ගාල්ල, අක්මීමන, වැවේගොඩවත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. අද අලුයම යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු මිලිමීටර් නවය වර්ගයේ ගිනි අවියකින් නිවසකට වෙඩි තබා පළා ගොස් ඇති බව පොලීසිය සඳහන් කළා. මෙම වෙඩි තැබීමෙන් කිසිවෙකුට තුවාල සිදුව නොමැති බවයි වාර්තා වන්නේ. අදාළ නිවස හිමි පුද්ගලයා මිදිගම ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක විධායක ශ්‍රේණියේ රැකියාවක නිරත වන අතර ඔහු මීට දින කිහිපයකට පෙර එහි සේවකයෙකුගේ ගැටලුවක් හේතුවෙන් සේවයෙන් ඉවත් කර ඇති බව සඳහන්. අදාළ සේවකයා විසින් ඔහුට දුරකථන ඇමතුම් ලබා දී මීට පෙර තර්ජනය කර ඇති බව ද පොලීසිය පවසනවා. කෙසේ වෙතත් එම පුද්ගලයා විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ. ගාල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණයට යටතේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරෙනවා.
උණුසුම් පුවත්
- ජින්තුපිටියේ වෙඩි තැබීමක් – අයෙක් මරුට – දරුවන් දෙදෙනෙකුට තුවාල
- සමගි කෘත්‍යාධිකරි මණ්ඩලයට එක්වූ අලුත් මුහුණු
- තෛපොංගල් දා දැරියක් දූෂණය කළ සැකකරු අත්අඩංගුවට
- විදේශිකයන් පිරිසක් ගමන්ගත් වාහනයක් අනතුරට ලක්වෙයි
- ශ්‍රී ලංකාවේ කෘෂි ක්ෂේත්රයේ ආයෝජනයට මැලේසියානුවන් දෙදෙනෙක් දිවයිනට
- පේරාදෙණිය සරසවියේ සිසුන්ට පහරදුන් හතරක් රක්ෂිත බන්ධනාගාරයට
- නීති විරෝධී බීඩි කොළ තොගයක් අත්අඩංගුවට
- ඩුබායිහිදී ඇල්ලූ අපරාධ කල්ලි සාමාජිකයන් දෙදෙනො සහ කාන්තාව දිවයිනට













