
අලවතුගොඩ, බටුගොඩ ප්රදේශයේදී පස් කන්දකට යටවී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
නිවසක් ඉදි කිරීම සඳහා කපා තිබූ ගෙපළක බේස් වළක් කපමින් සිටියදී, පස් කන්ද කඩාවැටී ඇති බවයි දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ. අනතුරින් පසු ඔහු ඉන් මුදාගෙන අකුරණ රෝහලට රැගෙන ගියද, ඒ වන විටත් මියගොස් සිට තිබෙනවා. මෙසේ මරණයට පත්ව ඇත්තේ අවුරුදු 49ක් වූ අලවතුගොඩ ප්රදේශයේම පදිංචිකරුවෙක් බවද පොලීසිය වැඩි දුරටත් සදහන් කළා.














