Author: accioAdmin

\බිත්තර නිෂ්පාදකයින් විසින් අයුතු ලාභ ලබා ගන්නා බවට බිත්තර වෙළෙඳ සංගමය චෝදනා කරනවා. එහි සභාපති අනුර මාරසිංහ මහතා පවසන්නේ බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා දැනට වැයවන්නේ රුපියල් 20ක පමණ මුදලක් බවයි. ඒ අනුව ඔවුන් බිත්තරයකින් රුපියල් 25ක අයුතු ලාබයක් ලබා ගන්නා බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. එහෙත් වෙළෙඳුන් සඳහා ගොවිපළවලින් බිත්තරයක් රුපියල් 45ත් 50ත් අතර තොග මිලකට ලබාදීම හේතුවෙන් මේ වනවිට වෙළෙඳපොළ තුළ බිත්තරයක මිල රුපියල් 50 ඉක්මවා ගොස් තිබෙනවා. මේ අතර මෙරට නිෂ්පාදනය කෙරෙන කුකුළු මස් හා බිත්තර මෙන්ම අන්නාසි චීනයට අපනයනය සඳහා දීර්ඝ කාලයක් තිස්සේ පැවැති බාධක චීන රජය විසින් ඉවත් කර ඇති බව වාර්තාවන්වා.

තව කියවන්​න

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට නොසන්සුන්තාවක් මතුව ඇති බව වාර්තාවන්වා. විදෙස් ගමන් බලපත්‍ර අයදුම්කරුවන්ගේ පහසුව සඳහා ගමන් බලපත්‍ර අයදුම් කිරීම නව ක්‍රමවේදයක් ඔස්සේ අද සිට නිකුත් කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පසුගියදා නිවේදනය කරනු ලැබුවා. ඒ අනුව අයදුම්කරුවෙකු නව විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීමට හෝ අලුත් කරගැනීම සඳහා එම දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය ඔස්සේ අනිවාර්යෙන්ම දිනයක් හා වේලාවක් වෙන් කරගත යුතු යි. එය එක්දින සේවය හා සාමාන්‍ය සේවය යන දෙවර්ගය සඳහාම වලංගු වන බවයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වුනේ. කෙසේවෙතත් එවන් පසුබිමක අද උදෑසනත් ජනතාව විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා බත්තරමුල්ලේ ආගමන හා විගමන දෙපාර්තමේන්තු කාර්යාලය වෙත පැමිණ…

තව කියවන්​න

උරුමය වැඩසටහන මඟින් ලබා දෙන සින්නක්කර ඔප්පු සම්බන්ධව යම් කිසි ගැටලුවක් හෝ ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා. ඉඩම් කොමසාරිස් ජනරාල් බන්දුල ජයසිංහ මහතා සඳහන් කලේ 0112 883812, 0112 883635, යන දුරකථන අංක ඇමතීම මගින් ඒ පිලිබඳ තොරතුරු ලබා ගත ගැකි බවයි. ඊට අමතරව අදාළ තොරතුරු ලබා ගැනීම සඳහා 0112 797400, 0112 865824 යන දුරකතන අංකද ඇමතිය හැකියි කොන්දේසි සහිතව රජයෙන් බලපත්‍ර සහ දීමනා පත්‍ර ලබා දී තිබෙන පවුල් ලක්ෂ 20කට වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උරුමය වැඩසටහනට අනුව සින්නක්කර බලයක් සහිත නිරවුල් ඔප්පු ලබා දීම ආරම්භ කර තිබෙනවා.

තව කියවන්​න

චීනයේ මහල් ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් 16 දෙනෙකු මිය ගොස් තිබෙනවා. මහල් 14කින් යුත් සාප්පු සංකීර්ණයක මෙම ගින්න හටගෙන ඇති බව සඳහන්. මුදා ගැනීමේ මෙහෙයුම්වලදී පුද්ගලයන් 30 දෙනෙකු පමණ බේරා ගැනීමට හැකිව ඇති බවයි විදෙස වාර්තා සඳහන් කලේ. එරට මාධ්‍ය වාර්තා කරන්නේ මුදා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවයි.. ඒ සඳහා 300ක ආසන්න සහන සේවකයන් පිරිසක් යොදවා තිබෙනවා.

තව කියවන්​න

ලංකා ප්‍රිමිය ලීග් 20-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ තරග අද ආරම්භ වීමට නියමිතයි. පස්වරු 03.00ට කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේදී එය ආරම්භ වනු ඇති. පළමු අවසන් පූර්ව තරගය සඳහා ප්‍රසාද ලකුණු සටහනේ පළමු හා දෙවැනි ස්ථානවල පසුවන ගෝල් මාවල්ස් සහ ජැෆ්නා කිංග්ස් යන කණ්ඩායම් සුදුසුකම් ලබා තිබෙනවා. එම තරගයෙන් ජයගන්නා කණ්ඩායම 21 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගයට ක්‍රීඩා කරනු ලබනවා. මේ අතර, අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට නියමිත අනෙක් කණ්ඩායම තේරීමේ තරගය ද අද රාත්‍රී 07.30ට පැවැත්වීමට නියමිතයි. ඒ අනුව, කලම්බු ස්ට්‍රකර්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම් අතර එම තරගය පැවැත් වෙනු ඇති.

තව කියවන්​න

ලෝක මස්තිෂ්ක දිනය මෙම මස 22 වැනිදාට යෙදී තිබෙනවා. මෙවර එහි තේමාව වන්නේ ආඝාතය වළක්වා ගැනීම යන්නයි. මේ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී ඊයේ පැවැත්වුනා. ශ්‍රී ලංකා ජාතික ආඝාත සංගමයේ, සභාපති, විශේෂඥ වෛද්‍ය ගාමිණී පතිරණ මහතා එහිදී සඳහන් කළේ, මෙම රෝගී තත්ත්වය නිවාස තුලදීම හඳුනාගැනීම ඉතා වැදගත් බවයි. එවන් තත්වයක් නිරීක්ෂණය වූ වහාම හැකි ඉක්මනින් රෝහල්ගත වෙන ලෙසයි වෛද්‍යවරයා මෙහිදී අවධාරණය කලේ.

තව කියවන්​න

අස්වැසුම දෙවන අදියරේ අයදුම්පත් සලකා බැලීම ආරම්භ කර තිබෙනවා. දෙවන අදියරේදී අයදුම්පත්‍ර හාරලක්ෂ 75000ක් තමන් වෙත ලැබී ඇති බවයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා සඳහන් කළේ. පළමු අදියරේ දී එම මණ්ඩලයට අයදුම් පත්‍ර ලක්ෂ 34ක ප්‍රමාණයක් ලැබී තිබුනා. ඉන් අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ලක්ෂ 18ක් සුදුසුකම් ලබා තිබෙනවා.

තව කියවන්​න

ඉන්ධන, ගෑස් සහ විදුලි මිල ගණන් අඩුකර තිබුණ ද එම සහනය පාරිභෝගිකයින් වෙත ලබානොදෙන වෙළෙඳුන් සොයා වැටලීම් ආරම්භ කර තිබෙනවා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති තුසිත ඉන්ද්‍රජිත් උඩුවර මහතා සඳහන් කළේ, ඒ අනුව ඉදිරි දිනවල දිවයින පුරා වැටලීම් සිදුකිරීමට සිය නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි. ඒ අනුව දිවයින පුරා හෝටල්, ආපන ශාලා හා අනෙකුත් වෙළෙඳසැල් අඛණ්ඩව පරීක්ෂාවට ලක් කෙරෙනු ඇති. එමෙන්ම භාණ්ඩ හා සේවාවල මිල ගණන් හා මිල ප්‍රදර්ශනය පිළිබඳ විශේෂ අවධානය යොමුකර වැටලීම් සිදුකිරීමට එම නිලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා.

තව කියවන්​න

පවතින අධික වර්ෂාපතන තත්ත්වය සැලකිල්ලට ගනිමින් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එය අද සවස 4 දක්වා බලපැවැත්වෙන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධනයේ ජ්‍යේෂ්ඨ විද්‍යාඥ හසළි හේමසිංහ මහත්මිය පවසන්නේ . ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, සහ නුවර එළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, නුවර එළිය සහ කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සඳහා මෙම නිවේදනය බලාත්මකයි. තවද රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, අයගම, ඇළපාත, කුරුවිට, කිරි ඇල්ල, පැල්මඩුල්ල සහ ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට අදියර 1 යටතේ විමසිලිමත්ව සිටින ලෙසයි නිවේදනය කර ඇත්තේ.

තව කියවන්​න

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් පත්‍රය මේ වන විට සුදානම් කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දහගන්නට ලැබී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලොබොඩ මහතා පවසනවා. මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදනයට මන්ත්‍රීවරුන් සහාය නොදැක්වුවහොත් එදින රාත්‍රියේදීම මෙම ගැසට් පත්‍රය නිකුත් කරනු ඇති බවයි.

තව කියවන්​න