අමෙරිකාවේ බටහිර වෙරළ තීරයේ විශාලම තෙල් පිරිපහදුවක් වන ඇන්ජලීස් හි චෙව්රොන් පිරිපහදුවේ දැවැන්ත ගින්නක් හටගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කලේ අමෙරිකා වේලාවෙන් ඊයේ රාත්‍රියේ මෙම ගින්න හටගෙන ඇති බවයි.
තෙල් පිරිපහදුවේ ගිනිදැල් සැතපුම් ගණනක් දුර ඉහළ අහසේ දර්ශනය වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ගින්නට හේතුව මෙතෙක් හෙළි වී නොමැති අතර, පිපිරීමක් පිළිබඳ වාර්තාවීමත් සමග ගිනිනිවන භටයින් පිරිපහදුවට කඩිනමින් පැමිණ ගිනිනිවීම් කටයුතු ආරම්භ කර තිබුණා.
කෙසේ වෙතත් මහජන ආරක්ෂාවට ක්ෂණික තර්ජනයක් නොමැති වුවත්, ජනතාවට ගෘහස්ථව රැඳී සිටින ලෙසයි දැනුම්දී ඇත්තේ .
මෙම පිරිපහදුව දළ වශයෙන් වර්ග කිලෝමීටර් 3.9ක ප්‍රදේශයක් ආවරණය කරනු ලබනවා .
එහි කිලෝමීටර් 1,770කට වඩා දිග නල මාර්ග පද්දතියක් තිබෙන බවයි එරට මාධ්‍ය වාර්තා කලේ.
1911 වසරේ සිට ක්‍රියාත්මක මෙම පිරිපහදුවෙන් දිනකට බොරතෙල් බැරල් දෙලක්ෂ අනු දහසක් පිරිපහදු කිරීමේ හැකියාවක් පවතිනවා .