
එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින යුද ගැටුම් තාවකාලිකව නැවැත්වීමෙන් පසු බොරතෙල් මිල 5% කින් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල 5.21% කින්ද, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 4.92% කින් පහළ ගොස් ඇති බව සඳහන්. මර්බන් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 9.44%කින් පහළ ගොස් ඇති අතර, එහි නව මිල අමෙරිකානු ඩොලර් 97.05 ක් වන බවයි වාර්තා වන්නේ.














