Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට

    2026-03-05

    දික්ඔය රෝහලේ මෘතදේහයක් දූෂණය කිරීමේ සිද්ධියේ මූලික විමර්ශන ගැන සෑහිමකට පත්වෙන්න බෑ

    2026-03-05

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-03-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට
    • දික්ඔය රෝහලේ මෘතදේහයක් දූෂණය කිරීමේ සිද්ධියේ මූලික විමර්ශන ගැන සෑහිමකට පත්වෙන්න බෑ
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • මිලක් නොමැතිකමින් ගොවීන් බඩඉරිඟු ඇට විකිණීම නවතලා
    • මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
    • කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
    • ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
    • පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, මාර්තු 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » “AI හඳුන්වා දීමට පෙර ආරක්ෂණ නීති සම්පාදනය කළ යුතුයි.” -අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත

    “AI හඳුන්වා දීමට පෙර ආරක්ෂණ නීති සම්පාදනය කළ යුතුයි.” -අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත

    2024-04-04කියවීමට මිනිත්තු 2ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ලොව දියුණු රටවල කෘත්‍රීම බුද්ධිය හඳුන්වා දීමට පෙර එමගින් උද්ගත විය හැකි අයහපත් ප්‍රතිඵල වලක්වාගැනීමේ පූර්ව සූදානමක් ලෙස අදාළ නීති රීති සම්පාදනය කරන බවත් අප ද ඒ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පාසල් දරුවන් මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුම්වත් කිරීම හරහා මාර්ග අනතුරු සිදු වන්නට පෙර වලක්වා ගැනීමේ අපේක්ෂාවෙන් පළ කර ඇති මාර්ග ආරක්ෂණ පදක්කම් වැඩසටහනට අදාළ ශිෂ්‍ය අත්පොත් හා ගුරු මාර්ගෝපදේශ අත්පොත් මෙන් ම උපදෙස් සංග්‍රහය එළි දැක්වීමේ වැඩසටහනකට එක් වෙමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී ය.

    දිනකට පාසල් දරුවන් 196,000ක් නගරගත වන අධික ජනඝනත්වයක් සහිත කොළඹ නගරය ආශ්‍රිත ව දිවයිනේ වෙනත් ප්‍රදේශවලට සාපේක්ෂ ව පාසල් දරුවන් මාර්ග අනතුරුවලට මුහුණපෑමේ අවදානම සැලකිය යුතු ලෙස ඉහළ අගයක් ගන්නා බව මෙහි දී සඳහන් කළ සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙම ඛේදජනක තත්වය වෙනස් කිරීම සඳහා කඩිනම් පියවර ගත යුතු ව ඇති බවත් ඒ සඳහා මෙවැනි මාර්ග ආරක්ෂණ වැඩසටහන් මහඟු‍ පිටුබලයක් වන බවත් පැවසී ය. ඒ අනුව ප්‍රවාහන හා මහාමාර්ග රාජ්‍ය අමාත්‍යාංශයේ මාර්ග ආරක්ෂණ සභාව හා ඒකාබද්ධ ව ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන රැසක සහයෝගය මත සිසු දැනුම්වත්කරණය ඇතුළු මෙම මාර්ග ආරක්ෂණ වැඩසටහන් අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂය සමගාමී හා මාර්ගෝපදේශන ශාඛාව හරහා ක්‍රියාවට නංවන බව ද ඒ මහතා ප්‍රකාශ කළේ ය. වර්තමානයේ පාසල්වල විෂය සමගාමී හා විෂය බාහිර ක්‍රියාකාරකම්වලට පවත්නා උද්‍යෝගය අඩු වී යාමේ ප්‍රවණතාවක් පවතින පසුබිමක එම තත්වය මගහරවා ගැනීමට උත්සුක වෙමින් විෂය සමගාමී ක්‍රියාකාරකමක් ලෙස මෙම වැඩසටහන් දියත් කර මාර්ග අනතුරු සිදු වීමට පෙර ඒවා වලක්වා ගැනීමට ක්‍රියාත්මක වීම මෙම වැඩසටහනේ මුඛ්‍ය අරමුණ වන බව ද කී අමාත්‍යවරයා දිවයිනේ සමස්ත පාසල් පද්ධතියෙන් පාසල් 7,000කට අධික ප්‍රමාණයක මෙම පාසල් මාර්ග ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාවට නංවන බව ද පැවසී ය. එහි දී පාසල තුළ හා පාසලෙන් පිටත මෙන් ම පාසල ඉදිරිපස දී ද පොලිස් නිලධාරීන් සමග සහයෝගයෙන් ක්‍රියාත්මක වෙමින් ම මෙම අනතුරු වලක්වා ගැනීමේ පූර්ව ක්‍රමවේද ක්‍රියාත්මක කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

    ආශ්‍රීත පුවත්:  අද කාලගුණය
    Sri Lanka
    පෙර පුව​තපොදුජන පෙරමුණේ පා.ම.නන්දසේන අභාවප්‍රාප්ත වෙයි
    ඊළඟ පුව​ත “ජනපතිගේ වැඩපිළිවෙල වෙනස් කළොත් රට යළි අවධානමට.”-ඇමති බන්දුල

    සබැ​ඳි පුවත්

    මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට

    දික්ඔය රෝහලේ මෘතදේහයක් දූෂණය කිරීමේ සිද්ධියේ මූලික විමර්ශන ගැන සෑහිමකට පත්වෙන්න බෑ

    අද දවසේ කාලගුණ තත්ත්වය

    මිලක් නොමැතිකමින් ගොවීන් බඩඉරිඟු ඇට විකිණීම නවතලා

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට

    2026-03-05

    දික්ඔය රෝහලේ මෘතදේහයක් දූෂණය කිරීමේ සිද්ධියේ මූලික විමර්ශන ගැන සෑහිමකට පත්වෙන්න බෑ

    2026-03-05

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-03-05

    මිලක් නොමැතිකමින් ගොවීන් බඩඉරිඟු ඇට විකිණීම නවතලා

    2026-03-05
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group