අනුරාධපුර දිස්ත්‍රිකයේ, කහටගස්දිගිලිය ප්‍රාදේශිය ලේකම් බලප්‍රදේශයේ පිහිටි, රත්මල්ගහවැව ප්‍රාදේශීය රෝහලට ප්‍රතිකාර ලබාගැනීමට නන්දෙසින් පැමිණෙන රෝගීන් හට මේ දිනවල එම රෝහලේ ඖෂධවේදියෙකු නොමැතිකමින් රජයෙන් නොමිලේ ලබා දෙන ඖෂධ ලබාදීම නවතා දමා ඇති බව රෝගීන් පවසනවා.
රෝහලේ වෛද්‍යවරුන් දෛනිකව රෝගීන් පරික්ෂා කර ලබාදෙන ඖෂධ ලැයිස්තුව රෝගීන්හට පුද්ගලික ඖෂධ හල්වලින් විශාල මුදලක් වැයකර ලබාගැනීමට සිදුව ඇති බවත් මුදල් නොමැතිකමින් රජයේ රෝහලෙන් ඖෂධ ලබා ගැනීමට පැමිණෙන රෝගීන් එම හේතුවෙන් දැඩි ලෙස පීඩාවකට පත්ව ඇති බවත් ඔවුන් සඳහන් කරනවා.
මෙම තත්වය හේතුවෙන් රෝහලේ සායනවලට පැමිණි ඇතැම් රෝගීන්ට මුදල් නොමැතිකමින් අසරණ වී බෙහෙත් තුන්ඩුව පමණක් රැගෙන හිස් අතින්ම ගෙදර යාමටද සිදුව ඇති බවඳ ඔවුන් සඳහන් කරනවා.
සෞඛ්‍ය බලධාරින් මෙලෙස අහිංසක රෝගීන් පීඩාවට පත් නොකර කඩිනමින් මෙම රෝහලට ඖෂධවේදියෙකු ලබා දී රෝහලේ ඖෂධහල විවෘත කරදෙන ලෙසට රෝගීන් බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා.
එම ගැටලුව පිළිබඳ අප රත්මල්ගහවැව ප්‍රාදේශිය රෝහලෙන් විමසීමක් කළා.
මෙම රෝහලේ මීට පෙර ඖෂධවේදීයෙකු සිට ඇති අතර මීට දින 04ට පෙර එම ඖෂධවේදීයා විශ්‍රාම යාමත් සමග ඇති වූ පුරප්පාඩුව මත මෙලෙස රෝහලේ ඩිස්පැනිසරිය වසා දැමීමට සිදුව ඇති බව එහිදී රෝහල් ප්‍රකාශකයෙකු කියා සිටියා.













