බදුල්ල මහියංගණ ප්රධාන මර්ගයේ ගමන් කරමින් තිබූ යතුරුපැදියක් ඊයේ (14 දා) අලුයම 2.15ට පමණ කරමැටිය බලගොල්ල 28 වැනි කිලෝමීටර් කණුවට නොදුරු ස්ථානයක දී සුනකයකුගේ ඇඟේ ගැටී සිදුවූ අනතුරින් තුවාල ලබා සිටි යතුරුපැදිකරු මීගහකිවුල ප්රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ බේකරි නිවස, කරමැටිය බදුලුඔය කන්දකැටිය යන ලිපිනයේ පදිංචි කෝරළගේ මිලින්ද මදුමාල් නමැති 26 හැවිරිදි තරුණයෙකි.
මීගහකිවුල ප්රදේශයේ සිට කරමැටිය ප්රදේශයේ තම නිවසට පැමිණෙමින් සිටියදී මොහු අනතුරට මුහුණපා ඇත. අනතුරින් තුවාල ලැබූ තරුණයා මීගහකිවුල ප්රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව
මියගොස් තිබේ. අනතුර සිදුවූ ස්ථානයේ සුනඛයා ද මියගොස් ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි.
යතුරුපැදියට සුළු අලාභහානි සිදුවී ඇත.
අනතුර සම්බන්ධයෙන් කන්දකැටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.