ළිදක් කපන මුවාවෙන් නිධානයක් ගොඩ දැමීමට උත්සාහ කළ කාන්තාවක් ඇතුළු 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මාදම්පේ – මනක්කුලම ප්‍රදේශයේදී ඊයේ සවස මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.
කැනීම් කටයුතු සිදු කළ ඉඩමේ හිමිකාරීණිය,මන්ත්‍රාචාර්යවරයෙක්,ඔහුගේ සහායකයෙක්,බැකෝ යන්ත්‍ර ක්‍රියාතරුවෙක් සහ ට්‍රැක්ටර් රථ රියදුරෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් සහ සැකකාරිය ජා ඇල – ඒකල සහ මාදම්පේ – මනක්කුලම පදිංචිකරුවන්.