- ඉමාමි වාර්තා පිළි නොගන්නා බව සිරිල් ගාමිණී පියතුමන් කියයි
- ජනවාරි මාසයේදී සංචාරකයින්ගේ පැමිණීම ඉතිහාසගත වෙයි
- අමෙරිකානු තානාපති කාර්යාලය විසින් වීසා ඉල්ලුම් කරන අපේක්ෂකයින් සදහා විශේෂ දැනුම් දීමක්
- සුජීවට රු. මිලියන 250ක වන්දියක් ගෙවන්නැයි සී.බී ට නියෝගයක්
- ගුරුවරියක් ළිඳකට වැටී මරුට
- ත්‍රීරෝද රථයක් දුම්රියක ගැටී අනතුරක්
- ක්‍රිෂ් නඩුව සම්බන්ධයෙන් මහාධිකරණයේ පෙනී සිටින්නැයි නාමල්ට සිතාසි
- උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්
Author: accioAdmin
ඉන්දීය නාවික හමුදාවට අයත් INS මුම්බායි යුද නෞකාව හෙට කොළඹ වරායට පැමිණීමට නියමිතයි. INS මුම්බායි නෞකාව ශ්‍රී ලංකා වරායකට පැමිණෙන පළමු අවස්ථාව මෙය බවයි වාර්තාවන්නේ. තෙදින සංචාරයක් වෙනුවෙන් පැමිණෙන එම නෞකාව එළඹෙන 29 වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා. .
වයස අවුරුදු 40 ඉක්මවූ සියලු ලංගම සේවකයින්ගෙන් වෛද්‍ය වාර්තා ලබාගැනීම අනිවාර්ය කර තිබෙනවා. බස් රථයක් ධාවනය කරන අතරතුර ඇති වූ හදිසි රෝගී තත්වයක් හේතුවෙන් ලංගම රියදුරෙක් ඊයේ මියගියා. එම සිද්ධිය හේතුවෙනුයි ලංකා ගමනාගමන මණ්ඩලය මෙම විශේෂ තීරණය ගෙන ඇත්තේ. එහිදී මාස හතරකට වරක් වෛද්‍ය වාර්තා ලබා ගත යුතු බවයි ලංකා ගමනාගමන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කලේ.
විදුලි සැර වැදීම හේතුවෙන් ගලෙන්බිඳුණුවැව ,වැලෑනේගම ප්‍රදේශයේ දී පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ ගලෙන්බිඳුණුවැව ජාතික පාසලේ ඉගෙනුම ලැබූ 15 හැවිරිදි පාසල් සිසුවකුයි. නිවසේ විදුලි රැහැනක් කැඩී , ඇඟේ එතීමෙන් , අදාළ සිසුවාට විදුලි සැර වැඩි ඇති බවයි ගලෙන්බිදුණුවැව පොලිසිය සඳහන් කලේ.
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ලබන සතියේ පැවැත්වෙන බව මැතිවරණ කොමිසම පවසනවා. එම කොමිසම සඳහන් කරන්නේ මැතිවරණය සඳහා සිදුකරන ලද මූලික වියදම් හැර අනෙකුත් සියලු ඉතිරි මුදල් මහා භාණ්ඩාගාරය වෙත ප්‍රතිපූර්ණය කර ඇති බවයි. එමෙන්ම පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා ලබා දුන් ඇතැම් අපේක්ෂකයින් රට අත්හැර ගොස් ඇති අතර ඇතැම් අපේක්ෂකයින් මිය ගොස් ඇති බවයි මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කලේ. කෙසේවෙතත් පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් මේ වන විට කොමිසම සතුව නොමැති බවයි ඒ මහතා කියා සිටියේ.
දිවයිනේ පොලිස් ස්ථාන වෙත කම්කරුවන් බඳවා ගැනීමට සිදුව ඇති බව වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ රුවන් ගුණසේකර මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ මැතිවරණය ඉලක්ක කර ගනිමින් නීති විරෝධීව ප්‍රචාරය කරනු ලබන දැන්වීම් ඉවත් කිරීම සඳහා මෙලෙස කම්කරුවන් බඳවා ගැනීමේ අවශ්‍යතාවක් මතුව ඇති බවයි. එම කටයුතු සඳහා කම්කරුවන් 1,500කට අධික ප්‍රමාණයක් බඳවා ගැනීමට අවශ්‍ය බවයි ඒ මහතා වැඩිදුරටත් සදහන් කලේ.
වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කර තිබෙනවා. ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තෙක් තැපැල් සේවකයින්ගේ නිවාඩු මෙලෙස අවලංගු කර ඇති බවයි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කලේ. ජනාධිපතිවරණයට අදාළ කටයුතු මූලික කර ගනිමින් ඔවුන්ගේ නිවාඩු මෙලෙස අවලංගු කිරීමට තීරණය කර තිබෙනවා. කිසියම් අයෙකුට අත්‍යාවශ්‍ය හේතුවක් මත නිවාඩු ලබැගැනීමට අවශ්‍ය වුවහොත් පළාත් භාර නියෝජ්‍ය තැපැල්පතිගේ අවසරය ලබා ගැනීමට සිදුවන බවයි නියෝජ්‍ය තැපැල්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
නීතිවිරෝධීව මෙරටට ගෙනා දුම්වැටි තොගයක් සමඟ ගුවන් මගීන් 4 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් සිය ගමන් මලු තුළ මෙම විදේශීය නිෂ්පාදිත ” මැන්චෙස්ටර් ” වර්ගයේ දුම්වැටි කාටූන් 115 බැගින් දුම්වැටි කාටූන් 345 ක් සඟවා ගෙන සිටියදීයි රේගු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ. මෙසේ නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ විදේශීය නිෂ්පාදිත දුම්වැටි සියල්ල රාජසන්තක කිරීමට නියෝග කර ඇති අතර මෙම ගුවන් මගීන් සිව් දෙනාට රුපියල් ලක්ෂය බැගින් රුපියල් ලක්ෂ හතරක දඩ මුදලක් ගෙවන ලෙස ද නියෝග කර තිබෙනවා.
ජනාධිපති අපේක්ෂකයන්ට සිය ප්‍රතිපත්තිය රජයේ ගුවන් විදුලියෙන් සහ රූපවාහිනියෙන් ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව සලසා දී තිබෙනවා. ලබන 6 වෙනිදා සිට ඒ සඳහා අවස්ථාව ලැබෙන අතර සෑම අපේක්ෂකයෙකුටම විනාඩි පහළොව බැගින් අවස්ථා තුනක් හිමි වන බව සඳහන්. කාලය වෙන් කර ගැනීම සඳහා කුසපත් ඇදීම මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී පසුගියදා පැවැත්වුනා.
එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනය හෙට පිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්ෂ මුලස්ථානයේදී පැවැත්වීමට නියමිතයි. පස්වරු 02.00ට එය පැවැත්වීමය නියමිත බවයි වාර්තාවන්නේ. එහි දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමේ යෝජනාවට අනුමැති ලබා ගැනීමට නියමිත බව සඳහන්. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් අයුරින් මෙම සම්මේලනය පැවැත්වීමට නියමිතයි. සමගි ජනබලවේගයේ සිට ජනාධිපතිවරයාට සහය පළ කිරීමට පැමිණි සියලු මන්ත්‍රීවරුන් මෙහි විශේෂිත ආරාධිතයින් ලෙස සහභාගී වන බව සඳහන්.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරින් ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරික ස්ථානවලට ගොස් බදු මුදල් රැස් කරන වංචනික පිරිසක් පිලිබඳ දිගින් දිගටම පැමිණිලි ලැබෙමින් ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා. කොළඹ, පානදුර, මීගමුව, වෙන්නප්පුව සහ මිනුවන්ගොඩ ආදී ප්‍රදේශවලින් එම පැමිණීලි ලැබී ඇති බවයි වාර්තාවන්නේ. බදු වර්ගවලට අදාළ බදු මුදල් රැස් කිරීමේදි දේශීය ආදායම් නිලධාරීන් විසින් බදු ගෙවන්නන් වෙත ගොස් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් නමින් පවත්වාගෙන යන බැංකු ගිණුම්වලට පමණක් බදු මුදල් තැන්පත් කිරීමට උපදෙස් දෙන බව එම දෙපාර්තමේන්තුව පවසන්නේ. එමෙන්ම මුදල් හෝ චෙක්පත් එකතු කිරීමක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් සිදු නොකරන බවද සඳහන්. ඒ අනුව වංචනික පුද්ගලයින් වෙත මුදල් ලබා නොදන ලෙසත් ඔවුන් නීතියේ…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222