි ඒ මහතා පවසන්නේ. පාරිභෝගික අධිකාරිය විසින් ජූලි 02 වැනිදා සිට බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරනු ලැබූවා. එහිදී සුදු බිත්තරයක් රුපියල් 43ත් 47ත් අතර මිලකට ද, දුඹුරු බිත්තරයක් රුපියල් 45ත් 49ත් අතර මිලකට අලෙවි කළ යුතු බවයි සඳහන් කෙරුනේ.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ලබන සැප්තැම්බර් මාසයේ සිංගප්පූරුවේ සංචාරයක නිරතවීමට නියමිතයි. එහිදී, පාප් වහන්සේ ජනාධිපති තර්මන් ෂන්මුගරත්නම් සහ අගමැති ලෝරන්ස් වොන්ග් හමුවීමට නියමිත බව සඳහන්. එමෙන්ම උන්වහන්සේ එරට ජාතික ක්‍රීඩාංගනයේ දිව්‍ය පූජාවකටද සහභාගිවීමට නියමිත බවයි වතිකානුව නිවේදනය කර ඇත්තේ. සැප්තැම්බර් 11 සිට 13 දක්වා සිංගප්පූරුවේ සිටින ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ආසියා පැසිෆික් සංචාරයේ අවසාන අදියරයි. ඊට පෙර උන්වහන්සේ සැප්තැම්බර් 3 සිට 6 දක්වා ඉන්දුනීසියාවේ ද, සැප්තැම්බර් 6 සිට 9 දක්වා පැපුවා නිව්ගිනියාවේ ද, සැප්තැම්බර් 9 සිට 11 දක්වා ටිමෝර්-ලෙස්ටේ වෙතද සංචාරය කිරීමට නියමිත බව සඳහන්.
අභාවප්‍රාප්ත, දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්දන්ගේ දේහය පිළිබද අවසන් කටයුතු අද සිදු නියමිතයි. ඒ අනුව ඒ මහතාගේ දේහය පිලිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ ත්‍රිකුණාමලය පොදු සුසාන භූමියේදී සිදු කෙරෙනු ඇති. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී 91 හැවිරිදි ඒ මහතා පසුගිය ඉරිදා ජිවිතක්ෂයට පත්වුනා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222