- නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
- ඩීසල් ලීටර් 3532ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
- ඉන්ධන පිරවුම්හල්වලට පොලිසියට අමතරව යුද හමුදා ආරක්ෂාව
- නීති විරෝධී යතුරු පැදි එන්ජින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- කිඹුලෙක් වැවේ නාමින් සිටි දැරියක් ඩැහැගෙන යයි
- පළාත් 3කට දිස්ත්‍රික්ක 5කට විශේෂ නිවේදනයක්
- හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ
Author: accioAdmin
රජයේ සියලුම පාසල්, පාසල් වාර සටහනට අනුව හෙට දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා. තවද, අප්‍රේල් මස 20වන දින සිට බල පැවැත්වෙන පරිදී ජාතික පාසල්වල අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුලත් කිරීමට අදාලව නව චක්‍රලේඛයද නිකුත් කිරීමට නියමිතයි. ඒ බැවින් අමාත්‍යාංශය විසින් අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුලත් කිරීමේ ලිපි නිකුත් නොනරනු ඇති බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වන්නේ. මේ අතර දිවයිනේ සියලුම ජාතික පාසල්වල දස අවුරුදු සහ වාර්ෂික ගුරු ස්ථාන මාරුවීම් දැනට ලබා දී ඇති නිර්දේශ අනුව හෙට සිට ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා. විශේෂ අභියාචනාවන්ට යටත් ගුරුවරුන්ගේ හැර අනෙකුත් ස්ථාන මාරු මෙලෙස ක්‍රියාත්මක වන බවයි නිවේදනයක්…
ගාල්ල – දඩල්ල ප්‍රදේශයේදී ඊයේරාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබෙනවා. අවුරුදු උත්සවයකින් පසු පැවති සංගීත ප්‍රසංගයක් නරඹමින් සිටියදී ඔවුන් දෙදෙනා ඉලක්ක කර වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති බව සඳහන්. මියගිය පුද්ගලයාගේ වයස අවුරුදු 36 ක්. තුවාල ලැබූ අනෙක් පුද්ගලයා 18 හැවිරිදි වියේ පසුවන අතර, ඔවුන් දඩල්ල ප්‍රදේශයේම පදිංචිකරුවන්. නීතිවිරෝධී මත්පැන් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් දීර්ඝ කාලයක සිට පැවති අමනාපයක් නිසා වෙඩි තැබීම සිදුකර ඇති බව අනාවරණ වී තිබෙනවා. වෙඩි තැබීමට දෙදෙනෙකු පැමිණ ඇති අතර, ඉන් එක් අයෙකු මියගිය පුද්ගලයාගේ ඥාතියෙකු බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය ප්‍රකාශ කළා. මේ අතර බදුල්ල කහටරුප්ප දඹගස්ගොඩ ප්‍රදේශයේදී පහර දී පුත්‍රයා විසින් සිය පියා…
බීමත් රියදුරන් පරීක්ෂා කිරීම සඳහා දිවයින පුරා විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දූව මහතා පවසනවා . ඔහු පෙන්වා දෙන්නේ විශේෂයෙන් අධිවේගී මාර්ගවලට ඇතුළු වන ස්ථානවල ආරක්ෂාව සඳහා අතිරේක පොලිස් කණ්ඩායම්ද යොදවා ඇති බවයි . අලුත් අවුරුද්දෙන් පසුව ගම්බිම්වල සිට කොළඹට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව නිහාල් තල්දූව මහතා සඳහන් කළේ. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා,
දිවයිනේ දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා. ඊයේ රාත්‍රී 11 සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ. බදුල්ල, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා එම නායයෑමේ නිවේදනය නිකුත් කර තිබෙනවා .
මේ වසර තුළ සියලුම රාජ්‍ය ආයතන පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර ඇති බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසනවා . ඔහු පෙන්වා දෙන්නේ රාජ්‍ය ආයතන 420ක් ඒ අනුව කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර ඇති බවයි . විගණකාධිපති වාර්තාවට අනුව රාජ්‍ය ආයතන කෝප් කමිටුව හමුවට වාර්ෂිකව කැඳවීම් සිදුකළ යුතු වුව ද එය නිසි ආකාරයෙන් සිදුනොවන බව වාර්තා වනවා . මේ අතර අප්‍රේල් මාසය තුළ තවත් රාජ්‍ය ආයතන 04ක් කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතව තිබෙනවා . ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ගුවන් සේවය සහ…
නැගෙනහිර, උතුරු මැද පළාත් සහ කුරුණෑගල, කිලිනොච්චිය, වවුනියාව, මුලතිව්, මන්නාරම, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල අද දිනයේ දී උෂ්ණත්වය සැළකිය යුතු ලෙස ඉහළ යා හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළකර තිබෙනවා. මීට පෙර ඊට ඇතුළත් වූ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට එම බලපෑම තරමක් අඩු වී ඇති බව සඳහන්. මේ හේතුවෙන් එළිමහනට නිරාවරණය වීමේදී අවධානයෙන් කටයුතු කරන ලෙසත්, දරුවන්ට හැකිතාක් දියර වර්ග පානයට ලබාදෙන ලෙසත් විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා වැඩිහිටියන්ට දැනුම් දුන්නා. කෙසේවෙතත් දිවා කාලයේ හැකිතාක් ජලය පානය කරන ලෙස මහජනතාවට දැනුම් දෙනවා. මේ ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා. පවතින…
ශ්‍රී ලාංකිකයෙකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු මුම්බායි පොලීසිය විසින් ඉන්දීය ජාත්‍යන්තර ගුවන්තොටුපලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගුවන් යානා අවසර පත්‍ර හුවමාරු කර ගැනීමේ චෝදනාව මතයි. ඉන්දීය මාධ්‍ය වාර්තා කලේ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් යොදා ගනිමින් සංචාරය කළ ශ්‍රී ලාංකිකයෙකු සහ ජර්මනියේ සිට ගමන්ගත් අයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඔවුන් ඉන්දියාවේ මුම්බායි ජාත්‍යන්තර ගුවන්තොටුපලේ වැසිකිලියක දී ලන්ඩනයට සහ කත්මන්ඩු බලා යාමට සිය අවසර පත්‍ර හුවමාරු කරගෙන ඇති බවයි විමර්ශනවලදී හෙළිව ඇත්තේ. ශ්‍රී ලාංකිකයාගේ විදේශ ගමන්බලපත්‍රයේ පිටවීමේ මුද්‍රාව ව්‍යාජ ලෙස සකස් කර ඇති බව ගුවන් සේවා සමාගමේ නිලධාරියෙකු විසින් හඳුනාගෙන ඇති අතර, වැඩිදුර විමර්ශනවල දී අනාවරණ වී ඇත්තේ ඔහුගේ අවසර පත්‍රයේ මුද්දර…
ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය නොමිලේ නැරඹීමට ක්‍රීඩාලෝලීන්ට අවස්ථාව ලබාදෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළා. දෙරට අතර පළවන ටෙස්ට් තරගය හෙට ආරම්භ වනවා. දෙවන ටෙස්ට් තරගය අප්‍රේල් 24 වනදා ආරම්භ වීමට නියමිතයි. තරග පැවැත්වෙන දිනවලදී ගාල්ල ක්‍රීඩාංගනයේ අංක 4 ගේට්ටුවෙන් ක්‍රීඩාලෝලීන්ට ක්‍රීඩාංගනයට ඇතුළු විය හැකි බවයි ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
ටයිටැනික් නෞකාවේ ඛේදවාචකය සිදුවී අදට වසර 111 ක් සපිරෙනවා. එවකට ලොව තිබූ සුඛෝපභෝගීම සහ වේගවත්ම මගී නෞකාව වන ටයිටැනික් නෞකාව 1912 වසරේ අප්‍රේල් 15 වන දා අත්ලාන්තික් සාගරයේ ගිලී ගියේ මංගල ගමන යන අතරතුරදීයි. දිගින් මීටර් 270 ක් සහ පළලින් මීටර් 28 ක් වූ ටයිටැනික් නෞකාව 1910 දශකයේ ලොව ඉදිකළ විශාලතම මගී නෞකාව වනවා. 1912 අප්‍රේල් 10 වන දින එක්සත් රාජධානියේ සවුත් හැම්ටන් වරායේ සිට ඇමෙරිකාවේ නිව්යෝර්ක් දක්වා ටයිටැනික් නෞකාව තම මංගල චාරිකාව ඇරඹූ අතර මෙම චාරිකාවට මගීන් 2224ක් සහභාගී වී සිටියා. ටයිටැනික් නැව ගිලීයාම නිසා පුද්ගල මරණ 1514 ක් සිදු වූ අතර එය එකල ලොව විශාලතම සමුද්‍රීය ව්‍යසනය ලෙසයි…
සී ෂෙල්ස් සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් සේවා ආරම්භ කිරීමට එයාර් සී ෂෙල්ස් සමාගම තීරණය කර තිබෙනවා. ලබන ජූනි මාසයේ සිට සතිපතා ගුවන් ගමන් සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. ඒ අනුව සතියට දෙවරක් කොළඹ අතර සෘජු ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක කිරීමටයි එයාර් සී ෂෙල්ස් සමාගම තීරණය කර ඇත්තේ. ඒ අනුව ලබන ජුනි මස 20 වන දින සී ෂෙල්ස් සිට පළමු ගුවන් යානය කොළඹ දක්වා ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















