- නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
- ඩීසල් ලීටර් 3532ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
- ඉන්ධන පිරවුම්හල්වලට පොලිසියට අමතරව යුද හමුදා ආරක්ෂාව
- නීති විරෝධී යතුරු පැදි එන්ජින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- කිඹුලෙක් වැවේ නාමින් සිටි දැරියක් ඩැහැගෙන යයි
- පළාත් 3කට දිස්ත්‍රික්ක 5කට විශේෂ නිවේදනයක්
- හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ
Author: accioAdmin
රට දියුණු කිරීමටනම් සිංගප්පුරුව , මැලේසියාව සහ ජපානය වැනි රටවල ක්‍රියාත්මක වන නීති ශ්‍රී ලංකාව තුලද ක්‍රියාත්මක විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ ඊට ඔබින නායකත්වයක් මේ වනවිට රට සතුව ඇති බවයි. මේ අතර රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය මහතාද සඳහන් කලේ රට මේ වනවිට නිවැරදි මාවතක ගමන් කරමින් සිටින බවයි.
අලුත් අවුරැදු නැකත් පත්‍රය අනුව හිසතෙල් ගෑමේ නැකත් චාරිත්‍රය හෙටට යෙදී තිබෙනවා. හෙට උදැසන 9.41ට යෙදෙන සුබ මොහොතින් කහ සහ රතු මිශ්‍ර වස්ත්රභාරණයෙන් සැරසි දකුනු දිශාව බලා හිසට ඉඹුල් පත්ද පයට නුගපත්ද තබා ඉඹුල් පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කරනු මැනවි යනුවෙනුයි නැකත් පතෙහි සඳහන් වන්නේ. ඊයේ අපරභාග 2.59ට අලුත් අවුරුදු උදාව සිදුවූ අතර ආහාර පිසීමේ නැකත දී තිබුනේ අපරභාග 3.29ටයි. වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභව කිරීමේ නැකත් වෙලාව අපරභාග 5.05ට දී තිබුනා. අලුත් අවුරුද නැකත් පත්‍රය අනුව රැකිරක්ෂා සඳහා පිටත්ව යාමේ නැකත් චාරිත්‍රය දී ඇත්තේ 17වන සඳුදා දිනටයි. ස්වෙතවර්ණ වස්ත්රභාරණයෙන් සැරසි පුර්වභාග 6.28 යෙදෙන…
උත්සව සමයේදී සිදුවන අනතුරු වලදී දන්ත සෞඛ්‍ය පිලිබඳ වැඩි අවධානයක් යොමුවනවා. අනතුරකදී දරුවකුගේ දතක් කැඩී ඉවත්ව ගියහොත් කඩිනමින් එය ස්වාභාවික දියර කිරි භාජනයක බහා රැගෙන එමෙන් යලිත් වරක් එම දත ස්ථාපනය කල හැකි බවයි ප්‍රජා දන්ත විශේෂඥ වෛද්‍ය නිරෝෂා රණසිංහ මහත්මිය සඳහන් කරන්නේ. ශරීරයේ අනෙකුත් අංග මෙන් කැඩී ගිය දත අයිස් මත තබා රැගෙන පැමිණියහොත් එහි ශෛල විනාශ විය හැකි බවයි ඇය සඳහන් කලේ.
මොරටුව ප්‍රදේශයේදී යුද හමුදාවට අයත් වෑන් රථයක් අනතුරට ලක්වීමෙන් පාපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 58 හැවිරිදි වියේ පසුවන පානදුර හොරේතුඩුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. අනතුරට ලක්වූ වෑන් රථය පාපැදිකරුවෙකුගේ ගැටීමෙන් අනතුරුව මාර්ගයේ ගමන්කරමින් සිටි පිරසකගේද ගැටීමෙන් අනතුරුව නතරවී තිබේ. එහිදී බරපතළ තුවාල ලැබූ තිදෙනෙකු රෝහල්ගතකර ඇත. අනතුර සම්බන්ධයෙන් වෑන් රථය පැදවූ යුද හමුදා රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව මොරටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නව නායිකාව ලෙස නීඩා ඩාර් පත් කර තිබෙනවා. නිමා වූ කාන්තා 20 යි 20 ලෝක කුසලානයෙන් පසුව බිස්මා මාරූෆ් නායකත්වයෙන් ඉවත් වූ අතර, ඒ අනුවයි නව නායිකාව පත් කර ඇත්තේ. එමෙන්ම මාර්ක් කෝල්ස් නව ප්‍රධාන පුහුණුකරු ලෙස ද පත් කර ඇති බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළේ. නීඩා ඩාර් පාකිස්තානය නියෝජනය කරමින් 20 යි 20 ජාත්‍යන්තර තරග 130 ක් හා එක්දින තරග 99 ක් තරග කර තිබෙනවා.
ඇෆ්ගනිස්තානයෙන් ඇමෙරිකා හමුදා ඉවත් කිරීමට ට්‍රම්ප් කටයුතු කිරීම වැරදී තීරණයක් බව ඇමරිකා ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පරිපාලනය චෝදනා කරනවා. 2021 වසරේ අගෝස්තු මාසයේ දී ඇෆ්ගනිස්තානයේ මෙහෙයුම් වල නිරත ඇමෙරිකා බට පිරිස් එක්ලක්ෂ විසිදහසක් පමණ ඉවත් කිරීමට ට්‍රම්ප් පරිපාලනය කටයුතු කළා. එම ඉවත් කිරීම සිදු කරන අවස්ථාවේ සෙබළුන් 13න් දෙනෙකු හා ඇෆ්ගන් ජාතිකයන් 200 කට ආසන්න පිරිසක් මිය ගියා. යුද්ධය අවසන් කිරීම සදහා 2020 වසරේ තලෙයිබාන් සංවිධානය සමඟ ඇති කර ගත් ගනුදෙනු ඇතුළුව වැරදි තීරණ ට්‍රම්ප් ජනාධිපතිවරයා ගත් බවටයි චෝදනා එල්ල වන්නේ. මේ පිළිබඳ අදහස් පළ කරමින් ට්‍රම්ප් කියා සිටින්නේ ධවළ මන්දිරය ජනතාවට වැරදි තොරතුරු ලබා දෙන බවයි.
එක්සත් ජාතීන්ගේ කාන්තා කොමිසමට ශ්‍රී ලංකාව ද තෝරාගෙන තිබෙනවා. ඒ පසුගිය 05 වන දා නිව්යෝර්ක් හි පැවති එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කවුන්සිලයේ රැස්වීමේ දි යි. 2024 සිට 2028 දක්වා මෙම පත්කිරීම සිදුකර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළා. මෙම කොමිසමට තේරී පත් වූ අනෙකුත් රටවල් වන්නේ බංග්ලාදේශය, බෙල්ජියම, බොලිවියාව, කොලොම්බියාව, රුමේනියාව සහ නෙදර්ලන්තයයි. 1946 දී පිහිටුවන ලද රටවල් 45 කින් සමන්විත එක්සත් ජාතීන්ගේ කාන්තා කොමිසම ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම සහ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහාම කැප වූ ප්‍රධාන එක්සත් ජාතීන්ගේ අන්තර් රාජ්‍ය ආයතනයයි. තිරසාර සංවර්ධනය සඳහා වූ 2030 න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට ද මෙම කොමිසම දායක වෙනවා.
වෛද්‍ය නිවාඩු දීමනා ගැටලුවට විසඳුම් ඉල්ලා ජල සම්පාදන හා ජලාපවාහන සේවකයන් දින 4 ක් තිස්සේ දියත් කළ වර්ජනය අවසන් කර තිබෙනවා. ජල සම්පාදන හා ජලාපවාහන සේවක සංගමයේ කැඳවුම්කරු උපාලි රත්නායක කියා සිටියේ ඉල්ලීම් ඉටු වූ බැවින් අද සිට යළි රාජකාරිවලට අවතීර්ණ වන බවයි. ඉතිරි වෛද්‍ය නිවාඩු සඳහා වන දීමනා ලබාදීමට භාණ්ඩාගාරයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලිඛිත එකඟතාව පළ කිරීමත් සමග වර්ජනය අවසන් කිරීමට තීරණය කළ බව ඔහු කියා සිටියා.
රට පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීමට නම් වංචාව සහ දූෂණය නවතමින් නිෂ්පාදන ආර්ථිකය වැඩිදියුණු කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. රටේ සම්පත් විකිණීම පිළිබදව නිවැරදි කළමනාකරණයකින් යුතුව දේශපානඥයින් කටයුතු කළ යුතු බවටයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ. ඪදසජැ ක්‍මඑ – ටිල්වින් සිල්වා
ඉංග්‍රීසි භාෂාව මනාව හැසිරවීමට පවතින හැකියාව හේතුවෙන් ඕනෑම රටක රාජ්‍ය නායකයින්ගේ සිත් දිනා ගැනීමට තමන්ට හැකියාව පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. බොහෝ දේශපාලනඥයින් එය විහිලුවක් ලෙස සලකන බවටයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















