නව වන පාර්ලිමේන්තුවේ සිව් වන සැසිවාරය ආරම්භ කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සහාවට සහ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට සාමාජිකයින් නම් කර තිබෙනවා.
පාර්ලිමේන්තුව අද රැස්වූ අවස්ථාවේදී මෙම නම් ප්රකාශයට පත් කළ බවයි කථා නායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් නිවේදනය කළේ.
කථා නායකවරයා සභාපතීත්වය දරණ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව සාමාජිකයින් 20 දෙනෙකුගෙන් සමන්විතයි.
එමෙන්ම රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට සාමාජික මන්ත්රීවරුන් 18 දෙනෙකු ද ඇතුළත් කර තිබෙනවා.