දුම්රිය හරස් මාර්ගවල සිදුවන අනතුරුවලින් බහුතරයක් සිදුව ඇත්තේ අණාරක්ෂිත ක්‍රමවේද සහිත දුම්රිය හරස් මාර්ගවල බවට කෝප් කමිටුවේ දී අනාවරණය වී තිබෙනවා.
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පසුගියදා කැඳවූ අවස්ථාවේ දී මේ බව අනාවරණය වී ඇති බවයි වාර්තා වුනේ.
එම කමිටුවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා දුම්රිය හරස් මාර්ගවල සිදුවන අනතුරු සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තු නිළධාරීන්ගෙන් විමසීමක් සිදු කර තිබුණා.
ඊට ප්‍රතිචාර දැක්වූ දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසුවේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක් පමණ මෙරට පවතින බවයි.
උණුසුම් පුවත්
- අබාධ සහිත පුද්ගලයින්ගේ අයිතීන් වෙනුවෙන් වන සම්මුතියේ 18 සැසිය දා
- අමෙරිකාව තුල සිටින නීති විරෝධි සංක්රමනිකයින් අත්අඩංගුවට
- මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත මීළඟ කැබිනට් මණ්ඩලයට
- කෘෂි අස්වැන්න රැගෙන යන මාර්ග සංවර්ධනය කිරීම ඇරඹෙයි
- ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්
- භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
- සිමෙන්ති මිල ඉහළට ?
- කල් ඉකුත් වූ බෙහෙත් අලෙවි කළ ෆාමසි හිමිකරුට ලැබුණු දඬුවම