ආපදාවෙන් බලපෑමට ලක්වූ පවුල් අතුරින් වැඩිම ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.
කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 86,147කට අයත් පුද්ගලයින් 330,443ක් ආපදාවෙන් බලපෑමට ලක්ව ඇති බවයි එම නිවේදනයේ දකිවා ඇත්තේ.
මීට අමතරව මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 80,375කට අයත් පුද්ගලයින් 287,364ක්පීඩාවට පත්ව තිබෙනවා.
එමෙන්ම පැවැති ආපදා තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ 640ක් සිදුව තිබෙනවා.
මින් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 234ක්.
දෙවැනියට වැඩිම මරණ ප්‍රමාණයක් වන මරණ 90 ක් වාර්තා වී ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයෙන් .
එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මරණ 89ක්ද, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මරණ 61ක්ද, පුත්තලම දිස්ත්‍රික්කයෙන් මරණ 36වාර්තා වී තිබෙනවා.
උණුසුම් පුවත්
- ලොරි යතුරුපැදි අනතුරෙන් යතුරුපැදිකරුට බරපතලයි
- මහවත්තේදී ගේමක් දෙන්න සෙට් කළ දෙදෙනෙක් අල්ලයි
- එළුවා බේරාගැනීමට ගිය දරුවාට වූ දේ
- සතුන්ට ඇද්ද උගුලට තමන්ම කොටු වෙයි
- අද දවසේ කාලගුණ තත්ත්වය
- මාළු ලොරියක ගැටුණු තරුණයාට අත්වූ ඉරණම
- අනුරපුර නිවසක ගින්නට හසු වූ තවත් දරුවෙක් මරුට
- මොනරාගලින් අඹේවෙලට ආ ලොරිය මහ මග පෙරළෙයි













