- සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
- ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
- රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
- බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට
- බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට
- සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
- ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
- රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට
Author: accioAdmin
අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම ට සම්බන්ධ පුද්ගලයකුගේ නම යුක්තිය මෙහෙයුමේ නාම ලේඛනයෙන් ඉවත් කිරීම සදහා රුපියල් 150,000 ක අල්ලසක් ලබාගැනීමට ගිය පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා නිලධාරීන් විසින් වැලිසරදී සැකකාර සැරයන්වරයා අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්. සැකකරු මහබාගේ පොලීසියට අනියුක්තව සේවය කළ අයෙක් බව සඳහන්.
මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සමඟ යාපනය, කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ මෙහෙයුමක දී එම ධීවරයින් සහ යාත්‍රාව අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවර යාත්‍රාව සහ එහි සිටි ඉන්දීය ධීවරයින් සිව් දෙනා කන්කසන්තුරය වරාය වෙත රැගෙනවිත් ඇති අතර ඔවුන් ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතයි..
අම්පාර, නාමල්ඔය ප්‍රදේශයේ නිවසක දී වෙඩිතබා පොලිස් නිලධාරියෙකු ඝාතනය කර තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කරාඬුගල පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ 33 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකු බව සඳහන්. එමෙන්ම ඉඟිනියාගල, නෙල්ලියද්ද ප්‍රදේශයේ නිවසක දී 54 හැවිරිදි කාන්තාවක් සහ ඇයගේ 17 හැවිරිදි දියණිය වෙඩිතබා ඝාතනය කර ඇති බවයි පොලීසිය පවසන්නේ. මේ අතර කරාඬුගල පොලිස් ස්ථානය තුළ 42 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකු සිය රාජකාරි ගිනිඅවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා. පොලීසිය සැකකකරනු ලබන්නේ එම සියදිවි නසාගත් පොලිස් නිලධාරියා විසින් 33 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයාට, කාන්තාවට සහ දියණියට වෙඩිතබා පසුව ඔහු ද වෙඩිතබාගෙන සියදිවි හානිකරගෙන ඇති බවයි.
සර්ව ජන බලය සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂයා නම් කිරීම අද දිනයේ සිදු කිරීමට නියමිතයි. එම සන්ධානයේ නියෝජිත හමුවක් අද පැවැත්වෙනවා. එහිදී එම තීරණය ගනු ඇති. කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදීයි එම සන්ධානයේ නියෝජිත හමුව සිදුවන්නේ.
ජාත්‍යන්තර පාසල් ශ්‍රේණිගත කිරීමේ ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. එළඹෙන සැප්තැම්බර් මාසයේදී මෙම ප්‍රතිපත්තිය හඳුන්වා දීමට නියමිත බවයි වාර්තාවන්නේ. එහි මූලික අරමුණ වන්නේ එම පාසල්වල ගුණාත්මක තත්ත්වය අනාවරණය කර ගැනීමයි. ඒවායේ විෂය මාලාවන්, ගුරුවරුන්ගේ සුදුසුකම් ඇතුළු ක්ෂේත්‍ර කීපයක් සම්බන්ධයෙන් ලකුණු ක්‍රමයක් හඳුන්වා දීමට නියමිත අතර එම පාසල් ශ්‍රේණිගත කෙරෙන්නේ ඒ ඒ පාසල් ගන්නා ලකුණු ප්‍රමාණය අනුව බවයි ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව සඳහන් කලේ.
පුද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 22ක් තුවාල ලබා තිබෙනවා. මහඔය – අරලගංවිල මාර්ගයේ එම්.ඩී.කේ වැවට හැරෙන හන්දිය ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇති බව සඳහන්. අනතුරින් බස් රථ දෙකෙහි ගමන්ගත් පිරිමි පුද්ගලයින් 02ක්, කාන්තාවන් 12ක්, පිරිමි ළමුන් 06ක් සහ ගැහැණු ළමුන් 02ක් තුවාල ලබා ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා මහඔය රෝහලට ඇතුළත් කර තිබෙනවා. අනතුර සම්බන්ධයෙන් එක් බස් රථයක රියදුරෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි මහඔය පොලිසිය සඳහන් කලේ.
කුවෙට්හි දී පසුගිය 2 වනදා අත්අඩංගුවට ගත් ගායක ගායිකාවන් ඇතුළු ශ්‍රී ලාංකිකයින් පිරිස නිදහස් කර තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත්වීම මත එම පිරිස ඊයේ නිදහස් කර ගැනීමට හැකි වූ බවයි. ඉන්ද්‍රචාපා ලියනගේ, සමනලී ෆොන්සේකා, ජොලි සීයා සහ උපේකා නිර්මාණි ඇතුළු 26 දෙනෙකු පසුගිය 2 වනදා කුවෙට් පොලීසිය මගින් අත්අඩංගුව ගෙන තිබුණි. මෙම ප්‍රසංගය සංවිධානය කර තිබුනේ ‘එතෙර අපි’ නැමැති සංවිධානය විසිනුයි. එම ප්‍රසංගය සඳහා නිසි අවසරයක් ලබා නොගැනීම හේතුවෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබු බව සඳහන්.
ඉදිරි ජනාධිපතිවරනයේදී නිවැරදි නායකයකු තෝරා ගැනීමට ජනතාව ක්‍රියා කල යුතු බව ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් පවසනවා. උන්වහන්සේ සඳහන් කරන්නේ පුද්ගලික අරමුණු වෙනුවෙන් නොව රට වෙනුවෙන් ක්‍රියාත්මක වන පුද්ගලයකු බලයට පත්විය යුතු බවයි. ජාතික නාමල් උයන පරිශ්‍රයේදී අද පවතී මාධ්‍ය හමුවකට එක වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කලා.
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය “හොඳම ජාත්‍යන්තර සංචාරක මණ්ඩලය” සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.. 2024 ගෝලීය සංචාරක සම්මාන උළෙල ඊයේ ඉන්දියාවේ නවදිල්ලී හීදි පැවැත්වුනා. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මීට අවුරුදු දෙකකට පෙර බින්දුවේ සිට මේ වනවිට 100% වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර , ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වෙනුවෙන් ඔවුන් ලෝකයේ සිදු කළ ප්‍රවර්ධන මෙහෙයුම ද මෙහිදී ඇගැයීමකට ලක් කර තිබුනා. ඒ අනුව සම්මානය රැගත් විෂයභාර අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා අද අලුයම දිවයිනට පැමිණි බවයි ගුවන්තොටුපල අප වාර්තාකරු සඳහන් කලේ.
ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධ පැමිණිලි 45ක් මේ වනවිට ලැබී ඇති බව පැෆ්රල් සංවිධානය පවසනවා . ඉන් බහුතර පැමිණිලි සංඛ්‍යාවක් රාජ්‍ය බලය අයුතු ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් වාර්තා වී ඇති බවයි එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසන්නේ .
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















