- සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
- ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
- රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
- බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට
- බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට
- සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
- ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
- රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට
Author: accioAdmin
ගම් දෙකක පුද්ගලයින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් හත් දෙනෙකු තුවාල ලබා කිළිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙම ගැටුම හට ගෙන ඇත්තේ පුන්නෙයිරාවී හා ධර්මපුරම් යන ගම්මාන දෙකේ වැසියන් දෙපිරිසක් අතර බවයි වාර්තා වන්නේ. මෙම ගම්මාන දෙකේ වැසියන් අතර කාලයක සිට ආරවුලක් පවතින බව සඳහන්. මෙවර ගැටුම හට ගෙන ඇත්තේ ධර්මපුරම් ගම්මානයට යාම සදහා අතුරු මාර්ගයක් සැකසීමට එම ගමේ වැසියන් සූදානම් වූ අවස්ථාවේදි ඊට පුන්නවිරාවී ගමේ වැසියන් විරෝධය පල කිරීමත් සමගයි. කෙසේ වෙතත් අදාළ ගැටුම සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ජනාධිපතිවරණය පිළිබඳව අවිනිශ්චිත තත්ත්වයක් ගොඩනැගී ඇතැයි පැෆරල් සංවිධානය විසින් ජනාධිපතිවරයාට ලිපියක් යොමුකර තිබෙනවා. එම සංවිධානය පවසන්නේ පොලිස්පතිවරයා සම්බන්ධයෙන් අධිකරණය ලබාදී ඇති අතුරු තහනම් නියෝගය අනුව වැඩබලන පොලිස්පතිවරයකු පත්නොකරන තත්ත්වයක් තුළ මෙම අවිනිශ්චිතතාව මතුව ඇති බවයි. එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා විසින් ඊයේ මෙම ලිපිය ජනාධිපතිවරයාට යොමුකර තිබෙනවා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා මැතිවරණ පිළිබඳ වරින්වර අවිනිශ්චිතතාවයට පත්වීම රාජ්‍යයේ, පුරවැසියාගේ හා රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයාගේ ගෞරවයට බරපතළ හානියක් බවයි එම ලිපියේ දක්වා ඇත්තේ.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා. එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඉදිරිපත් කළ යෝජනාවට පසුගිය 22 වනදා කැබිනට් අනුමැතිය හිමිවුණා.
අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ආසන වෙන් කිරීමේ කාල සීමාව අද සිට සංශෝධනය කර තිබෙනවා. කෙසේවෙතත් දුම්රිය ආසන වෙන කිරීමේ වේලාව කඩිමුඩියේ වෙනස් කිරීම පිළිබඳ තමන් විරෝදය පල කරන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ . මගීන් දැනුවත් කිරීමට කාලය නොතබා මේ ආකාරයෙන් වෙලාව වෙනස් කිරීම සිදු නොකළ යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මැතිවරණ කාල සීමාවේ දී රජය අපහසුවට පත් කිරීමට වාණිජ අධිකාරීවරයා ඇතුළු වාණිජ අංශයේ නිලධාරීන් ගන්නා ක්‍රියාමාර්ගයන්ට විරෝධය පළ කර ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට කටයුතු කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
ගාසා හි ළමා අරමුදල” සඳහා තවදුරටත් මුදල් බැර නොකරන ලෙස ජනාධිපති කාර්යාලය දැනුම් දෙනවා. ඒ සඳහා දායකවීමේ අවස්ථාවඊයේ දිනෙන් අවසන් වූ බවයි එම කාර්යාලය පවසන්නේ. එහිදී 2024 ජූලි 31 දිනෙන් පසු යම් තැන්පත් මුදලක් සෘජුවම ජනාධිපති කාර්යාලයේ නිල බැංකු ගිණුමට ප්‍රේෂණය කළහොත් එම මුදල සමාජ සත්කාරක වැඩසටහන් ක්‍රියාවට නැංවීම සඳහා ජනාධිපති අරමුදල වෙත බැර කිරීමට කටයුතු කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් ජනාතිපති මාධ්‍ය අංශය සඳහන් කලේ.
දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරීන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරු ලබන සෙනසුරාදා කොළඹට කැදවා තිබෙනවා. මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කලේ ජනාධිපතිවරණයට අදාළ කටයුතු සාකච්ඡා කිරීම සඳහා ඔවුන් මෙලෙස කොළඹට කැදවා ඇති බවයි. තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනිම මේ මස 05 වනදායි අවසන් වනවා.
ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂකයා වශයෙන් හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ අද ඇප තැම්පත් කරනු ලැබුවා. ඒ රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්‍යාලයේදී යි. ඒ අනුව මේ වනවිට ජනාධිපතිවරණය වෙනුවෙන් අද තැන්පත් කර ඇති අපේක්ෂකයින් සංඛාව 7ක්. මැතිවරණ කොමිසම නිවේදනය කළේ ඊයේ දිනයේදී අපේක්ෂකයින් දෙදෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇති බවයි. සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ජාතික සංවර්ධන පෙරමුණේ අපේක්ෂකයා ලෙස පී.ඩබ්ලිව්.එස්.කේ බණ්ඩාරනායක මහතා ද ඊයේ දිනයේ ඇප මුදල් තැන්පත් කරනු ලැබුවා. ජනාධිපතිවරණයේ නාම යෝජනා භාර ගැනිම මස 15 වනදා සිදුකිරීමට නියමිතයි.
මැතිවරණ නීති උල්ලංඝණය කිරීම ඇතුළු විවිධ පැමිණිලි 125කට අධික සංඛ්‍යාවක් මේ වන විට තමන් වෙත ලැබී තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. පත්වීම්, මාරුකිරීම් සහ උසස් කිරීම් සම්බන්ධව එම පැමිණිලි සහ ඉල්ලීම් ලැබී ඇති බවයි කොමිෂන් සභාව සඳහන් කලේ. ඉදිරියේදී මැතිවරණය සම්බන්ධයෙන් යම් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය නම් මැතිවරණ කොමිසමේ ස්ථාපිත කර තිබෙන පැමිණිලි අංශය සම්බන්ධ කර ගැනීමට හැකියාව පවතිනවා. මේ අතර පැෆරල් සංවිධානය පවසන්නේ මෙතෙක් ලැබී ඇති පැමිණිලි අතරින් රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම සම්බන්ධ පැමිණිලි විශාල සංඛ්‍යාවක් ලැබී ඇති බවයි.
නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා රාජ්‍ය නිලධාරීන් වෙත නිකුත් කිරීමට නියමිත මාර්ගෝපදේශ මාලාව හෙට දිනය වන විට ලබාදෙන බව මානව හිමිකම් කොමිසම පවසනවා. එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචි හේවා මහතා සඳහන් කළේ ඒ සඳහා දිවයින පුරා පිහිටි මානව හිමිකම් කාර්යාල නිලධාරීන් වෙත මේ වන විටත් දැනුවත් කර තිබෙන බවයි.
දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවුනා. මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුවේ අද පෙරවරුවේ එම හමුවීම සිදුවූ බවයි. එහිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිව්වන වාරිකය ලබාගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කල බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කලේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222














