වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
මොරවැව වැව් රක්ෂිතයේදී මෙලෙස එම පුද්ගලයාට වන අලියා පහර දී ඇති බවයි පොලිසිය පවසන්නේ.
වන අලියා පහරදීම හේතුවෙන් මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු පනස් තුනක් පමණ වූ මිද්දෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මියගිය පුද්ගලයා මොරවැව රක්ෂිතයේ මී කැඩීමට ගොස් සිටියදී මෙම වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
මොරවැව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.