- කොළඹ දිස්ත්‍රික්කයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මෙම මස 09 වැනිදා
- ශ්‍රී පාද වන්දනාවේ පැමිණි බැතිමතෙකු මියයයි
- දුම්රිය කිහිපයක ආසන වෙන් කිරීමේ පහසුකම ඉවතට
- වෛද්‍යවරුන් රට හැර යාමේ අවධානමක්
- මහින්ද රාජපක්ශ සහ ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්
- ජනාධිපති සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයින් අතර හමුවක්
- මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අත්අඩංගුවට
- කොළඹ ලෝටස් පාර වැසෙයි
Author: accioAdmin
කොළඹ නගරයේ බහු මහල් රථගාල් 4 ක් ඉදිකරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසනවා. කොළඹ නගරයට හා තදාසන්න නගරවලට දිනපතා පැමිණෙන වාහන හේතුවෙන් ඇතිවන මාර්ග තදබදය අවම කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවයි එම අමාත්‍යාංශය පැවසුවේ. රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ දායකත්වය මත මෙම රථගාල් ඉදිකිරීමට නියමිතයි. කොළඹ ටෙලිකොම් ආයතනය ඉදිරිපිට පැරණි මත්ස්‍ය වෙළදපොල සහ නාරාහේන්පිට යන ප්‍රදේශවල මෙම රථගාල් ඉදිකිරීමට නියමිත බවයි නාගරික සංවර්ධන අමාත්‍යාංශය පැවසුවේ.
තමන්ට ලබා දී ඇති ස්ථාන මාරුවීම නීතියට පටහැනි බව ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. අජිත් රෝහණ මහතා, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියක් මගින් දැනුම් දී ඇත්තේ අදාළ ස්ථානමාරු වීම නීතියට පටහැනි බැවින් එය ක්‍රියාත්මක කිරීමට තමා බැඳී නොමැති බවයි. අදාළ ස්ථානමාරු වීම් සිදු කිරීමට නීතියෙන් බලය ඇත්තේ පොලිස් කොමිෂන් සභාවට වන බවත්, අමාත්‍යාංශ ලේකම්වරයාට එම මාරුවීම් සිදු කිරීමට කිසිදු බලයක් නොමැති බවත් අජිත් රෝහණ මහතා සිය ලිපිය මගින් දැනුම් දී තිබෙනවා. එමෙන්ම අජිත් රෝහණ මහතා ඇතු`ඵ ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 7 දෙනෙකුට ඊයේ දින ස්ථානමාරුවීම් ලබා දී තිබුණා. එම සියලු ස්ථානමාරුවීම් නීත්‍යානුකූල ක්‍රමවේදයට අනුව සිදුකළ බවයි ආරක්ෂක අමාත්‍ය ටිරාන්…
දිවයින පුරා ඩෙංගු රෝගීන් වාර්තා වීම සීග්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. කීට විද්‍යා නිලධාරින්ගේ සංගමය පැවසුවේ වැඩිම ඩෙංගු රෝගින් ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බවයි. වර්ෂාපතනය මෙන්ම උෂ්ණත්වය ඉහළ යාම ඩෙංගු වර්ධනය වීමට හේතු වී තිබෙනවා. 2017 වසරෙන් පසු 2023 වර්ෂයේ විශාල ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තාවන බවට සංඛ්‍යාලේඛන තහවුරු කර ඇති බවයි කීට විද්‍යා නිලධාරින්ගේ සංගමය පැවසුවේ. මේ අතර අද සිට මැයි මස 02 වන දා දක්වා විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට බස්නාහිර පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
කඩිනමින් සාකච්ඡාවක් ලබා දෙන ලෙස ඉල්ලමින් විශ්ව විද්‍යාල අචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ ක්‍රියාවලියට තම සාමාජිකයින් සහභාගි වන්නේ ජනාධිපතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් පසුව බවයි එහි මාධ්‍ය ප්‍රකාශක චාරුදත්ත ඉලංගසිංහ මහතා පැවසුවේ. මේ අතර විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ඉල්ලා ඇති බදු සහන ඉල්ලීමට විසදුම් ලබා දිය හැක්කේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන සැසියෙන් අනතුරුව බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසනවා. ජූලි සහ සැප්තැම්බර් මාසවලදී මෙම සැසි පැවැත්වන බව ඔහු පැවසුවා.
නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත කරන ලද සමීක්ෂණයකට අනුව “මයින්ඩ් ෆුල්නස් ඉන් පේන් ඉන්ග්ලිෂ්” යන කෘතිය ලොව පුරා තිබෙන බෞද්ධ භාවනා කෘති අතරින් ප්‍රධානතම කෘතිය ලෙස නම් කර තිබෙනවා. එම කෘතිය රචනා කරන ලද්දේ මහාචාර්ය අග්‍ර මහා පණ්ඩිත හෙනේපොල ගුණරතන ස්වාමින් වහන්සේ විසිනුයි. උන්වහන්සේ අමෙරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේ ප්‍රධාන සංඝනායක ලෙස කටයුතු කරන අතර අමෙරිකා එක්සත් ජනපදයේ “වෙස්ට් වර්ජිනියා” භාවනා මධ්‍යස්ථානාධිපති ලෙසද කටයුතු කරනු ලබනවා. දැනට 95 වන වියේ පසු වන උන්වහන්සේ විසින් රචිත මෙම කෘතිය භාෂා 30 කට අධික ප්‍රමාණයකට ලොව පුරා පරිවර්තනය කර ඇති අතර මෙම කෘතිය අමෙරිකාවේ වසර 10 ක් පුරා හොදම විකුණුම් කෘති අතරට ද නම් කර…
යාපනය, කන්කසන්තුරේ සහ ඉන්දීය කරේයිකාල් අතර ආරම්භ කිරීමට නියමිතව තිබූ මගී බෝට්ටු සේවය කල් දමා තිබෙනවා. ඉන්දියාවේ ඉල්ලිමක් මත මැයි මස 15 වන දා දක්වා මෙම බෝට්ටු සේවය කල් දමා ඇති බව සදහන්. මෙම බෝට්ටු සේවාව පවත්වාගෙන යාම සදහා ආගමන විගමන නිලධාරින් සහ රේගු නිලධාරින් සේවයේ යෙදවීමට අවශ්‍ය ගොඩනැගිලි සහ සෙසු පහසුකම් සපයා ගැනීමට තවත් කාලයක් අවශ්‍ය බැවින් එය කල් දැමීමට සිදු වූ බවයි ඉන්දියාව දැනුම් දෙන්නේ. මේ සේවය මේ මස 29 වන දා ආරම්භ කිරීමට නියමිතව තිබුණා.
පොලිසියේ සිටින නිලධාරින් සෑම අවස්ථාවකම නීතිගරුක විය යුතු බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා. එමෙන්ම ඇතැම් පොලිස් නිලධාරින් වැරදිකරුවන්ගේ ගොදුරක් බවට පත් වන බවද ඔහු අවධාරණය කළා.
රාමසාන් උත්සවය වෙනුවෙන් මුස්ලිම් පල්ලි ආශ්‍රිතව ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශයක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පැවසුවේ මුස්ලිම් ජනතාව බහුලව වෙසෙන පළාත්වල එම ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක බවයි. පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට සහ ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරිවරුන්ට මේ සම්බන්ධයෙන් උපදෙස් නිකුත් කර ඇති බව ද ඔහු පැවසුවා. එමෙන්ම රාමසාන් උත්සවය ලබන 23 වන දා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. මේ, ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශයක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා.
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් විදුලිබල අමාත්‍යාංශය විදුලි වෘත්තිය සමිති නියෝජිතයින් දැනුවත් කර තිබෙනවා. විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් සියලු වෘත්තිය සමිති කැදවා අදාළ ක්‍රියාවලිය සම්බන්ධයෙන් නිශ්චිත පැහැදිලි කිරීමක් සිදු කළ බවයි විදුලිබල අමාත්‍යාංශය පැවසුවේ. විදුලියල ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තිය සමිති 31 ක නියෝජිතයින් මෙම සාකච්ඡාව සදහා සහභාගි වී තිබෙනවා.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදු වී අදට වසර 4 ක් සපිරෙනවා. එම බෝම්බ ප්‍රහාරවලින් මියගිය ජනතාව සිහි කිරීමේ වැඩසටහනක් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී මේ වන විට පැවැත්වෙනවා. ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය ඇතු`ඵ තානාපතිවරුන් සහ ආගමික නායකයින් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටිනවා. එහිදි අදහස් පළ කරමින් ඕමල්පේ සෝභිත හිමියන් සදහන් කළේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණය ඉටු නොවන්නේ නම් ජාත්‍යන්තරයට යා යුතු බවයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222