Author: accioAdmin

2023 කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය කැරිබියන් රටවල් 5 කදී පැවැත්වීමට නියමිත බව තරගාවලියේ සංවිධායකයින් නිවේදනය කළා. තරගාවලිය අගෝස්තු 17 වැනිදා සිට සැප්තැම්බර් 24 වැනිදා දක්වා පැවැත්වීමටයි නියමිතව ඇත්තේ. 2019 වසරෙන් පසුව පළමු වරට බාර්බඩෝස් හී දී මෙවර තරග පැවැත්වීමට නියමිතව තිබීම විශේෂත්වයක්. ඊට අමතරව ශාන්ත ලුසියා, ශාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස්, ටි්‍රනිඩෑඩ් ඇන්ඩ් ටොබෑගෝ හා ගයානා හී දී තරග පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ. ජැමයිකා තලවාස් කණ්ඩායම හා ශාන්ත ලුසියා කිංග්ස් කණ්ඩායම අතර ශාන්ත ලුසියා හී දී පැවැත්වෙන තරගයත් සමග 2023 කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රීකට් තරගාවලිය ආරම්භ වීමට නියමිතයි. අවසන් වටයේ තරග හා අවසන් මහා තරගය සැප්තැම්බර් 19 වැනිදා සිට 24…

තව කියවන්​න

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා පොලිස් ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාශය හමුවේ අද පෙනී සිටියේ නැහැ. පාස්කු ප්‍රහාරය පිළිබද ඔහු සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අද ඔහු පොලිස් ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාශය හමුවට කැදවා තිබුණා. කෙසේ වෙතත් හිටපු නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වීම සදහා ඔහුගේ නීතිඥ දිමිත්‍රි අබේසේකර මහතා එම කොට්ඨාශය හමුවේ පෙනී සිටියා.

තව කියවන්​න

පළාත් පාලන ඡන්ද විමසීම අපේ්්‍රල් 25 වන දා ද පැවැත්විය නොහැකි බව දැනුම් දී තිබෙනවා. දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරින් විසින් ගැසට් නිවේදනයක් මගින් මේ බව දන්වා ඇති බව සදහන්. එම ගැසට් නිවේදනය අප්‍රේල් 11 වන දා නිකුත් කර තිබුණා. මේ අතර මැතිවරණය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද අදහස් පළ කළා. ඔහු සදහන් කළේ මැතිවරණය පැවැත්වෙන නිශ්චිත දිනයක් ප්‍රකාශ කිරීමට රජය අපොහොසත් වී ඇති බවයි.

තව කියවන්​න

රෝහල්වල හිගව පවතින ඖෂධ වර්ග 60 ක් පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීම සදහා ප්‍රතිපාදන ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එහි අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසුවේ මේ වන විට මෙරට පවතින ඖෂධ හිගය ක්‍රමයෙන් පහව යමින් ඇති බවයි.

තව කියවන්​න

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු ඉදිරි දින කිහිපය ඇතුළත සිදු කිරීමට අවධානය යොමුව ඇති බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා. එම සම්මේලනය පැවසුවේ තම ඉල්ලීම්වලට ආණ්ඩුවෙන් සුභවාදී ප්‍රතිචාරයක් ලැබෙමින් පවතින බවයි. මේ අතර ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාර්ලිං මහතා ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. මේ අතර අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේ ඇතැම් අන්තවාදි කණ්ඩායම් පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීම පමා කරමින් සිටින බවයි.

තව කියවන්​න

චීනයේ බීජිං අගනුවර රෝහලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් තිබෙනවා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි විදෙස් වාර්තා පවසන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස චීන බලධාරින් නියෝග කර තිබෙනවා. චීනයේ රෝහල්වල ගිනි ගැනීමේ සිදු වීම් වාර්තා වීම අතිශය දුර්වල බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

කරන්දෙණිය යුධ හමුදා සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තු කදවුරේ රාජකාරීයේ නිරත වූ සෙබලුන්ට නිකුත් කළ ටී-56 ගිනි අවි 36 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. පසුගිය 14 වන දා එම ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීම සම්බන්ධයෙන් මෙලෙස එම ගිනි අවි පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පැවසුවේ. පසුගිය 14 වනදා යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට තවත් යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර පළා ගොස් තිබුණා. එහිදි තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගත කිරීමෙන් පසු මිය ගිය අතර යතුරු පැදියේ ගමන් කරමින් සිටි කුඩා දරුවන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්…

තව කියවන්​න

දේශීය සංචාරකයින්ට අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීම තහනම් බව ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්ම දින්න හිමියන් පවසනවා. කෙසේ වෙතත් විදේශීය සංචාරකයින්ට සිරිපා කරුණා කිරීමට කිසිදු තහනමක් නොමැති බවද උන්වහන්සේ පැවසුවා. ඒ අනුව සිරිපා කරුණාවට නව නීති සම්පාදනය කළ යුතු බවයි උන්වහන්සේ දැනුම් දෙන්නේ. දේශීය සංචාරකයින් පරිසරය විනාශ කරමින් කටයුතු කරන බව ද පූජ්‍ය බෙංගමුවේ ධම්ම දින්න හිමියන් සදහන් කළා.

තව කියවන්​න

දිස්ත්‍රික්ක 8 කට උණුසුම් කාලගුණය පිළිබද අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අනුරාධපුර, කුරුණෑගල, කිලිනොච්චි, වව්නියාව, මුලතිව්, මන්නාරම, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සදහා මෙම නිවේදන බලාත්මක බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ. මේ හේතුවෙන් රෝගී පුද්ගලයින් සහ වැඩිහිටියන් අවදානය යොමු කිරීම වැදගත් බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. මේ ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න මහතා. මේ අතර අධික උෂ්ණත්වයත් සමග ආඝාතය සහ හෘද රෝග ඇති වීමේ දැඩි අවදානමක් පවතින බව රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමයේ ප්‍රජා සෞඛ්‍ය ලේකම් වෛද්‍ය සේනක ගමගේ මහතා පවසනවා. මේ හේතුවෙන් එළිමහනේ රාජකාරී සිදුකරන සියලු පුද්ගලයින් ප්‍රවේශම් විය යුතු බවයි…

තව කියවන්​න

හෙට්ටිපොළ, මූණමල්දෙණිය – කටුපොත මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කටුපොත දෙස සිට මූණමල්දෙණිය දෙසට ධාවනය වූ ලංගම බස් රථයකින් පාසල නිම වී පැමිණි එම සිසුවා බසයෙන් බැස බස් රථයට පිටුපසින් පාර මාරු වීමට යාමේදී මූණමල්දෙණිය දෙස සිට කටුපොත දෙසට ධාවනය වූ ලොරි රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලිසිය සදහන් කළේ. අනතුරෙන් ජීවිතක්ෂයට පත් සිසුවා 11 හැවිරිදි වියේ පසුවන වලව්වත්ත අනුක්කන්හේන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර එම සිසුවා මොරගනේ මහා විද්‍යාලයේ 6 වන වසරේ ඉගෙනුම ලබන බවද පොලිසිය සදහන් කළා. අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර හෙට්ටිපොල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

තව කියවන්​න