ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් 27 වැනි වරට සංවිධානය කරනු ලබන ජනාධිපති අපනයන සම්මාන උළෙල 2025 දෙසැම්බර් මස 11 වැනි දා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දීයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සම්මාන උත්සවය පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.
අපනයන ක්ෂේත්‍රයට සහ ආර්ථික ප්‍රගමනයට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ශ්‍රී ලාංකික අපනයනකරුවන් වෙත ජනාධිපතිතුමන් විසින් පිරිනමනු ලබන උසස්ම සම්මානය ජනාධිපති අපනයන සම්මානය වනවා.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ජනාධිපති අපනයන සම්මාන ප්‍රදාන වැඩසටහන 1981 වර්ෂයේ දී ආරම්භ කරන ලද අතර මේ දක්වා සම්මාන උළෙල 26ක් සංවිධානය කොට තිබෙනවා.
	උණුසුම් පුවත්
	
				- පද්මෙ සමග සබඳතා පැවැත්වූ නිළියන් ගැන ප්‍රකාශයක්
- ඉන්ධන මිල සංශෝධනයෙන් වෙච්චි දේ
- කුච්චවේලි ප්‍රාදේශීය සභා සබාපති සහ තවත් අයෙක් අල්ලස් දැලේ පැටෙලයි
- බැකෝ සමන්ගේ බිරිඳට ඇප
- ෂි ජින් පිං සහ ට්‍රම්ප් හමුවෙයි
- වැල්ලවාය මහේස්ත්රාත්වරයාගේ වැඩ තහනම්
- ජාතික සෞඛ්‍ය සංවර්ධන කමිටුව රැස්වෙයි
- ළමුන්ගේ උග්‍ර මන්දපෝෂණය තත්වයේ අඩුවක්





 


 







 
								