ලෝක කෙරටකෝනස් දිනය සෑම වර්ෂයකම නොවැම්බර් මස අද (10) දිනට යෙදී තිබෙනවා. එම දිනයට සමගමීව කෙරටකෝනස් රෝගී තත්ත්වය පිළිබදව ජනතාව දැනුවත්කිරීමේ අරමුණින් විශේෂ මාධ්‍ය සම්මන්ත්‍රණයක් අද පෙරවරුවේ කොළඹ ජාතික අක්ෂි රෝහල් ශ්‍රවණාගාරයේ දී පවත්වා තිබුනා .
ලෝක කෙරටකෝනස් දිනය 2016 වර්ෂයේ දී ජාත්‍යන්තර දිනයක් ලෙස නම්කර ඇති අතර, මෙරට දී එම දිනය සමරනු ලැබූ පළමු අවස්ථාව මෙය වේ.
කෙරටකෝනස් (Keratoconus ) යනු කෝනියාව හෙවත් ස්වච්චය යන ව්‍යුහයට බලපාන අක්ෂි රෝග තත්වයක් වන අතර මෙහි දී කෝනියාවේ සාමාන්‍ය උත්තල හැඩයෙන් මිදී ඉදිරියට නෙරා ඒම සිදුවේ. මෙම රෝග තත්වය කල්තියා හඳුනා ගැනීම ඉතා වැදගත් වන අතර පෙනිමේ දුර්වලතා ඇත්නම් කඩිනමින් අක්ෂි පරීක්ෂාවක් සදහා යොමුවිය යුතුය.
යන අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන් මෙම විශේෂ මාධ්‍ය සම්මන්ත්‍රණයේ දී කෙරටකෝනස් රෝගයේ ලෝක තත්ත්වය සහ මෙරට තත්ත්වය, ප්‍රතිකාර ක්‍රමවේදයන්, දැනුවත්වීම් ඇතුළුව කරණු රාශියක් පිළිබදව අදහස් ඉදිරිපත් පලකළා .










