විපක්ෂයේ දේශපාලන පක්ෂවල එකතුවෙන් විශේෂ සාකච්ඡාවක් හෙට දිනයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
හිටපු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ
විපක්ෂයේ දේශපාලන පක්ෂවල එකමුතුවක් නිර්මාණය කිරීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවද විපක්ෂයේ දේශපාලන නියෝජිතයින් සඳහන් කලා.
පසුගිය සතියේදී ද හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතාගේ නිවසේදී මීට අදාළ සාකච්ඡාවක් පවත්වා තිබුනා.
කෙසේවෙතත් එම සාකච්ඡාවේ දිගුවක් ලෙසයි මෙම සාකච්ඡාව පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ