Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මතීෂ හෙට ස්කෑන් පරීක්ෂාවකට

    2026-02-16

    ගින්නකින් බරපතල තුවාල ලැබූ මවක් සහ දියණියක් රෝහලට

    2026-02-16

    වන අලි ප්‍රහාරයකින් විදේශිකයෙක් මරුට

    2026-02-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මතීෂ හෙට ස්කෑන් පරීක්ෂාවකට
    • ගින්නකින් බරපතල තුවාල ලැබූ මවක් සහ දියණියක් රෝහලට
    • වන අලි ප්‍රහාරයකින් විදේශිකයෙක් මරුට
    • ජනපති හෙට ඉන්දියාවට
    • කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
    • IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය දිවයිනට
    • කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පන්දුව තෝරාගනියි
    • හැටන් අධිකරණයේ නීතිඥවරු කළු කොඩි ඔසවයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, පෙබරවාරි 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කහවත්ත ඇවිලෙයි… ගම්වාසීන් සහ පොලිසිය අතර ගැටුම් – පිරිසක් අත්අඩංගුවට

    කහවත්ත ඇවිලෙයි… ගම්වාසීන් සහ පොලිසිය අතර ගැටුම් – පිරිසක් අත්අඩංගුවට

    2025-07-03කියවීමට මිනිත්තු 3ක් ගතවේ.92 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පසුගිය 30 වැනිදා රත්නපුර කහවත්ත ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වූ 22 හැවිරිදි ඉමන්ත සුරන්ජන් නමැති තරුණයාගේ අවසන් කටයුතු අද(03) පස්වරුවේ කහවත්ත ඇන්දාන පලන්සූරියගම පවුලේ සුසාන භූමියේදී සිදු කෙරුණා.

    එහිදී ගම්වාසීන් සහ පොලිසිය අතර දැඩි උණුසුම්කාරී තත්ත්තවයක් හට ගත් බවයි වී නිව්ස් කහවත්ත වාර්තාකරු කියා සිටියේ.

    ඇති වූ නොසන්සුන්තාවය පාලනය කිරීම සඳහා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවා තිබෙනවා.

    එහිදී පොලිසිය ගම්වාසීන් වෙත කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර ගම්වාසීන්ගේ ප්‍රහාර හේතුවෙන් පොලිස් රථ කිහිපයකටද හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

    ජීවිතක්ෂයට පත් තරුණයාගේ අවසන් කටයුතු සිදු කෙරුණු අද දිනයේදී ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා පොලිසියේ 150ක් පමණ යොදවා තිබූ බවයි වී නිව්ස් වාර්තාකරු කියා සිටියේ.

    කෙසේ වෙතත් අවසන් කටයුතු නිමවීමෙන් පසුව නිවෙස් වෙත යමින් සිටි ගම්වාසීන් සහ පොලිසිය අතර ගැටුමක් හටගෙන තිබෙනවා.

    ඝාතන සිද්ධියට පෙර මැදිහත් වන ලෙස පොලිසියට ඉල්ලීම් කළද ඊට ප්‍රතිචාරයක් නොදැක්වූ පොලිසියේ ආරක්ෂාවක් තරුණයාගේ ඝාතනයෙන් පසුව පොලිස් ආරක්ෂාවක් අවශ්‍ය නැති බවයි ගම්වාසීන් පවසා ඇත්තේ.

    එහිදී පොලිසිය සහ ගම්වාසීන් අතර බහින් බස්වීමක් හටගෙන ඇති අතර ගම්වාසීන් පිරිසක් පොලිසියට ගල්මුල්වලින් පහරදී ඇති බවයි වාර්තා වන්නේ.

    සිද්ධියෙන් අනතුරුව පොලිස් කණ්ඩායම් ප්‍රදේශයෙන් ඉවත්වීමත් සමග කලහකාරීව හැසුරුණු ප්‍රදේශවාසීන් ඝාතනය සිදු කළ බවට චෝදනා එල්ල වී තිබෙන පුද්ගලයාගේ නිවස දෙසට පා ගමනින් යාමට සූදානම්ව තිබෙනවා.

    ඒ අනුව එම පිරිසේ ගමන නැවැත්වීමට පොලිස් කැරළි මර්දන කණ්ඩායම් උත්සාහ කර ඇති අතර එම අවස්ථාවේදී ද ගම්වාසීන් සහ පොලිසිය අතර යළි ගැටුමක් හටගෙන තිබෙනවා.

    කෙසේ වෙතත් ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පලන්සූරියගම අමිත් නමැත්තාගේ නිවස ඉදිරිපිටට ගම්වාසීන් රැස්ව තිබෙනවා.

    එහිදී ද යළි කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර කිසියම් අයෙක් එම අවස්ථාවේදී ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි අමිත් නමැත්තාගේ නිවසේ නවතා තිබූ ත්‍රීරෝද රථයකට ගිනි තබා ඇති බවයි වාර්තා වන්නේ.

    ආශ්‍රීත පුවත්:  විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සමග සගා අල්ලයි - Video

    මෙම ගැටුම්වලින් පොලිසියේ සහ ගම්වාසීන් කිහිප දෙනෙක් සුළු තුවාල ලබා ඇති අතර තුවාල ලැබූවන් අතර පොලිස් කාන්තාවක්, නිලධාරීන් තිදෙනෙක් සහ ප්‍රදේශවාසී කාන්තාවක් ඇතුළු තවත් දෙදෙනෙකු වන බවයි පොලිසිය පවසන්නේ.

    සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් කිහිප දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර තුවාල ලැබූවන් කහවත්ත රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

    ජුනි මස 30 වන දින රාත්‍රී කහවත්ත, බුංගිරිය, පලන්සූරියගම ප්‍රදේශයේ නවසක සහෝදරයන් දෙදෙනෙකු සහ තවත් තරුණයකු සමග කතාබහ කරමින් සිටියදී අදාළ තරුණයන් මෙම සිදුවීමට මුහුණ පා තිබෙනවා.

    එහිදී පොලිසිය ලෙස පෙනී සිටිමින් පැමිණි කණ්ඩායමක් විසින් තරුණයන් දෙදෙනෙක් පැහැරගෙන ගොස් ඇති අතර එහි සිටි එක් සහෝදරයෙක් පැනගොස් සැඟවීම හේතුවෙන් බේරී ඇති බවයි වාර්තා වන්නේ.

    එලෙස පැහැරගෙන යනු ලැබූ තරුණයන් දෙදෙනා ප්‍රදේශයේ පාළු ප්‍රදේශයකට රැගෙන ගොස් දෑත්වලට මාංචු දමා වෙඩි තබා ඇති අතර එම වෙඩි ප්‍රහාරයෙන් 22 හැවිරිදි ඉමන්ත සුරන්ජන් නමැත්තා ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනෙක් තරුණයාගේ පාදයකට වෙඩි වැදී තිබෙනවා.

    මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලබාදීමේ සිද්ධියක් හේතුවෙන් මෙම තරුණයා ඝාතනයට ලක්ව ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනු ලබන අතර සිද්ධිය වන අවස්ථාවේ කහවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු පොලිස් නිලධාරියා මේ වන විට වහාම ක්‍රියාත්මක වන පරිදි යාපනය පොලිස් කොට්ඨාසය වෙත මාරු කර යවා තිබෙනවා.

    සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පුද්ගලයා සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් යොමුව ඇති බවයි වාර්තා වන්නේ.

    මේ අතර අවසන් කටයුතු සිදු කිරීමෙන් පසු ඇති වූ තත්ත්වය සැලකිල්ලට ගනිමින් ප්‍රදේශයේ ආරක්ෂාවට අමතර පොලිස් කණ්ඩායම්ද කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

    Imantha Suranjan kahawatta ඉමන්ත සුරන්ජන් පොලිස් විශේෂ කාර්ය බලකාය
    පෙර පුව​තමහරගම අපේක්ෂා රෝහලට පස් මහල් ළමා වාට්ටු සංකීර්ණයක්
    ඊළඟ පුව​ත අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් සුරා බදු දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක්

    සබැ​ඳි පුවත්

    මතීෂ හෙට ස්කෑන් පරීක්ෂාවකට

    ගින්නකින් බරපතල තුවාල ලැබූ මවක් සහ දියණියක් රෝහලට

    වන අලි ප්‍රහාරයකින් විදේශිකයෙක් මරුට

    ජනපති හෙට ඉන්දියාවට

    කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය දිවයිනට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මතීෂ හෙට ස්කෑන් පරීක්ෂාවකට

    2026-02-16

    ගින්නකින් බරපතල තුවාල ලැබූ මවක් සහ දියණියක් රෝහලට

    2026-02-16

    වන අලි ප්‍රහාරයකින් විදේශිකයෙක් මරුට

    2026-02-16

    ජනපති හෙට ඉන්දියාවට

    2026-02-16
    ක්‍රීඩා පුවත්

    මතීෂ හෙට ස්කෑන් පරීක්ෂාවකට

    2026-02-16

    කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-02-16

    කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පන්දුව තෝරාගනියි

    2026-02-16
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group