- සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
- ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
- රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
- බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට
- බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට
- සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
- ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
- රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට
Author: accioAdmin
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දක්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරු එකසිය දෙදෙනකුට එරෙහිව විනය පියවර නොගැනීමට තීරණය කර තිබෙනවා. එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම් මහතා සඳහන් කලේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන තුරු මෙම තීරණය කල් දැමු බවයි. මෙවර ජනාධිපතිවරණයේදී පක්ෂයේ අපේක්ෂකයාට විරුද්ධව කටයුතු කරන මන්ත්‍රිවරුන්ට එරෙහිව විනය පියවර ගෙන ඔවුන් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට පොහොට්ටු පක්ෂයේ දේශපාලන මණ්ඩලය පසුගියදා තීරණය කළා. මේ අවස්ථාවේ තම පක්ෂයේ වැඩි අවධානයක් යොමුකර ඇත්තේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා දිනවීමට අදාළ කටයුතු සඳහා බවත්, පක්ෂය හැරගිය මන්ත්‍රිවරුන්ට විරුද්ධව නිසි වේලාවට විනය පියවර ගෙන ඔවුන් ඉවත් කරන බවයි මහ ලේකම්වරයා සඳහන් කලේ.
වෙඩි ප්‍රහාරයකට ලක්ව රෝහල් ගත කර සිටි ජනප්‍රිය ගායන ශිල්පිනි කේ .සුජීවා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ ආයතනයක් විවෘත කිරීමට පැමිණි අවස්ථාවේ නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු සිදුකළ වෙඩි ප්‍රහාරයකින් ගායන ශිල්පිණී කේ. සුජීවා ඇතුළු සිව්දෙනෙකු තුවාල ලැබු අතර සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකු මිය ගියා. ඒ අනුව තුවාල ලැබූ කේ සුජීවා කලක් කොළඹ ජාතික රෝහලෙත් පසුව පෞද්ගලික රෝහලකත් නේවාසිකව ප්‍රතිකාර ලැබූ අතර මේ වන විට නිවසට ගොස් තිබෙනවා. මේ වන විට ඇය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව සඳහන් .
විදුහල්පති සේවයට බඳවා ගැනීමේදී හා උසස්වීම්වලට අදාළව මෙතෙක් පැවති සිංහල හා දෙමළ මාධ්‍ය විභාගවලට අමතරව ඉංග්‍රීසි මාධ්‍යයෙන්ද විභාග පැවැත්වීමට අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. නව ක්‍රමයට අනුව විදුහල්පති සේවයට බඳවා ගැනීමේ ප්‍රථම විභාගය මෙම වසර අවසානයට පෙර පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ. කෙසේ වෙතත්, මේ වන විටද විදුහල්පති සේවයේ තුන්වැනි ශ්‍රේණියේ පුරප්පාඩු සංඛ්‍යාව 1800ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.
තීරු බදු නොගෙවා නීතිවිරෝධීව මෙරටට ගෙන ආ ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගණක තොගයක් රාජසන්තක කර තිබෙනවා. ගුවන්තොටුපල අප වාර්තාකරු සඳහන් කලේ ඩුබායි සිට මෙරටට පැමිණි ගුවන් මගීන් තිදෙනෙකු විසින් මෙම ජංගම දුරකථන සහ ලැප්ටොප් මෙරටට රැගෙනවිත් තිබු බවයි. ඔවුන් සිය ගමන් මලු තුළ සඟවා මෙම ජංගම දුරකථන 36 සහ පරිගණක 6 පිටතට ගෙන යමින් සිටිය දී කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් ඔවුන්ව සිය භාරයට ගෙන තිබුනා.. අත්අඩංගුවට ගත් තිදෙනා වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබුණු අතර, එහිදී රේගු පරීක්ෂණයක් සිදුකිරීමෙන් පසු ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගණක රාජසන්ත කිරීමට පියවර ගෙන…
ත්‍රිකුණාමලයේ සිට පුල්මුඩේ දක්වා වූ මුහුදු තීරයේදී රතු කකුලු පැටවුන් දහස් ගණනක් මියගොස් වෙරළ තීරයට ගොඩ ගසා තිබෙනවා. හදිසියේම රතු කකුලු පැටවුන් මේ අන්දමට මියයාමට හේතුවක් නිශ්චය වශයෙන් හදුණා ගෙන නැහැ. මේ තත්ත්වය ක්‍රමයෙන් මුලතිව් මුහුදු වෙරළ දිශාවටද ලගා විය හැකි බැවින් මේ සිද්ධිය සම්බන්ධයෙන් ධීවර දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇති බවයි ධීවර පරීක්ෂක නිලධාරීන් සදහන් කරන්නේ. දැනට එම කලාපයේ රතු කකුලු පැටවුන් මිලියනයක පමණ ප්‍රමාණයක් මියගොස් ඇති බවයි එම වාර්තා සදහන් කරන්නේ.
ජාතික අවම වේතනය රුපියල් 17,500 ක් සහ ජාතික අවම දෛනික වේතනය රුපියල් 700 ක් දක්වා වැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා. මීට අදාළ පනත් කෙටුම්පත ඉදිරියේදී සම්මත කිරීමට නියමිත බව සඳහන්. ජාතික අවම දෛනික වේතනය මීට පෙර රුපියල් 500ක් ව පවතී අතර ජාතික අවම වේතනය පැවතුණේ 12,500ක් ලෙසයි.
එළැඹෙන ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ මහත්මිය සඳහන් කලා. අද උදෑසන කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළා
මැතිවරණ නීතිය පිළිබඳ පොලිස් ස්ථානාධිපතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් දැනුවත් කිරීම ආරම්භ කරීමට නියමිතයි. අද දිනයේ උතුරු, උතුරු මැද සහ දකුණු පළාත්වල නිලධාරීන් සඳහා අදාළ දැනුවත් කිරීම් සිදු කිරීමට නියමිත බව සඳහන්. මෙය අදියර කිහිපයක් යටතේ සිදු කිරීමටයි සැලසුම් කර ඇත්තේ. මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සහ පොලීසියේ නීති අංශයේ නිලධාරීන් එක්ව එම දැනුවත්කිරීම සිදු කරනු ඇති.
මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙකු හංවැල්ල පොලීසිය මගින් අත්අඩගුවට ගෙන තිබෙනවා. අගෝස්තු 06 වනදා හංවැල්ල පොලිස් වසමේ තුම්මෝදර කුමාරි ඇල්ලට යන මාර්ගයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධ වලින් පහරදී ඝාතනය කර තිබුනා. එම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින් අනතුරුව ඝාතනයට සම්බන්ධ එක් අයෙකු වරකාපොලදී අත්අඩංගුවට ගැනීමට හංවැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් සමත් වුනා. ඔහුගෙන් කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී මෙම අපරාධයට ආධාර අනුබල ලබාදුන් අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
2024 ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 08ක් මේ වන විට ලැබී තිබෙන බව පොලිස් මාධ්‍ය ඒකකය පවසනවා. ඒ අනුව මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 03ක් සහ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 05ක් ලැබී තිබෙන බවයි එම ඒකකය සඳහන් කරන්නේ. මේ අතර මැතිවරණය සම්බන්ධව පැමිණිලි 68ක් තමන්ට ලැබී තිබෙන බව පැෆ්රල් සංවිධානය පවසනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222














