Author: accioAdmin

ජනාධිපතිවරණයේදි කුමන අපේක්ෂකයාට සහය ලබා දෙන්නේ ද යන්න අද තීරණය කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දයාසිරි පාර්ශවය පවසනවා. පක්ෂයේ නිල මහලේකම්වරයා තමන් බැවින් සියලු ආසන සංවිධාකයින් අද කොළඹට රැස් කර එම තීරණය ගන්නා බවයි මන්ත්‍රීවරයා සඳහන් කලේ.

තව කියවන්​න

ජනාධිපතිවරණයේදී පොලිසිය ඇතුළු රාජ්‍ය නිලධාරින් සිදු කරන මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා සදහන් කළේ, ඒ අනුව 0767914696 දුරකතන අංකයට හෝ 0112505566 ෆැක්ස් අංකයට මේ පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කළ හැකියි.

තව කියවන්​න

බිත්තර ආනයනය කිරීමට රජය ගෙන් ඇති තීරණයට විරෝධය පල කරන බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. ඔවුන් පවසන්නේ බිත්තර ආනයනයට රාජ්‍ය තීරණය කර ඇත්තේ කෘෂිකාර්මික නිෂ්පාදනවල මිල නියාමනය කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරිමට අපොහොසත් වීම හේතුවෙන් බවයි. එවැනි ක්‍රමවේදයක් සකස් කිරීමකින් තොරව බිත්තර ආනයනය කිරීම මඟින් දේශීය කර්මාන්තය විනාශ වන බවයි එම සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසන්නේ. කෙසේ වෙතත් ඉදිරි උත්සව සමය සඳහා හිඟයකින් තොරව බිත්තර සහ කුකුළු මස් ලබා දීමේ හැකියාව පවතින බව ඒ මහතා සඳහන් කලා.

තව කියවන්​න

ඉදිරි ජනාධිපතිවරණයේදී හොර ක්‍රියා මැර ක්‍රියා සිදුවන ඡන්ද මධ්‍යස්ථාන ශුන්‍ය කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා. කොමසාරිස්වරයා සඳහන් කරන්නේ පසුගිය මැතිවරණවලදීද එවැනි ශූන්‍ය කිරීම් සිදු කළ බවයි. මේ අතර පසුගිය මැතිවරණ වලදී මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වැඩි වශයෙන් සිදුවුණු ප්‍රදේශ විස්සක් පමණ හඳුනාගෙන තිබෙනවා.

තව කියවන්​න

සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් අද කොළඹට කැඳවා තිබෙනවා. ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙම කැඳවීම සිදු කර ඇති බව සඳහන්. පොලිස්පතිවරයෙකු නොමැතිව ඉදිරි ජනාධිපතිවරණයේදී රාජකාරී කළ යුතු ආකාරය සහ පොලිස් දෙපාර්තමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව බවයි වාර්තාවන්නේ.

තව කියවන්​න

මත්පැන් කාල බෝතලයක මිල රුපියල් සියයකින් අඩු කරන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව මත්පැන් නිෂ්පාදකයන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඊයේ මත්පැන් නිෂ්පාදකයන් සමග සුරාබදු දෙපාර්තමේන්තුවේදී ඊයේ පැවැති විශේෂ රැස්වීමකදී කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරි මහතා මෙම ඉල්ලීම සිදුකර ඇති බව සඳහන්. ඒ මහතා පෙන්වා දෙන්නේ මේ වනවිට එතනෝල් ලීටරයක මිල රුපියල් 600-700ත් අතර මිලකට අඩුවී ඇති බවයි. එබැවින් මත්පැන් මිල අඩු කිරීමේ හැකියාවක් පවතින බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. එමෙන්ම මිල ඉහළ යාම හේතුවෙන් මත්පැන් අලවිය 40%කින් අඩුවී තිබෙනවා. තවද පාරිභෝගිකයන් නීතිවිරෝධී මත්පැන් භාවිතයට පෙළඹීම වැඩිවී ඇති බවයි කොමසාරිස්වරයා මෙහිදී අවධාරණය කලේ. කෙසේවෙතත් සුරාබදු සහ මත්පැන් නිෂ්පාදන අමුද්‍රව්‍යවලට පනවා ඇති බදු හේතුවෙන් මිල අඩු…

තව කියවන්​න

ජනාධිපතිවරණය ආශ්‍රිතව පැමිණිලි 153 ක් මේ වනවිට මැතිවරණ කොමිෂන් සභාවට ලැබී තිබෙනවා. ඉන් පැමිණිලි විශාල සංඛ්‍යාවක් ලැබී ඇත්තේ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් බවයි වාර්තාවන්නේ. රාජ්‍ය සම්පත් අවභාවිතය, පත්වීම් ලබාදීම් හා ස්ථාන මාරු කිරීම් වැනි සිද්ධි සම්බන්ධයෙන් පැමිණිලි ඒ අතර වනවා. මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ එම සියලු පැමිණිලි සම්බන්ධයෙන් අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගත් බවයි. ජනාධිපතිවරණය ආශ්‍රිතව එක් පැමිණිල්ලක් පමණක් තමන්ට ලැබී ඇති බවයි පොලිසිය සඳහන් කලේ. කෙසේවෙතත් පැෆරල් සංවිධානය සඳහන් කලේ ජනාධිපතිවරණය ආශ්‍රිතව පැමිණිලි 40 ක් මේ වනවිට වාර්තා වී ඇති බවයි.

තව කියවන්​න

ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළ දමා තිබෙනවා. මෙම සහනය අද සිට පාරිභෝගිකයින්ට ලබා දීමට කටයුතු කරන බවයි ලංකා සතොස සඳහන් කලේ. ඒ නුව ආනයනික අර්තාපල්, සුදු කවුපි, ආනයනික ලොකු ලුණු , රතු කවුපි සහ කිරි සම්බා මිල අඩු කිරීමටයි පියවර ගෙන ඇත්තේ. මිට අමතරව සිනි සහ පරිප්පු මිලද අඩු කර තිබෙනවා.

තව කියවන්​න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් අතර ඊයේ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. හිටපු ජනාධිපතිවරයාගේ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී මෙම සාකච්ඡාව පවත්වා ඇති බවයි වාර්තාවන්නේ. මෙහිදී ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බව සඳහන්.

තව කියවන්​න

ගම් දෙකක පුද්ගලයින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් හත් දෙනෙකු තුවාල ලබා කිළිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙම ගැටුම හට ගෙන ඇත්තේ පුන්නෙයිරාවී හා ධර්මපුරම් යන ගම්මාන දෙකේ වැසියන් දෙපිරිසක් අතර බවයි වාර්තා වන්නේ. මෙම ගම්මාන දෙකේ වැසියන් අතර කාලයක සිට ආරවුලක් පවතින බව සඳහන්. මෙවර ගැටුම හට ගෙන ඇත්තේ ධර්මපුරම් ගම්මානයට යාම සදහා අතුරු මාර්ගයක් සැකසීමට එම ගමේ වැසියන් සූදානම් වූ අවස්ථාවේදි ඊට පුන්නවිරාවී ගමේ වැසියන් විරෝධය පල කිරීමත් සමගයි. කෙසේ වෙතත් අදාළ ගැටුම සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තව කියවන්​න