
බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් මිල සුළු වෙලාවකට පහත වැටීමෙන් පසු නැවතත් අමෙරිකානු ඩොලර් 90 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව, එය මේ වනවිට බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක් ඩොලර් 92ට ඉහළින් වෙළඳාම් වන අතර, WTI බොර තෙල් බැරලයක මිල ඩොලර් 85ට ඉහළින් වෙළඳාම් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මාසය ආරම්භයේදී බ්‍රෙන්ට් බොර තෙල් ඩොලර් 71.57කට සහ WTI බොර තෙල් ඩොලර් 68.58කට වෙළඳාම් වී තිබෙනවා.














