- නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
- ඩීසල් ලීටර් 3532ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
- ඉන්ධන පිරවුම්හල්වලට පොලිසියට අමතරව යුද හමුදා ආරක්ෂාව
- නීති විරෝධී යතුරු පැදි එන්ජින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- කිඹුලෙක් වැවේ නාමින් සිටි දැරියක් ඩැහැගෙන යයි
- පළාත් 3කට දිස්ත්‍රික්ක 5කට විශේෂ නිවේදනයක්
- හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ
Author: accioAdmin
නොරෝච්චෝල මාම්පුරිය ප්‍රදේශයේදී සිදුවු අනතුරකින් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කලේ ත්‍රි රෝද රථයක් හා යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. අනතුරීන් තුවාල ලබා ඇත්තේ නොරෝච්චෝල මාම්පුරීය ප්‍රදේශයෙ ත්‍රි රෝද රථ රියදුරකු හා කල්පිටිය ප්‍රදේශයෙ යතුරු පැදි කරුවන් සිව් දෙනෙක් බව සඳහන්. ඔවුන් ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.
ක්ලබ් වසන්තගේ දේහයේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට පල කිරීම සම්බන්දව හෝමාගම රෝහලේ 30ගෙන් ප්‍රශ්න කරයි
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත මහතාගේ දේහයේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට මුදාහැරීම සම්බන්ධයෙන් හෝමගම මූලික රෝහලේ පුද්ගලයින් 30 දෙනෙකු ගෙන් පමණ සාක්ෂි සටහන්කරගෙන තිබෙනවා. නුගේගොඩ පොලිස් කොට්ඨාසය මගින් මෙම පරීක්ෂණ සිදුකරනු ලබන්නේ. අදාල දේහය පිළිබදව පශ්චාත් මරණ පරීක්ෂණය සදහා එක්වූ වෛද්‍ය සිසුන් හරහා එම ඡායාරූප සමාජ මාධ්‍යට මුදාහැර ඇති බවට සක මතුව තිබෙනවා.
බංග්ලාදේශයේ පවතින නොසන්සුන්තාවයෙන් විපතට පත්වූවන්ගේ පවුල්වලට සහ පීඩාවට පත්වූ සියලු දෙනාට බලවත් සංවේගය පළකරන බව විදේශ කටයුතු අමාත්‍ය, අලි සබ්රි මහතා පවසනවා. සිය X ගිණුමේ සටහනක් තබමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ. මෙම අභියෝගාත්මක අවස්ථාවේ දී බංග්ලාදේශ ජනතාව සමග හදවතින් බැඳී සිටින බවත්, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සමග පවතින මිත්‍රත්වය අගය කරන අතර එහි ජනතාව සමග සහයෝගයෙන් කටයුතු කරන බවයි අමත්‍යවරයා සිය සටහන මගින් දක්වා ඇත්තේ. බංග්ලාදේශයට සාමය සහ ස්ථාවරත්වය කඩිනමින් නැවත පැමිණෙනු ඇතියි බලාපොරොත්තු වන අතර, ඒ සඳහා ශක්තිය ප්‍රාර්ථනා කරන බවයි විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
දෙමටගොඩ ධාවනාගාරයේ සේවකයින් රාජකාරී කටයුතුවලින් ඉවත් වීම හේතුවෙන් දුම්රිය ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා. මේ හේතුවෙන් කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරනු ලබන දුම්රියවල ප්‍රමාදයන් සහ අවලංගු වීම් සිදුවනු ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දෙමටගොඩ ධාවනාගාරයේ සේවකයෙකු අතුරුදන්වීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන නිසි අකාරයෙන් ක්‍රියාත්මක නොවීමට විරෝධය පළකරමිනුයි එහි සේවකයින් සේවා කටයුතුවලින් ඉවත් වී ඇත්තේ.
රාජ්‍ය සේවකයින්ගේ කාර්යක්ෂමතාව හා ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට රාජ්‍ය අංශයේ තොරතුරු තාක්ෂණ පද්ධති ඒකාබද්ධ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. අදාළ යෝජනාව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබුනා.
පාදුක්ක පෝරේගෙදර ප්‍රදේශයේ නිවසක් මතට විශාල කොස් ගසක් කඩා වැටීමෙන් දරුවෙකු ඇතුළු සිව්දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පැවති වර්ෂාවත් සමඟ හැමූ දැඩි සුළඟ හේතුවෙන් මෙම ගස කඩා වැටි ඇති බවයි වාර්තාවන්නේ. අනතුරින් තුවාල ලැබූ පිරිස ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබෙනවා. ගස කඩා වැටීමෙන් අදාළ නිවස සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර නිවස අසල නවතා තිබූ වෑන් රථයකටද දැඩි ලෙස හානි වී ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.
2024 ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් අද ඇප මුදල් තැන්පත් කරනු ලැබුවා.
දිවයිනපුරා නාය යෑම් අධි අවදානම් ස්ථාන 35ක් හඳුනා ගෙන තිබෙනවා. මහනුවර, නුවරඑලිය, මාතලේ, කෑගල්ල, කළුතර සහ රත්නපුර යන දිස්ත්‍රික්ක වලින් මෙම අවධානම් ස්ථාන හඳුනාගෙන ඇති බව සඳහන්. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නාය යෑම් ස්ථායිකරණ ක්‍රමවේද නාය යාම් අවම කිරීමේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආර්.එම් එස් බණ්ඩාර මහතා සඳහන් කළේ, නාය යෑම් අවදානම් ස්ථාන 35ක් නාය යාම් අවම කිරීමේ තත්ත්වයට පත් කර ඇති බවයි.
වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා පොලී අනුපාතිකය 10% දක්වා වැඩිකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
කැනඩාවේ කර්මාන්තශාලාවක රැකියා දෙනවා යැයි පවසමින් මිලියන ගණන් වංචා කළ මිනිස් ජාවාරම් කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කලේ තිහාරිය ප්‍රදේශයේ දී එම ජාවාරම්කරු අත්අඩංගුවට ගත බවයි. මෙවැනි ස්ථාන හෝ පුද්ගලයින් පිළිබඳව දැනුම්දෙන ලෙසත් කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ දුරකථන අංක 011 2 864 241 හෝ 011 2 864 123 අමතන ලෙසයි එම කාර්යාංශය මහජනතාවට දැනුම් දෙනු ලබන්නේ, එමෙන්ම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ 1989 ක්‍ෂණික දුරකථන අංකය මේ සඳහා පැය විසි හතර පුරාවට ක්‍රියාත්මකයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222














