Author: accioAdmin

ළමා අපයෝජනවලට වරදකරුවන් වූ හෝ වෝදනා ලැබූ පුද්ගලයන් නැවත ළමයින් සමග සමීප වීමට එරෙහිව රෙගුලාසි සකස් කිරීමට තීරණය කර තිබෙනවා. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසන්නේ එවන් පුද්ගලයින් ළමයින් සමග කටයුතු කරන ආයතනවලට අනුයුක්ත කිරීම වළක්වාලීමට අදාළ රෙගුලාසි සැකසීමට අවධානය යොමුව ඇති බවයි. ඒ අනුව මෙලෙස චෝදනා ලැබූ හෝ වරදකරුවන් වූ පුද්ගලයන් රෝහල්වල ළමා වාට්ටුවලට, ළමයින් සම්බන්ධයෙන් කටයුතු කරන වෙනත් ආයතනවලට, පාසල්වලට යොමු නොකිරීමට වගබලා ගන්නා ලෙස දක්වමින් මෙම රෙගුලාසි සැකසෙනු ඇති. මෙම යෝජනාවලට අදාළව නීතිපති නිරීක්ෂණ ලබාගැනීමට කටයුතු කරමින් සිටින බවයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කලේ.

තව කියවන්​න

ක්ලබ් වසන්ත නොහොත් සුරේන්ද්‍ර වසන්ත ඝාතන සිද්ධියට සම්බන්ධ බවට සැකපිට තරුණියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පවසන්නේ 21 හැවිරිදි තරුණියක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. පසුගිය 08 වනදා ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවකට සහභාගී වී සිටියදී ක්ලබ් වසන්ත වෙඩි තබා ඝාතනය කරනු ලැබුවා.

තව කියවන්​න

එළඹෙන ජනාධිපතිවරණ කාලසීමාව තුළ ජනාධිපති අපේක්ෂකයන්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ පෞද්ගලික ආරක්ෂක කටයුතු අධීක්ෂණය කිරීම සඳහා සම්බන්ධීකරණ නිලධාරියෙකු පත් කර තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පති එස්.එම්.වයි සෙනෙවිරත්න මහතා මෙලෙස එම තනතුර සඳහා පත් කර ඇතිබව සඳහන්. ඒ, ඔහු දැනට දරණු ලබන පොලිස් ශිෂ්‍ය භට දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ධුරයට අමතරවයි. එමෙන්ම මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ 17 වන මහලේ මෙම තනතුරට අදාළව කාර්යාලයක් ස්ථාපිත කිරීමටද පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබාදී තිබෙනවා

තව කියවන්​න

ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා යුරෝපා සංගමය සහ පොදුරාජ්‍ය මණ්ඩලය මැතිවරණ කොමිෂන් සභාවෙන් අනුමැතිය ඉල්ලා තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා සඳහන් කලේ යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයන් යෙදවීමට අදාළව අනුමැතිය ලබා දී ඇති බවයි. පොදුරාජ්‍ය මණ්ඩලයේ මැතිවරණ නිරීක්ෂකයන් සඳහාද අදාළ අනුමැතිය ලබා දීමට නියමිතව තිබෙනවා. ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළ නිරීක්ෂණ කටයුතු සඳහා මෙම නිරීක්ෂකයන් වරින්වර පැමිණීමට නියමිත බවයි ඒ මහතා සඳහන් කලේ. අනෙකුත් සංවිධානවල මැතිවරණ නිරීක්ෂකයන්ද ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා ඉල්ලීම් ඉදිරිපත් කර ඇති අතර ඉදිරි සති දෙක තුළදී ඒ සම්බන්ධ තීරණය ගන්නා බවයි සභාපතිවරයා සඳහන් කලේ.

තව කියවන්​න

බිත්තර ආනයනය කිරීම සඳහා රජයේ අවධානය නැවත වරක් යොමුවී ඇති වාර්තාවනවා.. මෙරට බිත්තර නිෂ්පාදකයින් විසින් දිගින් දිගටම බිත්තර මිල ඉහළ අගයක පවත්වාගෙන ඊට හේතුවී ඇති බව සඳහන්. ඒ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් හෙට වෙළෙඳ හා වාණිජ කටයුතු අමාත්‍යංශදී පැවැත්වීමට නියමිතයි.

තව කියවන්​න

2024 වසරේ පළමු මාස හය තුළ බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත් මගින් ලබා ගත් ණය ප්‍රමාණයට වඩා රුපියල් බිලියන 129ක ණය මුදලක් ගෙවා දැමීමට රජය සමත්ව තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසන්නේ එම කාලය තුළ රජය බැඳුම්කර සහ භාණ්ඩාගාර බිලපත් මගින් ලබා ගත් සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 4852ක් බවයි. ඒ අනුව එම කාලය තුළ ගෙවා දමා ඇති ණය ප්‍රමාණයේ වටිනාකම රුපියල් බිලියන 4981ක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. සියලු පාර්ශ්ව විමසා සිටින්නේ ණය ලබා ගැනීම පිළිබඳ සංඛ්‍යා ලේඛන පමණක් වුව ද ණය ගෙවා දැමීම ද රජය නිසි පරිදි සිදු කරමින් පවතින බව අමාත්‍යවරයා අවධාරණය කලා.

තව කියවන්​න

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අලි සබ්රි රහීම් මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. මන්ත්රිවර්යාව එරෙහිව පසුගියදා වරෙන්තු නිකුත් කෙරුණු අතර අද කල්පිටිය පොලීසියට පැමිණි අවස්ථාවේදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. ඒ අනුව අලි සබ්රි රහීම් මහතා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

තව කියවන්​න

ගාල්ල ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් තිදෙනෙක් බරපතල තුවාල ලබා තිබෙනවා. මෝටර් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන කාන්තාවන් හතරදෙනෙකුගේ ඇඟේ ගැටී මෙන් මෙම අනතුර සිදුව ති බව සඳහන්. ඉන් බරපතල තුවාල ලැබූ කාන්තාවන් හතරදෙනා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු අතර, එහිදී එක් අයෙකු මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තව කියවන්​න

ත්‍රිරෝද රථ වෘත්තිය පවත්වාගෙන යාමේදී ඊට අදාළ රීතින් තිබිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. වෘත්තිය ත්‍රිරෝද රථ හා ප්‍රවාහන සංගම් නියෝජිතයින් සමග ඊයේ පැවති හමුවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කලා. එහිදී වෘත්තිය ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තිය දියුණුව පිළිබඳ යෝජනාවලියක් ද ජනපතිට භාරදී තිබෙනවා.

තව කියවන්​න

දියවන්නා ඔයේ තිබී පුද්ගල මල සිරුරක් හමුවී තිබෙනවා. තලංගම පොලිසියට ලැබුණු තොරතුරක් මත අද උදැසන මෙම මළසිරුර සොයාගෙන ඇති බව සඳහන්. මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නැහැ .

තව කියවන්​න