Author: accioAdmin

ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය ධුර දරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අට දෙනකු එම තනතුරුවලින් ඉවත්වීමේ සුදානමක් පවතින බව සඳහන්. ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය නොදීමට තීරණය කර සිටින රාජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව අටක් . ඒ අනුව ඩී. වී චානක, තේනුක විදානගමගේ, ශෂින්ද්‍ර රාජපක්ෂ අශෝක ප්‍රියන්ත, මොහාන් ද සිල්වා, ඉන්දික අනුරුද්ධ, ප්‍රසන්න රණවීර සහ සිරිපාල ගම්ලත් යන රාජ්‍ය අමාත්‍යවරුන් මෙම තීරණය ගනු ඇති බව සඳහන්.

තව කියවන්​න

ඡන්ද මධ්‍යස්ථානයක් සකස් කිරීමට අවශ්‍ය සේවකයින් සහ පහසුකම් සපයාගැනීම සම්බන්ධව ගැටලුවක් මතු වී ඇති බව සමස්ත ලංකා නිදහස් ග්‍රාම සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ ප්‍රධාන ලේකම් එම්. කේ. ජී. ජගත් චන්ද්‍රලාල් මහතා සඳහන් කලේ මීට පෙර පැවති ඡන්ද විමසීමට වඩා මෙවර එක් සේවකයෙක්ට ලබාදිය යුතු දෛනික දීමනාව තුන්ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවයි. එබැවින් ඡන්ද මධ්‍යස්ථානයක් සකස්කිරීමට අවශ්‍ය පරිදි ප්‍රමාණවත් දීමනාවක් ග්‍රාම නිලධාරීන්ට ලබා දීමට කටයුතු කිරීම අවශ්‍ය බවයි ඒ මහතා පවසන්නේ.

තව කියවන්​න

මැතිවරණ සහ පරිපාලන කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් අද මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා තිබෙනවා. ඒ ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළව නාමයෝජනා භාර ගැනීමට නියමිත මෙමස 15 වැනිදා රාජගිරිය, මැතිවරණ කොමිෂන් සභාවට පොලිස් ආරක්ෂාව සපයා ගැනීම සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහායි. මෙම සාකච්ඡාව සඳහා නුගේගොඩ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාද කැඳවා ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කලේ.

තව කියවන්​න

පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ තවදුරටත් පෙරමුණේ පසුවීමට අමෙරිකා එක්සත් ජනපදය සමත් ව තිබෙනවා. ඒ රන් පදක්ම් 27ක්, රිදී පදක්කම් 35ක් සහ ලෝකඩ පදක්කම් 32ක් ලබා ගනිමින්. පදක්කම් සටහනේ දෙවැනි ස්ථානයේ රැඳී සිටින්නේ චීනය යි. ඔවුන් හිමිකරගෙන ඇති රන් පදක්කම් සංඛ්‍යාව 25ක් . තුන්වන ස්ථානය ගැනීමට ඔස්ට්‍රේලියාව සමත්ව ඇති අතර ඔවුන් මේ දක්වා පැවති තරග වලින් රන් පදක්කම් 18ක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

තව කියවන්​න

රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශයට අමතරව ජනතා අංශයක් ද ඇති කර ජනතාව ආර්ථික වශයෙන් නගා සිටුවීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා සඳහන් කරන්නේ ජනතා අංශයේ ධාවකයා බවට සමූපකාර ව්‍යාපාරය පත්කිරීම වෙනුවෙන් ස්වාධීන හා ශක්තිමත් සමූපකාර ව්‍යාපාරයක් රට තුළ ගොඩනගන බවයි. සමූපකාර ව්‍යාපාරයේ ඉදිරි ගමන්මග පිළිබඳව සාකච්ඡා කිරීම සදහා කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ පැවති හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කලා.

තව කියවන්​න

එළඹෙන ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් මේ වන විට මැතිවරණයට අදාළ පැමිණිලි 137ක් වාර්තා වී ඇති බවයි. ජූලි 31 වැනිදා සිට ඊයේ පස්වරු ව තෙක් ගතවූ කාලය දක්වා මෙමෙ පැමිණිලි සංඛ්‍යව ලැබී තිබෙනවා.

තව කියවන්​න

මෙවර ජනාධිපතිවරණය සඳහා දෙමළ පක්ෂ ඉදිරිපත් කරන පොදු අපේක්ෂකයා අද නම් කිරීමට නියමිතයි. අද පෙරවරුවේ යාපනයේ දී එය සුදු කිරීමට නියමිත බවයි වාර්තාවන්නේ. මෙවර ජනාධිපතිවරණය සඳහා දෙමළ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට පසුගියදා දෙමළ දේශපාලන පක්ෂ 07ක් සහ සිවිල් සංවිධාන 7ක් එක්ව ගිවිසුමකට අත්සන් කරනු ලැබුවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සී.වී. විග්නේෂ්වරන්, සෙල්වම් අඩෙක්කලනාදන්, ධර්මලිංගම් සිද්ධාර්ථන් ඇතුළු දේශපාලන නියෝජිතයන් මෙන්ම සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයින් මෙම අවස්ථාවට එක්වුනා. ඒ අනුව, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන පී. අරියනේන්ද්‍රන් සහ නීතිඥයෙකු වන කේ.වී. තවරාසා මෙලෙස දෙමළ පොදු අපේක්ෂයා ලෙස ඉදිරිපත් කළ යුතු බවට යෝජනා වී තිබෙනවා. කෙසේ වෙතත් උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන ඉලංගෙයි තමිල් අරසු පක්ෂය…

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාව වූ සුමනා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. ජීවිතක්ෂයට පත්වන විට ඇය 80 හැවිරිදි වියෙහි පසුවුණා. සිය මාධ්‍ය දිවිය ආරම්භ කිරීමට පෙර ඇය ගුවන් හමුදා නිලධාරිනියක ලෙසයි සේවය කර තිබුනේ. 1967දී ඇය ගුවන්විදුලි සංස්ථාවේ නිවේදිකාවක් බවට පත්වුනා.

තව කියවන්​න

විශ්‍රාමිකයින් වෙත ලබාදෙන රුපියල් 3,000ක දීමනාව ලබාදීම සම්බන්ධයෙන් චක්‍රලේඛයක් නිකුත් කර බෙනවා. මැතිවරණ කාලසීමාව තුළ එය ලබාදීම තාවකාලිකව නතර කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දී තිබියදීයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අදාළ දීමනාව පිලිබඳ චක්‍රලේඛයක් නිකුත් කර ඇත්තේ. ඊයේ දිනයේ අදාළ චක්‍රලේඛය අමාත්‍යාංශ ලේකම්වරුන් පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත නිකුත් කර තිබෙනවා. ඒ අනුව සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ දීමනාව ලබාදෙන ලෙසයි එම චක්‍රලේඛයෙන් දැනුම් දී ඇත්තේ. රජයේ විශ්‍රාමිකයින් වෙත රුපියල් 3,000ක දීමනාවක් ලබාදීමට රජය විසින් ගෙන ඇති තීරණය ජනාධිපතිවරණය අවසන් වන තෙක් තාවකාලිකව නතර කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් පසුගියදා දැනුම් දෙනු ලැබුවා. කෙසේවෙතත්…

තව කියවන්​න

වෙඩි වැදීමක් හේතුවෙන් සීදුව කොටුගොඩ ප්‍රදේශයේදී පුද්ගලයකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 38 හැවිරිදි පුද්ගලයෙක් බව සඳහන්. අදාළ පුද්ගලයා තවත් අයෙකු සමග මෝටර් රථයකින් ගමන් කර ඇති අතර කොටුගොඩ ප්‍රදේශයේදී පොලිසිය විසින් එම රථය පරික්ෂාවට ලක් කර තිබෙනවා. එහිදී ඔහු පොලිස් සැරයන්වරයාගේ ගිනිඅවිය උදුරාගැනීමටයි උත්සාහ දරා ඇත්තේ. එම අවස්ථාවේ දී එම අවිය ක්‍රියාත්මක වී අදාළ නිලධාරියාගේ පාදයකට හා උදුරාගැනීමට උත්සාහ කළ පුද්ගලයාගේ උදරයට වෙඩි වැදී තිබෙනවා. පාඩුව දෙදෙනාම මීගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර අදාළ පුද්ගලයා මියගොස් ඇති බවයි වාර්තාවන්නේ.

තව කියවන්​න