අම්බුළුවාව ප්‍රදේශය ආශ්‍රිතව ඉදිකෙරෙන මෙරට ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතියේ කටයුතුවලට අනිසි ලෙස මැදිහත්වීම් සිදුකිරීම හෝ බාධා කිරීම් සිදුකිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය ගම්පොළ ප්‍රාදේශීය ලේකම්වරිය වෙත රිට් ආඥාවක් නිකුත් කර තිබෙනවා.
ඊට අමතරව ගම්පොළ ප්‍රාදේශීය ලේකම්වරිය විසින් රුපියල් ලක්ෂයක නඩු ගාස්තුවක් පෙත්සම්කරුට ගෙවිය යුතු බවටත් එම නියෝගයේ සඳහන්
අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන රාජගිරිය ප්‍රදේශයේ පිහිටි ඇම්බර් ඇඩ්වෙන්චර් පුද්ගලික සමාගම විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක තීන්දුව දෙමින් අභියාචනාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා මෙම නියෝග ප්‍රකාශයට පත් කර තිබුණා.
පෙත්සම්කාර සමාගම අභියාචනාධිකරණයට සිය පෙත්සම ඉදිරිපත් කරමින් සඳහන් කර තිබුණේ, අම්බුළුවාව ප්‍රදේශය ආශ්‍රිතව කේබල් කාර් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සියලු රාජ්‍ය ආයතන අනුමැතිය ලබා දී ඇති බවයි.
උණුසුම් පුවත්
- ෆයිනස් ගස් ප්‍රවාහනය කළ ලොරි රථයක් ප්‍රපාතයකට පෙරළෙයි
- මැතිසබයේ මුල් පුටුවල වෙනසක්
- නව දිල්ලි පිපිරුමට ලෝක නායකයන්ගේ ශෝකය
- ජලය මත පාවෙන අපද්‍රව්‍ය එකතු කිරීමට රොබෝ යන්ත්‍රයක්
- සංචාරකයින් මුලා කරපු තිදෙනෙකු කොටු
- දිල්ලි පිපිරීමෙන් මියගිය ගණන ඉහලට
- පොලිස් විශේෂ මෙහෙයුම් වලින් පුද්ගලයින් 693ක් අත්අඩංගුවට
- ශ්‍රී ලංකා පාකිස්ථාන සංචාරය අද සිට ඇරඹෙයි










