- මනුශ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
- එක්ස්ප්‍රස් පර්ල් පෙත්සම් විභාගය ලබන සිකුරාදා දක්වා කල්යයි
- ශ්‍රී ලංකාවේ ගැටලු විසඳීමට එක්සත් ජාතින්ගේ සංවිධානයේ සහාය
- කොටස් වෙළදපොලේ අද දැවැන්ත කොටස් පහළ යාමක්
- ඉමාමි වාර්තා පිළි නොගන්නා බව සිරිල් ගාමිණී පියතුමන් කියයි
- ජනවාරි මාසයේදී සංචාරකයින්ගේ පැමිණීම ඉතිහාසගත වෙයි
- අමෙරිකානු තානාපති කාර්යාලය විසින් වීසා ඉල්ලුම් කරන අපේක්ෂකයින් සදහා විශේෂ දැනුම් දීමක්
- සුජීවට රු. මිලියන 250ක වන්දියක් ගෙවන්නැයි සී.බී ට නියෝගයක්
Author: accioAdmin
මත්පැන් බෝතල් සඳහා යොදා ගන්නා ආරක්ෂිත ස්ටිකරය වෙනස් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔක්තෝබර් මස පළමු වනදා සිට එම ස්ටිකරය වෙනස් වනු ඇති. ඒ අනුව හඳුන්වාදෙන නව ක්‍රමවේදය මගින් දැනට භාවිත වන ස්ටිකරයේ පවතින දුර්වලතා මඟහැරී යන බවයි සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා සඳහන් කලේ.
ශ්‍රී ලංකාව තුළ අලෙවි කිරීම සදහා ජීවී මත්ස්‍යයින් සහ කැස්බෑවන් 365 දෙනෙකු රැගෙන පැමිණි ගුවන් මගියෙකු අද අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. රේගු ජෛව විවිධත්ව ආරක්ෂණ ඒකකයේ සහ ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි ගුවන්තොටුපල අප වාර්තාකරු සඳහන් කලේ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තළවතුගොඩ ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි ව්‍යාපාරිකයකු බව සඳහන්. ඔහු විසින් සිය ගමන් මලු තුළ සගවා ගෙන මෙම සතුන් රැගෙන විත් තිබූ අතර ඔවුන් අතර ඇරවානා , මඩු , කැට් පිෂ් සහ කැස්බෑවන් සිටින අතර ඔවුන්ට කටුනායක ගුවන් තොටුපොළේ දී යළිත් ඔක්සිජන් වායුව ලබා දීමට ද පියවර ගෙන තිබෙනවා. රේගු ජෛව විවිධත්ව ආරක්ෂණ ඒකකයේ නිලධාරීන්…
මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් පිලිබඳ කරුණු වාර්තා වී ඇති බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා. එම සංසදය සඳහන් කරන්නේ ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණගල මහතා සඳහන් කළේ.
විශ්‍රාමිකයන්ට ගෙවීමට නියමිත රුපියල් තුන්දහසක අන්තර් කාලීන දීමනාව ඡන්දයෙන් පසු ගෙවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව රජයේ ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා. ඒ අනුව ලබන ඔක්තෝබර් මාසයේදී සැප්තැම්බර් දීමනාව ද සමග වාරික දෙකම එකට ගෙවන ලෙසයි මැතිවරණ කොමිෂන් සභාව ඊයේ දැනුම් දී ඇත්තේ. සිය නියෝගය නොතකා එම දීමනාව ගෙවන ලෙසට අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලබන 12 වැනිදාට පෙර කරුණු පැහැදිලි කිරීමක් කරන ලෙසද මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබෙනවා.
ලංකා සතොස ආයතනය විසින් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අඩුකර තිබෙනවා. ඒ අනුව, කීරි සම්බා කිලෝවක් රුපියල් 12කින් ද සුදු සීනි කිලෝවක මිල රුපියල් 9කින් පහත දමා තිබෙනවා. එමෙන්ම ආනයනික අර්තාපල් කිලෝවක මිල පහල දමා ඇත්තේ රුපියල් 45ක මුදලකින්. මීට අමතරව, සුදු කව්පි කිලෝවක මිල රුපියල් 42කින්, ආනයනික ලොකු ළුෑණු, මුං ඇට, රතු කව්පි කිලෝවක මිල රුපියල් 30කින් අඩු කිරීමටයි එම ආයතනය කටයුතු කර ඇත්තේ. මිට අමතරව , රතු පරිප්පු කිලෝවක මිල රුපියල් 10කින් පහල දැමීමට කටයුතු කර තිබෙනවා. ඊට අමතරව වියළි මිරිස්, හාල් මැස්සන්, දේශීය සුදු කැකුළු සහල් සහ කඩල යන ද්‍රව්‍යවල ද මිල අඩුකරඇති බව සඳහන්.
ඇමෙරිකා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කමලා හැරිස් අතර පළමු විවාදය සැප්තැම්බර් 10 වනදා පැවැත්වීමට දින නියම වී තිබෙනවා. ඇමෙරිකා හිටපු ජනාධිපතිවරයා එක්ස් ගිණුමේ සටහනක් තබමිනුයි මේ බව සඳහන් කර ඇත්තේ.. විවාද තුනක් සිදුකළ යුතු බවට ද ඔහු එහි දක්වා ඇති අතර පසුගිය දා මිචිගන් හි පැවති වැඩසටහනකදී කමලා හැරිස් විවාදයට සහභාගී වන බව තහවුරු කළා. රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය ජුනි මාසයේ දී එරට ජනාධිපති ජෝ බයිඩ්න් සමඟ විවාදයක් ද පැවැත්වුවා. ඒ අනුව ඔවුන් දෙදෙනා ලබන 10 වනදා විවාදයක් පැවැත්වීමට සූදානම් කර තිබුණ ද ජෝ බයිඩ්න් ජනාධිපතිවරණ සටනෙන් ඉවත් වීම හේතුවෙනුයි කමලා හැරිස්ට එම අවස්ථාව හිමිව තිබෙන්නේ. ………..
රජයේ දේපොළ අයථා ලෙස පරිහරණය කරන්නේ නම් ඒවා නැවත භාරදෙන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිවේදනය කරනවා. ඇතැම් පුද්ගලයින් මින් පෙර රජයේ තනතුරු දරමින් සිටියදී රජය මගින් ලබාදුන් නිශ්චල සහ චංචල දේපොළ එම නිලතලවලින් ඉවත්වූ පසු නිත්‍යානූකූල නොවන ආකාරයට පරිහරණය කරන බවට පැමිණිලි රැසක් ලැබි ඇති බවයි එම කොමිෂන් සභාව පවසන්නේ. . ඒ අනුව එලෙස රාජ්‍ය දේපල පරිහරණය කරන්නේ නම් ඒවා කඩිනමින් ආපසු භාරගැනීමට අවශ්‍ය කටයුතු සිදුකිරීම අදාළ බලධාරීන් සිදුකළ යුතු බව සඳහන් කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම නිවේදනය නිකුත්කර තිබෙනවා. අමාත්‍යාංශය ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් පාලන ආයතන ප්‍රධානීන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්…
ඉදිරි දින 10ක කාලය තුල බිත්තර ආනයනය කිරිමේ කටයුතු යළි ආරම්භ කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා. ඊට අදාළ ප්‍රසම්පාදන කටයුතු මේ වනවිට සිදුවන බවයි එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළේ . මේ වනවිට දේශීය වෙළෙඳපොළ තුළ බිත්තරයක් අලෙවි වන්නේ රුපියල් 50 ඉක්මවූ මිලකටයි. ඒ හේතුවෙන් බිත්තර ආනයනය කිරීම සඳහා පසුගියදා කැබිනට් අනුමැතිය හිමිවුනා. ඒ අනුව මසකට බිත්තර මිලියන 30 බැගින් ආනයනය කිරීමට සැලසුම් කර තිබෙනවා.
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය හෙටින් ආරම්භ වීමට නියමිතයි. සිව් මහා දේවාලයන්හි කප් සිටුවීමෙන් අනතුරුව ‘2024 කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යයේ’ කටයුතු, පුරාණ සම්ප්‍රදායට අනුව පසුගිය පස් වනදා ආරම්භ වුනා. ඒ අනුව පුරා දින පහක් දේවාල අභ්‍යන්තර පෙරහර කටයුතු සිදු කෙරුණු අතර හෙට දින පළමු කුඹල් පෙරහර වීදි සංචාරය කිරීමට නියමිතයි. කුඹල් පෙරහර 05ක් පැවැත්වීමෙන් අනතුරුව අගෝස්තු මස 15 වනදා පළමු රන්දෝලි පෙරහර වීදි සංචාරය කරන අතර, අගෝස්තු මස 19 වනදා අවසන් රන්දෝලි පෙරහර වීදි සංචාරය කිරීමට නියමිතයි. 20වනදා අළුයම ගැටඹේ තොටේදී දිය කැපීමේ මංගල්‍ය පවත්වා දිවා පෙරහරින් අනතුරුව මෙවර ඇසළ පෙරහර මංගල්‍ය අවසන් කෙරෙන බවයි දියවඩන නිලමේ නිලංග දෑළ මහතා…
ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය ධුර දරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අට දෙනකු එම තනතුරුවලින් ඉවත්වීමේ සුදානමක් පවතින බව සඳහන්. ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය නොදීමට තීරණය කර සිටින රාජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව අටක් . ඒ අනුව ඩී. වී චානක, තේනුක විදානගමගේ, ශෂින්ද්‍ර රාජපක්ෂ අශෝක ප්‍රියන්ත, මොහාන් ද සිල්වා, ඉන්දික අනුරුද්ධ, ප්‍රසන්න රණවීර සහ සිරිපාල ගම්ලත් යන රාජ්‍ය අමාත්‍යවරුන් මෙම තීරණය ගනු ඇති බව සඳහන්.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222