Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පන්දුව තෝරාගනියි

    2026-02-16

    හැටන් අධිකරණයේ නීතිඥවරු කළු කොඩි ඔසවයි

    2026-02-16
    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    අදත් ප්‍රදේශ කිහිපයකටම වැසි

    2026-02-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පන්දුව තෝරාගනියි
    • හැටන් අධිකරණයේ නීතිඥවරු කළු කොඩි ඔසවයි
    • අදත් ප්‍රදේශ කිහිපයකටම වැසි
    • පසමිතුරන්ගේ සටනින් ඉන්දියාවට ජය
    • වත්තලින් ජීව උන්ඩ තොගයක් හමු වෙයි
    • විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා – ඔස්ටේ්‍රලියා තරගය අද
    • මහාචාර්්‍ය තිස්ස විතාරණට ජනපති අවසන් ගෞරව දක්වයි
    • සාමාන්‍ය පෙළ අපේක්ෂකයින්ට විශේෂ දැනුම් දීමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, පෙබරවාරි 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් රුපියල් මිලියන 53ක්

    ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් රුපියල් මිලියන 53ක්

    2025-12-10කියවීමට මිනිත්තු 3ක් ගතවේ.354 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පසුගිය දිනවල මෙරටට බලපෑ හදිසි ආපදා තත්ත්වය හමුවේ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇති වී තිබෙන හානි පිළිබඳවත් කාර්ය මණ්ඩලයට ඇතිවී තිබෙන දුෂ්කරතා පිළිබඳවත් සොයා බැලීමට මෙන්ම එම දුෂ්කතරාවලට කඩිනමින් විසඳුම් ලබාදීමේ අරමුණින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඊයේ(09) නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ නිරීක්ෂණයක නිතරව තිබෙනවා.

    එහිදී ආපදා තත්ත්වය හේතුවෙන් නුවරඑළිය නව රෝහලේ ප්‍රධාන ගොඩනැගිලි සංකීර්ණයට සිදුව ඇති යැයි සැලකෙන හානි සහ අවදානම් තත්ත්වය පිළිබඳත් අවදානමට ලක්වූ පැරණි රෝහලේ මාතෘ හා ළමා ඒකකය, පිලිකා සහ අනෙකුත් සායන ඒකක පිළිබඳත්, ජල ගැලීම්, නායයාම් සහ පස් කඩා වැටීම් හේතුවෙන් මහල් හතරකින් යුත් ගොඩනැගිලි සංකීර්ණ දෙක්ක ඇතුළුව විශේෂ වෛද්‍ය, වෛද්‍ය, හෙද නිල නිවාස අටක් පත්ව ඇති අවදානම් තත්ත්වයන් මෙන්ම සම්පූර්ණයෙන් විනාශයට පත්ව ඇති නේවාසිකාගාර පිළිබඳත් ලේකම්වරයාගේ අවධානය යොමුව තිබෙනවා.

    එම සියලු ස්ථාන වොත ගොස් නිරීක්‍ෂණය කළ ලේකම්වරයා සියලු අභියෝගාත්මක තත්ත්වයන් කළමනාකරණය කර ගනිමින් ඉදිරි කටයුතු සැලසුම් සහගතව සිදු කිරීමට අවශ්‍ය උපදෙස් රෝහල් පාලන අධිකාරිය වෙත ලබාදුන් බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ.
    මෙම නිරීක්‍ෂණ අවස්ථාවට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ව්‍යුහාත්මක ඉංජිනේරුවන් ද එක්ව තිබෙනවා.

    නිරීක්ෂණයෙන් අනතුරුව රෝහල් පාලන අධිකාරිය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ව්‍යුහාත්මක ඉංජිනේරුවන් සහ විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද කාර්ය මණ්ඩල සමග විශේෂ සාකච්ඡාවක්ද රෝහල් ශ්‍රවණාගාරයේදී පවත්වා තිබෙනවා.

    මෙම හදිසි ආපදා තත්ත්වයට ප්‍රධාන වශයෙන් රෝහල් තුනක් ගොදුරු වූ බවත් ජල සැපයුම ප්‍රවාහනය සහ දුරකථන පහසුකම් දින හතරක් පමණ කාලයක් ඇණහිට තිබූ අවස්ථාවක නුවරඑළිය රෝහලේ රෝගී ජීවිත ආරක්ෂා කර ගනිමින් ව්‍යසනය හමුවේ විකල්ප ක්‍රමවේද අනුගමනය කරමින් අඛණ්ඩව රෝගී ප්‍රතිකාර සේවා පවත්වාගෙන යාමට අධ්‍යක්ෂවරයා ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය කටයුතු කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම්වරයා රෝහල් අධ්‍යක්ෂවරයා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයට මෙහිදී සිය ස්තුතියද පුද කර තිබෙනවා.

    ආපදා තත්ත්වය හමුවෙි නේවාසිකාගාරවලට හානි සිදුවීම හේතුවෙන් නේවාසිකව සිටි රෝහල් කාර්ය මණ්ඩල මුහුණදෙන නේවාසික ගැටළුවට ඉදිරියේ දී කඩිනම් විකල්ප විසඳුම් ලබාදීමට පියවර ගන්නා බවත්, නේවාසිකව සිටි කාර්ය මණ්ඩල පිරිසක් රෝහල තුළ තවමත් රැදී සිටිමින් රාජකාරී සිදූ කරන බව ද අවධාරණය කර තිබෙනවා.

    මෙම අභියෝගාත්මක කාලය තුළ රෝහලට සිදුව ඇති හානි ප්‍රතිස්ථාපනය කරන ආකාරය පිළිබඳත්, සෞඛ්‍ය අමාත්‍යංශය ඒ සඳහා ගනු ලබන තීන්දු තීරණ පිළිබඳවත් ඉදිරි කාලවකවානු තුළ මෙවැනි ව්‍යසනවලට මුහුණදීමට රෝහල ශක්තිමත් කිරීම පිළිබඳවත් වැඩි අවධානයක් යොමු කළ බව ද ලේකම්වරයා එහිදි පවසා තිබෙනවා.

    රෝහල සඳහා අවශ්‍ය හදිසි මුල්‍ය අවශ්‍යතා සපුරාලීමට සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රතිපාදන ලබාදීමට කටයුතු කරන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය රුපියල් මිලියන 53 ක් මුල්‍යාධාර ලබා දී ඇති බව ද ලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

    රෝහලේ විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය සහ හෙද නිලනිවාස තුළ නේවාසිකව සිටි කාර්ය මණ්ඩල එම නේවාසිකාගාර වලින් ඉවත් කිරීමට මේ වන විට පියවර ගෙන ඇති අතර, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පිඨයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉංජිනේරු අංශයේ නිලධාරීන් ආපදාවෙන් පසු රෝහලේ වත්මන් තත්ත්වය පරික්ෂාවට ද ලක් කරමින් තිබෙනවා.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් (සැළසුම්) එස්. ශ්‍රීධරන්, නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසුරිය, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පිඨයේ ව්‍යූහාත්මක ඉංජිනේරු සුරංග කරුණානායක ඇතුළු නිලධාරීන්, විශේෂඥ, වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු කාර්ය මණ්ඩල එක්ව තිබෙනවා.

    පෙර පුව​තආන්දෝලනාත්මක ග්‍රීක බැඳුම්කර නඩුවෙන් කබ්රාල් නිදහස් !
    ඊළඟ පුව​ත ටෙලිෆෝන් කණුවල කේබල් කපලා මාට්ටුවෙයි

    සබැ​ඳි පුවත්

    කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පන්දුව තෝරාගනියි

    හැටන් අධිකරණයේ නීතිඥවරු කළු කොඩි ඔසවයි

    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    අදත් ප්‍රදේශ කිහිපයකටම වැසි

    පසමිතුරන්ගේ සටනින් ඉන්දියාවට ජය

    වත්තලින් ජීව උන්ඩ තොගයක් හමු වෙයි

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා – ඔස්ටේ්‍රලියා තරගය අද

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පන්දුව තෝරාගනියි

    2026-02-16

    හැටන් අධිකරණයේ නීතිඥවරු කළු කොඩි ඔසවයි

    2026-02-16
    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    අදත් ප්‍රදේශ කිහිපයකටම වැසි

    2026-02-16

    පසමිතුරන්ගේ සටනින් ඉන්දියාවට ජය

    2026-02-16
    ක්‍රීඩා පුවත්

    කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පන්දුව තෝරාගනියි

    2026-02-16

    පසමිතුරන්ගේ සටනින් ඉන්දියාවට ජය

    2026-02-16

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා – ඔස්ටේ්‍රලියා තරගය අද

    2026-02-16
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group