- කොළඹ දිස්ත්‍රික්කයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මෙම මස 09 වැනිදා
- ශ්‍රී පාද වන්දනාවේ පැමිණි බැතිමතෙකු මියයයි
- දුම්රිය කිහිපයක ආසන වෙන් කිරීමේ පහසුකම ඉවතට
- වෛද්‍යවරුන් රට හැර යාමේ අවධානමක්
- මහින්ද රාජපක්ශ සහ ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්
- ජනාධිපති සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයින් අතර හමුවක්
- මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අත්අඩංගුවට
- කොළඹ ලෝටස් පාර වැසෙයි
Author: accioAdmin
රටවල් 30 ක බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ විද්වතුන්ගේ සහභාගීත්වයෙන් ගෝලීය බෞද්ධ සමුළුව අනිද්දා ඉන්දියාවේ නවදිල්ලි නුවර දී ආරම්භ වීමට නියමිතයි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් දෙදිනක් පුරා මෙම සමුළුව පැවැත්වෙනු ඇති. සංස්කෘතික අමාත්‍යාංශය සහ ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනය එක්වයි මෙම සමුළුව සංවිධාන කර ඇත්තේ. ඒ සඳහා ශ්‍රී ලංකාව, වියට්නාමය, ඇමරිකාව, ලාඕසය සහ බ්‍රසීලය ඇතුළු රටවල රැසක නියෝජිතයින් 171 දෙනෙකු සහභාගී වනවා.
නව පාසල් වාරය ආරම්භ වීමත් සමඟ ළමුන් අතර පාචනය වැනි රෝග තත්ත්වයක් පැතිර යෑමේ අවදානමක් ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ දීපාල් පෙරේරා මහතා පවසනවා. එහිදී ඔහු විසින් ප්‍රකාශ කළේ, උත්සව සමයේ දරුවන් විවිධ ස්ථානවලින් විවිධ වර්ගයේ ආහාර අනුභව කිරීමත් සමඟ මෙම තත්ත්වය ඇති වූ බවත් සෑම වර්ෂයකම මෙම තත්ත්වය ව්‍යාප්ත වන බවයි. දරුවන්ට උණ සමඟ වමනය, බඩ රිදිල්ල, ආහාර අජීර්ණය වැනි තත්ත්වයක් ඇති වුවහොත් පාචන තත්ත්වයක් විය හැකි බවත් මේ පිළිබඳ දෙමව්පියන් වැඩි අවදානයක් ලබා දිය යුතු බවට ඔහු සඳහන් කර සිටියා. එවැනි තත්ත්වයක දරුවන්ට ස්වභාවික දියර ආහාර, පළතුරු යුෂ, තැඹිලි වතුර, බැදිහාල් කැඳ හා ජීවනී ලබාදිය…
මහජනතාවට නිදහසේ කාලය ගත කිරීම සඳහා පමණක් ගාලු මුවදොර පිටිය වෙන් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. සමාජ වගකීම් ව්‍යාපෘතියක් වශයෙන් ගාලුමුවදොර පිටිය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් භාරගෙන ඇති බව සදහන්. එම අධිකාරිය විසින් රුපියල් මිලියන 220 ක් පමණ ඒ සඳහා වැය කිරීමට නියමිතයි. පසුගිය අරගල කාලසීමාව තුළ දී එම ප්‍රදේශයේ සිදුව තිබූ දේපළ හානිය අලුත්වැඩියා කටයුතු සඳහා පමණක් රුපියල් මිලියන 6.6ක් වැය කර තිබෙනවා. ඒ අනුව අප්‍රේල් 20 න් පසුව මහජනතාවට නිදහසේ කාලය ගත කිරීමට හා සුවිශේෂී ආගමික කටයුතු සඳහා පමණක් ගාලු මුවදොර පිටිය ලබාදීමට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි…
පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් ඇතැම් පුද්ගලයින් තාප අඝතයට පත් විය හැකි බව අසියා ශාන්තිකර ප්‍රජා සෞඛ්‍ය සංවිධානයේ මහ ලේකම් මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ පිපාසය , ක්ලාන්ත ගතිය සහ වමනය වැනි රෝග ලක්ෂණ මෙහිදී දැකිය හැකි බවයි. එබැවින් කුඩා දරුවන් සහ වියපත් පුද්ගලයින් අධික හිරු රශ්මියට නිරාවරණය වීමෙන් වලකින ලෙසයි ඒ මහතා සඳහන් කරන්නේ. එමෙන්ම මේ දිනවල ජලය හොඳින් පානය කරන්නයි අසියා ශාන්තිකර ප්‍රජා සෞඛ්‍ය සංවිධානයේ මහා ලේකම් මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
පාස්කු ප්‍රහාරයට යුක්තිය හා සාධාරණය ඉල්ලා අප්‍රේල් 21 වනදා මහා ජන පවුරක් නිර්මාණය කරන බව කොළඹ අගරදගුරු ඇති උතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමියන් පවසනවා. උන්වහන්සේ සඳහන් කරන්නේ එදින උදැසන 8ට කොළඹ ශාන්ත අන්තෝනි දේවස්ථානය අසල සිට කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දෙවස්තානය දක්වා කොළඹ මිගමුව ප්‍රධාන මාර්ගය දෙපස මෙම ජන පවුර ගොඩ නගන බවයි. එමෙන්ම පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයින් වෙනුවෙන් උදැසන 8.45ට විනාඩි දෙකක් නිශ්ශබ්දතාවක් ආරක්ෂා කිරීමටත් කටයුතු සිදු කරන බවයි උන්වහන්සේ සඳහන් කලේ.
විදේශ මුදල් හුවමාරු පහසුකම යටතේ ශ්‍රී ලංකාව, තමන්ගෙන් ලබාගෙන ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක ණය මුදල ආපසු ගෙවීම සඳහා තවත් මාස හයක කාලයක් ලබා දීමට බංග්ලාදේශ රජය තීරණය කර තිබෙනවා. ලබා ගත් ණය මුදල සඳහා පළමු වාරිකය පසුගිය මාර්තු මස ගෙවීමට තීරණය කර තිබුණත් ඒ වනවිට ණය ප්‍රතිව්‍යුහගත කර නොතිබීම හේතුවෙන් පළමු වාරිකය ගෙවීමට ශ්‍රී ලංකාවට නොහැකි වුනා. ලබා දුන් ණය මුදල සඳහා පළමු වාරිකය එළඹෙන අගෝස්තු මාසයේදීත් දෙවන වාරිකය සැප්තැම්බර් මාසයේදීත් ගෙවීමට ශ්‍රී ලංකාව සුදානම් බව බංග්ලාදේශ මහ බැංකු අධිපති අබ්දුර් රවුෆ් තලුක්දර් මහතා ප්‍රකාශ කර තිබෙනවා. වොෂින්ටනයේ පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වසන්ත රැස්වීම් වලට…
කුරුණෑගල, තෝරයාය, අටමුණේ ප්‍රදේශයේ පදිංචි මවක් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී සිව් නිවුන් දරුවන් බිහිකර තිබෙනවා. පිරිමි දරුවන් තිදෙනෙකු සහ එක් ගැහුණු දරුවෙකු මෙලෙස බිහිකර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ. අලුත් උපන් දරුවන් සිව්දෙනා සහ මව මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය, පේරාදෙණිය වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සම්පත් ඥාණරත්න මහතා සඳහන් කලේ. නිවුන් දරුවන් බිහිකළ මව 30 හැවිරිදි වියේ පසුවන පාසල් ගුරුවරියක් බවයි වාර්තා වන්නේ. මෙලෙස බිහිකළ නිවුන් දරුවන් සිව්දෙනා රෝහලේ නව ජන්ම ළදරු විශේෂ ප්‍රතිකාර ඒකකයට යොමු කිරීමට වෛද්‍යවරුන් කටයුතු කර තිබෙනවා. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සම්පත් ඥාණරත්න මහතා සඳහන්…
අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට නැවත පැමිණීම සඳහා ප්‍රමාණවත් තරම් ප්‍රවාහන පහසුකම් සලසා ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කලේ හෙට දිනයේදී සියයට 75ක තරම් බස් ප්‍රමාණයක් ධාවනයට එක් කිරීමට කටයුතු කරන බවයි. අලුත් අවුරුදු නිවාඩු ලබා සිටි ඇතැම් රියදුරන් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් අද උදෑසන කාලයේ සිට මේ දක්වා දුම්රිය ගමන්වාර 30 කට වැඩි සංඛ්‍යාවක් අවලංගු වී ඇති බවට පුවතක් වාර්තා වුණා . අපි මේ පිළිබදව සත්‍ය අසත්‍ය තාවය දැනගැනීමට සම්බන්ද කර ගත්තා දුම්රිය අතිරේක සාමන්‍ය අධිකාරී වී .එස් .පොල්වත්තගේ මහතා . එහි දී ඔහු කියාසිටියේ කිසිදු අඩුපාඩුවකින් තොරව…
සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අදයි. තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. අද දිනය නිමා වන විට තරගයේ සියලු ගෞරව දිනා ගන්නට ශ්‍රී ලංකා පිතිකරණ බලඇණිය සමත් වුණා. තරගය පළමු දිනට නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රිඩා කරන ශ්‍රී ලංකාව කඩුලු 4 දැවී ලකුණු 386 ක් ලබා සිටියා. ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත්වෙමින් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ නායක දිමුත් කරුණාරත්න සිය 15 වන ශතයක ලබා ගත්තා. දිමුත් ලකුණු 179ක් ලබා සිටියදී දවා ගන්නට අයර්ලන්ත පන්දු යවන්නන් සමත් වුණා. දිමුත්ට අනගි සහයක් ලබා දෙමින්…
රජයේ සියලුම පාසල්, පාසල් වාර සටහනට අනුව හෙට දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා. තවද, අප්‍රේල් මස 20වන දින සිට බල පැවැත්වෙන පරිදී ජාතික පාසල්වල අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුලත් කිරීමට අදාලව නව චක්‍රලේඛයද නිකුත් කිරීමට නියමිතයි. ඒ බැවින් අමාත්‍යාංශය විසින් අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුලත් කිරීමේ ලිපි නිකුත් නොනරනු ඇති බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වන්නේ. මේ අතර දිවයිනේ සියලුම ජාතික පාසල්වල දස අවුරුදු සහ වාර්ෂික ගුරු ස්ථාන මාරුවීම් දැනට ලබා දී ඇති නිර්දේශ අනුව හෙට සිට ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා. විශේෂ අභියාචනාවන්ට යටත් ගුරුවරුන්ගේ හැර අනෙකුත් ස්ථාන මාරු මෙලෙස ක්‍රියාත්මක වන බවයි නිවේදනයක්…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222