
අමෙරිකාවේ නිව්යොක්හි කොනි දූපත් ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් කුඩා ළමුන් ඇතුළු 08 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූවන් අතර අවුරුදු 06, 07, 12 සහ 14 යන වයසවල පසුවන ළමුන් සිව්දෙනෙකු සිටින බව සඳහන්. එරට වේලාවෙන් ඊයේ රාත්‍රී 10.30ට පමණයි මෙම වෙඩි තැබීම සිදුව තිබුණේ. කෙසේවෙතත් වෙඩි තැබීමට හේතුව මේ වන තෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් සොයා පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.














