බටහිර පාසිෆික් සාගර කලාපයේ පිහිටි මරියානා ආගාධයේ ගැඹුරුම ස්ථානය ලෙස හදුන්වනු ලබන චැලෙන්ජර් ඩීප් කලාපය ගවේෂණය සදහා ජපානය සූදානම් වෙමින් සිටින බව ජපන් මාධ්‍ය වාර්තා කරනවා.
එම චැලෙන්ජර් ඩීප් ආගාධ කලාපය තුල මීටර 11,000 ක් ගැමුර අධ්‍යනය කළ හැකි මිනිසුන් රහිත ගවේශණ යන්ත්‍රයක් මේ වන විට නිර්මාණය වෙමින් පවතින බවයි එම මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේ.
මෙම ව්‍යාපෘතිය ජපානයේ සමුද්‍ර-පෘථිවි විද්‍යා හා තාක්ෂණ ඒජන්සිය විසින් මෙහෙයවනු ලබනවා.
මෙම ගවේශණය තුලින් ජීවයේ මුල් සම්භවයන්ගේ ආරම්භය සාගර පතුලේ ජල තාප වාතාශ්‍ර තත්ත්වයන් අධ්‍යන කිරීමට නියමිතව තිබෙනවා.
එමෙන්ම අනාගතයේ ඇති විය හැකි විනාශකාරී භූ කම්පන සහ සාගර අගල් නිරීක්ෂණය සදහා අවශ්‍ය වන සාම්පල රැස් කර ගැනීමද මෙම නව ගවේශණ යන්ත්‍රය මගින් සිදු කිරීමට ජපානය සූදානම් වී සිටිනවා.
සැලසුම් කර ඇති පරිදි 2027 වර්ශයේ දී මෙම යන්ත්‍රය අත්හදා බැලීමට නියමිත බවයි ජපන් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේ.