වසර 20 ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කිරීමට එරෙහිව, හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ නීතිඥයින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කර තිබෙනවා.
2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් බෝඩ් 11,000ක් මිලදීගෙන ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ස.තො.ස ආයතනයේ හිටපු සභාපති සහ හිටපු වෙළඳ ඇමති නලීන් රුවන්ජීව ප්‍රනාන්දු යන අය එම චෝදනාවලට වරදකරු කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පසුගියදා නියෝග කළා.
ඒ අනුව හිටපු වෙළඳ ඇමති නලීන් ප්‍රනාන්දු මහතාට බරපතල වැඩ සහිත වසර 25ක සිර දඬුවම් නියම කළ අතර, හිටපු ඇමති මහින්දානන්ද අලුත් ගමගේ මහතාට බරපතල වැඩ සහිත වසර 20ක සිරදඬුවම් නියම කළා.
ඊට අමතරව දඩ මුදල්ද නියම කර තිබුණා.