- නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
- ඩීසල් ලීටර් 3532ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
- ඉන්ධන පිරවුම්හල්වලට පොලිසියට අමතරව යුද හමුදා ආරක්ෂාව
- නීති විරෝධී යතුරු පැදි එන්ජින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- කිඹුලෙක් වැවේ නාමින් සිටි දැරියක් ඩැහැගෙන යයි
- පළාත් 3කට දිස්ත්‍රික්ක 5කට විශේෂ නිවේදනයක්
- හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ
Author: accioAdmin
ලෝ ලෙවල් මාර්ගයට රණාල ප්‍රදේශයේදී ගසක් කඩා වැටී ඇති වාර්ත්ගාවනවා. අප වාර්තාකරුවන් සඳහන් කලේ ඒ හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා සිදුව ඇති බවයි . කඩිනමින් ගස ඉවත් කට මාර්ගයේ ධාවන කටයුතු යතා තත්වයට පත් කරන බවයි පොලිසිය සඳහන් කලේ.
ශ්‍රී ලංකා පොලීසිය රාජ්‍ය ආයතන කිහිපයක් සමඟ එකඟතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. ශ්‍රී ලංකා රේගුව, මෝටර් රථ දෙපාර්තමේන්තුව, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, මධ්‍යම පරිසර අධිකාරිය, සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය යන ආයතන සමඟ මෙම එකඟතා ගිවිසුම් අත්සන තබා ඇති බව සඳහන්. මුදල් විශුද්ධි කරන හෝ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වළක්වාලීම සඳහා පොලීසිය මඟින් සිදු කරන විමර්ශනවලට ඉතා පහසුවෙන් අවශ්‍ය තොරතුරු හුවමාරු කර ගැනීම මෙම ගිවිදුම් අත්සන් තැබීම මගින් අපේක්ෂා කරනවා.
දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් ආරම්භ කළ වැඩ වර්ජනය අද දිනයේත් ක්‍රියාත්මකයි. මේ හේතුවෙන් අද දිනයේදීත් දුම්රිය ධාවනයට බාධා එල්ල විය හැකි බවයි වාර්තා වන්නේ. මෙම වර්ජනය හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවයකට පත් වී තිබෙනවා.
නුවරඑළිය, මහනුවර හා බදුල්ල යන දිස්ත්‍රික්ක වල පිහිටි වතු ආශ්‍රිතව තෝරා ගත් පාසල් වල සුහුරු පන්ති කාමර 60ක් ඉදිකිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඉන්දියානු රජයේ මූල්‍ය ආධාර සහ ශ්‍රී ලංකා රජයේ දායකත්වය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මකයි. වතු ආශ්‍රිත පාසල් වල උසස් පෙළ පන්ති සඳහා සුහුරු පන්ති කාමර 60ක් ලබා දීමේ ව්‍යාපෘතිය සඳහා ඉන්දියානු රජය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීම ට පසුගිය වසරේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබුනා. කෙසේවෙතත් එම ව්‍යාපෘතිය උසස් පෙළ සිසුන් පමණක් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කිරීමේ ප්‍රායෝගික ගැටලු සැලකිල්ලට ගෙන, එම සීමාව ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.
ළමුන් අතර මේ දිනවල ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ වාර්තාවීම ඉහළ ගොස් තිබෙනවා. රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසන්නේ එවැනි රෝග ලක්ෂණ පවතින්නේ නම් කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබාගැනීම සඳහා දරුවන් යොමුකළ යුතු බවයි. දරුවන්ගේ ප්‍රතිශක්තිය වර්ධනය සඳාහා අවශ්‍ය ආහාර පාන ලබා දීමෙන් සහ යහපත් සවුඛ්‍ය පුරුදු හුරු කිරීමෙන් මෙම තත්වය මැඩපවත්වා ගත හැකියි.
අතුරුගිරියේ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. අද උදැසන සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු කිහිප දෙනෙකු ඉලක්ක කරමින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබුනා. එම වෙඩි ප්‍රහාරය හේතුවෙන් ක්ලබ් වසන්තද ජිවිතක්ෂයට පත් වුනා. එමෙන්ම බරපතල තුවාල ලැබූ ජනප්‍රිය ගායිකා කේ. සුජිවා ඇතුළු තවත් තිදෙනෙක් මේ වනවිට ප්‍රතිකාර සඳහා රෝහල ගත කර තිබෙනවා.
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී නීති විරෝධී ලෙස ඇඳුම් ආයිත්තම් භාවිත කිරීමේ චෝදනාව මත කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ නායක වනිඳු හසරංගට දඩ නියම කර තිබෙනවා. LPL තරග කමිටුව තීරණය කර ඇත්තේ වනිඳු හසරංගට අමෙරිකානු ඩොලර් 3600ක දඩයක් නියම කිරීම කිරීමටයි. එහිදී මෙම දඩ මුදල වනිඳු හසරංගට මෙවර තරගාවලියේදී ලැබෙන තරග ගාස්තුවෙන් අය කිරීමටයි නියෝග කොට ඇත්තේ. මෙම තරගාවලියට සහභාගී වන සියලු ක්‍රීඩකයන්ට ඒ ඒ කණ්ඩායමට අයත් වර්ණවලින් සමන්විත වෙනම ඇඳුම්, උපකරණ ලබාදී තිබියදී වනිඳු හසරංග වෙනත් ලාංඡනයක් සහිත ‘හෙල්මට්’ එකක් පැලඳ ක්‍රීඩා කිරීම සඳහා පිටියට පැමිණ තිබෙනවා. එහිදී අයර්ලන්ත ජාතික විනිසුරු රොලී බ්ලැක් එය ගලවා දමන ලෙස ඔහුට දැනුම් දී ඇතත්, එම…
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙදින නිල සංචාරයක් සඳහා රුසියාව බලා පිටත්ව යාමට නියමිතයි. රුසියානු ජනාධිපතිවරයාගේ ආරාධනයක් අනුව ඔහු එරට සංචාරය කරන බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ. ඉන්දීය අග්රම්ත්යවර්යා මොස්කව් නුවරදී ව්ලැදිමීර් පුටින් සමඟ 22 වැනි ඉන්දු-රුසියා වාර්ෂික සමුළුවට එක්වීමට ද නියමිතව තිබෙනවා. ඉන්දියාව හා රුසියාව අතර පවත්නා සාම්ප්‍රදායික මිත්‍රශීලීත්වය තවදුරටත් වර්ධනය කරගැනීමේ අරමුණෙන් මෙම සංචාරය සිදුකෙරෙන බව සඳහන්. මොස්කව්හි වාර්ෂික සමුළුව අවසන් කිරීමෙන් පසු මෝදි, ඔස්ට්‍රියාව බලා පිටත්ව යාමට නියමිතයි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයකු ඔස්ට්‍රියාවේ සංචාරයකට එක්වන්නේ වසර 41කට පසුවවීම විශේෂත්වයක්.
පළාත් සභා මැතිවරණය පැවැත්වීම අවශ්‍ය වුවද මෙම වසරේ ප්‍රථමයෙන් ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා සඳහන් කලේ කවර පුද්ගලයෙකු අධිකරණයට ගියද මෙම වසරේ ජනාධිපතිවරණය පවත්වන බවයි. ත්‍රිකුණාමලය ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කලා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කලේ පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමය යටතේ පැවැත්වීමට කටයුතු කරන බවයි.
හෙට දිනයේදී සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා. ඒ, අනුව දෙමාපියන්ගේ සහයෝගය ඇතිව ලබන සතියේ සාමාන්‍ය පරිදි පාසල් කටයුතු කරගෙන යන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට උපදෙස් දී ඇති බව සඳහන්. අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය සඳහන් කලේ රාජ්‍ය සේවා වෘත්තීය සමිති හෙට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති ලෙඩ නිවාඩු වර්ජනයට ප්‍රතිචාර වශයෙන් මෙම තීරණය ගත් බවයි. පාසල් කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම රජයේ අරමුණ බවයි ඇය වැඩිදුරටත් සඳහන් කලේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















