හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න මහතා සැප්තැම්බර් මස 10 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ පොල්ගහවෙල මහේස්ත්‍රාත් පී.පී.ජේ ප්‍රනාන්දු මහතා අද(27) නිකුත් කළ නියෝගයකට අනුවයි.
2010 අගෝස්තු 26 හෝ ඊට ආසන්න දිනකදි අලව්ව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන කුරුණෑගල රෝහලේ නවතා සිටි පුද්ගලයකු දෑස් බැඳ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමක් සම්බන්ධ නඩුවකට එවකට නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කල හිටපු නාවික හමුදාපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන පසුගිය ජූලි 28 පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජූලි 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.
ජූලි 30 වනදා පොල්ගහවෙල මහේස්ත්‍රාත් පී පී ජේ ප්‍රනාන්දු වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්තු 27 දින නැවත නඩුව කැඳවන බවත් එදිනට සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් බන්ධනාගාරයට නියෝග කර තිබුණා.
ඒ අනුව අද (27) හිටපු නාවික හමුදාපතිවරයා ඇතුළු සැකකරුවන් 11 දෙනෙකු අධිකරණය හමුවේ පෙනි සිටි අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.