සමස්ත සමාජයම ආවරණ වන පරිදි රට පුරා විෂ මත්ද්‍රව්‍ය ගැටලුව විසදීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.
විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීම පොලිසිය ඇතුළු ආරක්ෂක අංශයන්ට පමණක් කළ නොහැකි තත්ත්වයකට පත්ව තිබීම හේතුවෙන් මත්ද්‍රව්‍ය නිවාරණය සදහා ජාතික සභාවක්, ජනාධිපතිවරයාගේ සභාපතිත්වයෙන් ආරම්භ කරන බවයි අමාත්‍යවරයා සදහන් කලේ.
අමත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ පැවති විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන”රටම එකට ජාතික මෙහෙයුම” වැඩසටහනෙහි ගම්පහ දිස්ත්‍රික් මෙහෙයුම් සභාව පිහිටුවීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින්













